මැයි දිනයට කෝච්චිත් කුලියට ගනිති..

0
10

මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතිබව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ වෙත මේවනවිට දැනුම් දී තිබේ.

මුදල් අයකර ගැනීමෙන් පසුව අදාළ බස්රථ නිදහස් කරන ලෙස ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් දී තිබේ.

විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වැඩිදුරටත් ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර සිටියේ මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි රැළි සඳහා බස් රථ අයැදුම් කර ඇති බවයි.

විවිධ දේශපාලන පක්ෂ, මැයි දින රැළි වෙනුවෙන් මුදල් ගෙවා විශේෂ දුම්රිය සේවා ද මේවන විට ඉල්ලුම් කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

– නාගොඩ සුමන උදයන්ත

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here