මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – Sri News දේශීය පුවත්

0
21

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත අත් බෝම්බ දෙකක් සමගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

කොල්ලය සදහා සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය සහ තියුණු ආයුධ කිහිපයක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here