මිඩ් රේන්ජ් එකේ කොම්පියුටරයක් තියෙන කෙනෙක්ට ගැලපෙන ගේම්ස් – Sri News

0
4

කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතුව අද කාලේ කවුරුත් ආස කරන විනෝදාංශයක් තමයි කොම්පියුටර් ගේම්ස් කියන්නෙ. කොල්ලෙක් නම් ඉතින් කොම්පියුටරයක් ගන්නෙම ගේමක් දෙකක් ගහන්න හිතේ තියාගෙනමයි. හැබැයි ඉතින් හැමෝටම ඔය ලොකු ලොකු ගේම්ස් වලට ගැලපෙන කොම්පියුටරයක් ගන්න අමාරුයි. විශේෂයෙන් අද වගේ කාලෙක කොම්පියුටර් ඇතුළුව සියළුම ඉලෙක්ට්‍රොනික් උපාංග වල මිල සෑහෙන වැඩි වෙලා තියෙන එක ඒකට සෑහෙන්න බලපාපු හේතුවක්. ඒ වගේම ගොඩක් අය ඩෙස්ක්ටොප් කොම්පියුටරයකට වඩා ලැප්ටොප් කොම්පියුටරයකට යොමු වෙනවා අනෙකුත් වාසි නිසා. ඒ නිසා කස්ටමයිස් කරන්න පුළුවන් හැකියාව සාපේක්ෂව අඩුයි ලැප් එකක. කොහොම උනත් දැන් මිඩ් රේන්ජ් එකක කොම්පියුටරයක් නම් හැම කෙනෙක් ගාවම තියෙනවා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් i3 වගේ ප්‍රොසෙසර් එකක් තියෙන, රැම් එක 4gb වගේ තියෙන, 1gb වගේ සාමාන්‍ය ග්‍රැෆික් කාර්ඩ් එකක් තියෙන කොම්පියුටරයක් තමයි මිඩ් රේන්ජ් එකේ කියල ගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් ඒ වගේ කොම්පියුටරයක ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම්ස් කිහිපයක් ගැන තමයි අද කතා කරන්නෙ. විශේෂයෙන් කොරෝනා නිසා ජීවිතේ එපා වෙලා ඉන්න කොයි කාටත් ගේමක් ගහල ජිවිතේ පොඩ්ඩක් රිලැක්ස් කරගන්න මේ වැඩේ හොඳයි කියල අපිට හිතෙනවා. 

 

බැට්ල් ෆීල්ඩ් 4 කියන්නෙ වෙඩි තියාගන්න ගේම් එකක් සහ first-person shooter වර්ගයේ කොම්පියුටර් ගේම් එකක්.  මේ ගේම් ඒක නිෂ්පාදනය කරල තියෙන්නෙ Electronic Arts කියන ආයතනයෙන්. මේ ගේම් එක Single-player, multiplayer කියන අංග දෙකෙන්ම ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. සාමාන්‍යයෙන් මේ ගේම් ඒක ප්ලේ කරපු අය දන්නවා ඇති මේක කතාවක් විදිහට දිග ඇරෙන ගේම් එකක්. ඒ කතාව ඇතුළේ තමයි ප්ලේ කරන්න තියෙන්නෙ. ඒ වගේම මේක ග්‍රැෆික් පැත්තෙනුත් ගොඩක් හොඳ තත්ත්වයෙන් තියෙන ගේම් එකක්. 

 

 

COD එහෙම නැත්නම් කෝල් ඔෆ් ඩියුටි කියල කියන්නෙ කාගේත් ආදරය දිනාගත්තු කොම්පියුටර් ගේම් එකක්. ගේම් එකක් කියනවට වඩා ගේම් සීරිස් එකක් කියල කියන ඒක තමයි හරි. මේකත් කලින් ඒක වගේම first-person shooter වර්ගයේ ගේම් එකක්. මේක නිෂ්පාදනය කරන්නෙ Activision ආයතනය 2012 දී. මේකෙත් Single-player, multiplayer කියන ඔප්ෂන් දෙකම තියෙන ගේම් එකක්. ඊට අමතරව Zombies කියල මෝඩ් එකකුත් තියෙනවා.  මේ කතාව Raul Menendez චරිතය වටා තමයි ගෙතෙන්නෙ. ග්‍රැෆික් පැත්තත් ඉතා හොඳින් නිර්මාණය වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. 

 

මේ ගේම් එක Ubisoft කියන සමාගම විසින් 2012 අවුරුද්දේ එළිදක්වපු ගේම් එකක්. first-person shooter වර්ගයේ ගේම් එකක් තමයි මේ ගේම් එකත්. Single-player, multiplayer කියන මෝඩ් දෙක මේ ගේම් ඒකෙත් තියෙනවා. මීට කලින් මේ ගේම් එකේ අදියර කිහිපයක් නිකුත් වුණා. Jason Brody කියන චරිතය වටා ගෙතුණු කතාවක් එක්ක තමයි ගේම් ඒක ඉස්සරහට යන්නෙ. මිඩ් රේන්ජ් කොම්පියුටර් එකකට ගොඩක් හොඳින් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් කියල බය නැතුව කියන්න පුළුවන්.

 

 

හිට්මෑන් කියන්නෙ කුලී දාම ඝාතකයෙකුගේ චරිතයක් වටා ගෙතුණු ගේම් එකක්. ඔහුට පැවරෙන ඝාතන ඒ චරිතයට පණපොවන ක්‍රීඩකයා විසින් කරන්න ඕනේ. ඉතින් මේක Square Enix සමාගමේ නිෂ්පාදනයක්. Agent 47 චරිතය තමයි ගේම් එකේ ප්ලේ කරන්න තියෙන්නෙ මේකේ තියෙන්නෙ සිංගල් ප්ලේයර් මෝඩ් එකක් විතරයි. මේ ආශ්‍රයෙන් චිත්‍රපටයක් පවා නිකුත් වුණා ඔයාලට මතක ඇති.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here