Google search engine
Home ගොසිප් පුවත් මිරිහාන ස්පා 7ක් වටලා කතුන් 28ක් අත්අඩංගුවට

මිරිහාන ස්පා 7ක් වටලා කතුන් 28ක් අත්අඩංගුවට

0
16

mirihana-brothel-raided

 ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දොළහක් වටලා, මුදලට අලෙවි වීම සදහා රැදී සිටි කාන්තාවන් විසිඅට දෙනකු ඇතුළු තිස්පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.මේ අතර, ස්පා මධ්‍යස්ථාන හතක රැඳී සිටි කළමනාකරුවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මිරිහාන පොලිස් වසමේ ස්ථාන රැසක ආයුර්වේද සම්බාහනය මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන ස්පා මධ්‍යාස්ථාන පිළිබඳව ප්‍රදේශ වාසීන්ගෙන් අවස්ථා කිහිපයකදී ලැබී තිබූ තොරතුරු වලට අනුව, මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා නුගේගොඩ අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදු කර තිබුණි.

මේ සඳහා කණ්ඩායම් දහයක නිලධාරීන් හතළිස් දෙනකු සහභාගි වී සිටි බව පැවැසේ.එම වැටලීමේ දී පිටකෝට්ටේ, බැද්දගාන, නුගේගොඩ, දෙල්කඳ, විජේරාම, නාවින්න, උඩහමුල්ල, ඇඹුල් ල්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගිය ස්පා මධ්‍යස්ථාන 12ක් පරීක්ෂාවට ලක් කළ අතර, එහි දී ආයුර්වේද සම්බාහනය මුවාවෙන් මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් 28 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ වැටලූ ස්ථාන කිහිපයක රැඳී සිට, අන්තර්ජාලය හරහා දැන්වීම පළ  කොට මෙම ස්පා මධ්‍යස්ථාන වලට පිරිමි පුද්ගලයන් ගෙන්වාගෙන ගණිකා වෘත්තියේ  යෙදුණු කාන්තාවන් ද සිටි බව පැවැසේ.මෙම ස්ථානවලට ඇතුළු වීම සඳහා රුපියල් දහසක මුදලක් අය කරන අතර, පැමිණෙන පුද්ගලයන්ට සපයන සේවාව අනුව රුපියල් 8,000 දක්වා අයකිරීම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර අනුරාධපුරය, රත්නපුර, අවිස්සාවේල්ල, නුවරඑළිය, ගලෙන්බිඳුණුවැව, පොළොන්නරුව, මාතලේ, නුවර ඇතුළු ප්‍රදේශ රැසක 18-45 අතර වයසේ පසු වන කාන්තාවන් සිටි බවත්, ඔවුන් කොළඹ ප්‍රදේශයේ සුපිරි ආයතනවල සේවය කරන බව නිවෙස්වලට පවසා, මෙසේ ස්පා මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ පිරිස ඊයේ (15) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here