Google search engine
Home ගොසිප් පුවත් මුහුණු පොතේ චිකිත්සකයා වෙදැදුරුගේ පන්ලක්ෂයක රන් බඩු කොල්ල කාලා

මුහුණු පොතේ චිකිත්සකයා වෙදැදුරුගේ පන්ලක්ෂයක රන් බඩු කොල්ල කාලා

0
9

 

facebook-fake-incident

චිකිත්සකවරයකු සේවය සඳහා අවශ්‍ය බව පවසමින් අතුරුගිරියේ පාරම්පරික වෛද්‍යවරයා මුහුණු පොතේ පළකළ දැන්වීමට කොළඹදී හමුවූ ආගන්තුක පුද්ගලයා ඉකුත්දා (7) රාත්‍රී වෛද්‍යවරයාව උපක්‍රමශීලීව හැව්ලොක් ක්‍රීඩාංගණය සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණය අතර අඩි පාරට රැගෙන ගොස් පිරිසක් සමඟ එක්ව ගෙල සිරකර බඩට පිහියක් තබා මුදල් සහ දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි, නාරාහේන්පිට පොලිසිය කියයි.කොල්ලකන ලද දේපළ අතර රුපියල් 5,42,000 මණ වටිනා ඔහු පැලඳ සිටි ස්මාට් වර්ගයේ අත් ඔරලෝසුව, රිදී මාලය, මුදල් පසුම්බිය, මෝටර් රථයේ තිබූ පුෂ්පරාග ගල් අල්ලන ලද පවුම් දෙකක් පමණ බර රන් මුදුව හා රුපියල් 12,000 මුදලක් වන බව පොලිසිය සඳහන් කරයි.

පැමිණිලිකාර පාරම්පරික වෛද්‍යවරයා ඔහුගේ මුහුණු පොතේ දින කීපයකට ඉහතදී ඔහු පවත්වාගෙන යන ඖෂධ හලට භෞත චිකිත්සකවරයෙකු අවශ්‍ය බව ලිපියක් පළකර ඇති බව පොලිසිය කියයි.ඒ අනුව පුද්ගලයකු ඔහුට හමුවී ඇති අතර ඔහු පිළිබඳ විස්තර නොදන්නා අතර ඔහුගේ දුරකථන අංකය වෛද්‍යවරයා විසින් සටහන් කරගෙන තිබී ඇතැයි පොලිසිය කියයි.ප

ැමිණිලිකාර වෛද්‍යවරයා ඉකුත් 7 රාත්‍රී අටට පමණ පෞද්ගලික රෝහලකට පැමිණ එම කටයුත්ත අවසන් වීමෙන් පසු ඔහු සතුව තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු හමුවීම සඳහා හැව්ලොක් පාරේ ඉන්ධන හලක් අසලට පැමිණෙන ලෙස වෛද්‍යවරයාට පවසා තිබූ බව පොලිසිය කියයි.

වෛද්‍යවරයා – එම ස්ථානයට ඔහුගේ මෝටර් රථයෙන් ගිය අවස්ථාවේදී එම පුද්ගලයා මෝටර් රථය අසලට පැමිණ තමන්ගේ නිවස ඒ ආසන්නයේ බවත් මේ පිළිබඳ නිවසට ගොස් සාකච්ඡා කරමු යැයි පැවසීමෙන් අනතුරුව වෛද්‍යවරයාද ඊට එකඟ වී ඇති අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා වාහනය නිවස අසලට යා නොහැකි බැවින් වාහනය ඒ අසල නවතා පා ගමනින් යමු යැයි යෝජනා කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.ඊට එකඟවී තිබූ වෛද්‍යවරයා එම පුද්ගලයා සමග හැව්ලොක් සහ කෝල්ට්ස් ක්‍රීඩාණගනය අසල ඇති අඩි පාර දිගේ ගමන් කිරීමේදී ඉසිපතන විද්‍යාලය දෙසින් පැමිණි නාඳුනන හය දෙනකු පමණ ඔවුන් දෙදෙනා නවතාගෙන පැමිණිලිකාර වෛද්‍යවරයාගේ ගෙල සිරකර බඩට පිහිය තබා බියගන්වා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී වෛද්‍යවරයා හොඳටම බිය වී ඇති අතර තම ජීවිතයට කිසිවක් නොකරන ලෙසත් පවසා ඔහු සතු දේපළ ගන්නා ලෙසත් එම පුද්ගලයන්ට පවසා ඇතැයි පොලිසිය කියයි.ඒ අනුව එම පිරිස ඔහු සතුව තිබූ සියලුම දේපළ කොල්ලකා ඇති අතර

මෝටර් රථයේ යතුර ලබා ගත් එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනකු එම ස්ථානයෙන් පිටව ගොස් මඳ වේලාවකදී පැමිණ ඔහු වෙත මෝටර් රථයේ යතුර ලබා දී මෝටර් රථය එම ස්ථානයේ ඇති බව පවසා එම ස්ථානයෙන් පිටව යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයි.වෛද්‍යවරයා විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබූ පුෂ්පරාග ගල් අල්ලන ලද රන් මුදුව රුපියල් දොළොස්දහසක මුදල්ද කොල්ලකරුවන් රැගෙන ගොස් තිබූ බව පොලිසියට පැමිණිලි කර ඇත.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here