#මුත්රා_ආසාදනයට #දිවේ_තුවාල_වලට #වාත_කැක්කුමට #බුරුල්ල_මාළුව …

0
4


#මුත්රා_ආසාදනයට
#දිවේ_තුවාල_වලට
#වාත_කැක්කුමට

#බුරුල්ල_මාළුව
🍀 🍀 🍀 🍀 🍀 🍀 🍀 🍀 🍀 🍀

බුරුල්ල දල්ල මාළුවක් ලෙස සකසා ගන්නා අතර බුරුල්ල ගෙඩි බෙරි මෙන් රසවත් කුරුල්ලන් පවා ප්‍රිය කරන පලතුරකි. බුරුල්ල යන නමින් මෙන්ම ගුරුල්ල යන නමින්ම හඳුන්වන මෙම පැළෑටිය දලු හා ගෙඩි ආහාර පිණිස ගත්තද නොදැනුවත්කම නිසා කැලේටම පරවී යයි. හිරු නොදුටු බුරුල්ල දළ ආහාරයට ගැනීම පුරාණ ගෘහණියගේ මුළුතැන් ගෙවල් වල පවා සිදු අතර බෙහෙත් වට්ටෝරුවල මෙම ශාකයේ පංචාංග සඳහන් වේ.

Leea indica යන උද්භිත කුලයට අයත් බොරුල්ලේ ශාකය Bandi coot bery යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. මීටර් එකත් පහත් අතර උසට හැදෙන බුරුල්ල ගස් ලඳු කැලෑවල බහුලව දක්නට ලැබේ. රෝග රැසකට ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්ය.

#පණු_රෝග සඳහා ගුණදායක වන අතර වට පණ රෝග නැසීමට බුරුල්ල දළු ආහාරයට ගනී.

#සියලුම_වාත_කැක්කුම් වලට ගුණදායකය. පංචාංගය තම්බා බීම සුදුසු ය.

#අතීසාර රෝගයට ගුණදායකය. අතීසාර රෝගය සුව වූ වහාම බුරුල්ල දල්ල තම්බා දිය හැකිය. උයා ආහාරයට දීමෙන් ආහාර ජීර්ණය ක්‍රමවත් වෙයි.

#ප්ලීහා_රෝගීන්ට ආහාර පිණිස ගැනීම සුදුසු වන අතර එම රෝගයට දෙන ඖෂධ වල අන්තර්ගත වේ.

#මුත්‍රා ආසාදනය ඇති විට තම්බා බීමට දීම සුදුසුය.

#මුඛයේ_තුවාල_වල හා දිවේ උල්ලෝගම් ඇති විට පංචාංගය තම්බා කට සේදීමෙන් වහා සහනය ලැබෙයි.

මෙම ශාකය මුත්‍රා කාරක ගුණය හා විසබීජ නාශක හා වාතය හා පිත නසන ගුණය ඇති බව කිව යුතුය.

#බුරුල්ල_දළු_මාළුව

හිරු නොදුටු බුරුල්ල දන්න හෙවත් දිග හැරෙන්නට පෙර නෙළාගත බුරුල්ල දළු ගොරකා කැබැල්ලක් දමා විනාඩි 10ක් පමණ තම්බා වතුර පෙරා මිරිකා ගත යුතුය.

තම්බා දිය හැරගත් දළු හීනියට ලියා හෝ ගලේ දමා අඹරා එයට රතුළූණු, අමු මිරිස්, උම්බලකඩ, තුන-පහ, මිරිස්කුඩු, කහකුඩු හා රම්පෙ කරපිංචා, දමා ඇඔුල් ලෙස සියඹලා හෝ ගොරකා කැබැල්ලක් දමා මිටිකිරි ස්වල්පයක් ද දමා පිස ගත හැකිය. අවසානයේ තෙලෙන් තෙම්පරාදු කර ගැනීමෙන් රස බත් රසවත් බව වැඩි වේ. මෙවැනි වස විසෙන් තොර ආහාර කෙරෙහි නූතන පරපුර සිහිපත් කර දීම අවශ්‍ය ය.

☘️☘️☘️ ☘️☘️☘️ ☘️☘️☘️ ☘️☘️

#උපදෙස්
යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳ කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය
චමරි වෛද්‍යරත්න.

#සටහන
අශ්විනි මිරිහැල්ල.(#අපි_ආයුර්වේද සමූහය වෙනුවෙන්)



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here