මීගොඩ වෙඩි තැබීම ඒ අසල පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුගේ ස්ථාන මාරුකිරීම දක්වා දුරදිග යයි! – Sri News

0
7

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 13 කොළඹ (LNW): ඊයේ (12) අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑමේ සිදුවීමට අදාළව, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය කියා සිටී.

සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (12) අලු‍යම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු එහි වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගොස් තිබුණි.

පොලිසිය සඳහන් කළේ , මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතල නොවන බවයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here