මැයි පෙළපාළියට මාමා ගෙන ගියාට මාලිමාවෙන් සජබ අපේක්ෂකට පහර දී රෝහලේ..

0
4

මැයි පෙළපාලියට සිය මාමණ්ඩිය රැගෙන ගියා යැයි උරණ වූ ජාතික ජන බලවේගයට සහාය පළ කරන බෑනා විසින් බුලත්සිංහල ඈගල්ඔය සමගි ජන බලවේගයේ කොට්ඨාස අපේක්ෂකයාට රෝහල් ගතවෙන්නම පහර දී ඇති බවට බුලත්සිංහල පොලිසියට පැමිණිලි කර තිබේ.

බුලත්සිංහල, ඈගල්ඔය ස.ජ.බ. කොට්ඨාස අපේක්ෂක සුමිත් සේනක මහතාට පසුගිය (12) දා සිය නිවසටම පැමිණ පුද්ගලයකු පහර දුන් බව කියමින් බුලත්සිංහල පොලිසියට පැමිණිලි කර පසුගිය (12) දා බුලත්සිංහල රෝහලට ඇතුළත්ව තිබේ. බුලත්සිංහල රෝහලින් හොරණ මූලික රෝහලට මාරුකර යවා ඊයේ (13) දහවල් රෝහලෙන් පිටව ගොස් තිබේ.

පහරකෑමට ලක්වූ සුමිත් මහතා කීවේ තම අසල්වාසි මාමා කෙනෙකු පසුගිය මැයි දිනය දා ස.ජ.බ. පෙළපාලියට ගිය බවයි. ඊට එරෙහිවූ ඔහුගේ බෑනා කෙනෙකු එම පුද්ගලයාව නිවසින් පන්නා දමා ඇති බවයි. පසුව ඔහු තමාගේ නි‍ෙවසට පැමිණ දින තුනක් පමණ රැඳී සිටි අතර එහිදී ද බෑනා පැමිණ තර්ජනය කළ බවටත් බුලත්සිංහල පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුගිය (12)දා සවස තම නි‍ෙවසටම පැමිණ බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ ජාතික ජනබලවේගයට හිතවත් අයෙකු පහර දුන් බවත් ඒ අනුව පොලිසියට පැමිණිලි කර රෝහල් ගතවූ බවත් කීය.

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා කීවේ මේ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇති බවත් මෙය හුදෙක් ප්‍රදේශවාසී දෙදෙනෙකු අතර පවුල් ප්‍රශ්නයක් බවත් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත්ය. බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පරීක්ෂණ පවත්වයි.

– බිමල් ජයසිංහ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here