මාස 03 සම්පූර්ණ නොවූ ගැබිනි මව්වරුන්ට බහුල ලෙස කොත්තමල්ලි පානය නුසුදුසු වනුයේ ඇය…

0
11


මාස 03 සම්පූර්ණ නොවූ ගැබිනි මව්වරුන්ට බහුල ලෙස කොත්තමල්ලි පානය නුසුදුසු වනුයේ ඇයි?

මාස තුන සම්පූර්ණ නොවූ ගර්භනී මවුවරුන් සඳහා බහුල ලෙස කොත්තමල්ලි පානය අහිතකර වනුයේ මන්දැයි ආයුර්වේදාත්මකව සහ නව්‍ය විද්‍යාත්මක විවරණය…

මෙම ලිපිය ආරම්භයේදීම විශේෂයෙන් මෙම මාතෘකාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම් ඉතාමත්ම වැදගත්ය. එනම් ඉහත සඳහන් කරනුයේ මාස 03 සම්පූර්ණ නොවූ ගර්භණීන් පිළිබඳව පමණක් බව අවධාරණය කරමි.

මන්දයත් මෙම ලිපියේ අන්තර්ගත කරුණු ගර්භණී වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට, මදසරුභාවයට ප්‍රතිකාර කරන කාන්තාවන්ට හෝ කිසියම් වූ කාන්තා රෝගයකින් පෙළෙන කාන්තාවකට හෝ ළදරුවකුට හෝ පුරුෂයකුට හෝ කොත්තමල්ලි භාවිතයේ දී අදාල නොවන බව ඉතාමත් සරලව පැහැදිලිව දන්වා සිටිමි.

ආයුර්වේදාත්මකව කොත්තමල්ලි දිව ඖෂධයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කොත්තමල්ලිවල ගුණ සහ එහි වටිනාකම් සහ එහි රෝග සුවකිරීමේ හැකියාව පිළිබඳ කිසිදු මතවාදයක් හෝ තර්කයක් නොමැත. අප සමාජය තුළ කාලෙන් කාලයට රෝග සුවකරගැනීමේ අපේක්ෂාවෙන් ඖෂධයක් හොඳයි යැයි කිවූ පමණින් ආයුර්වේද වෛද්‍ය නිර්දේශයකින් තොරව ඒකීය ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස අවභාවිතය සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස කොතල හිඹුටු, කරවිල, වල් කොත්තමල්ලි දියවැඩියාවට යෝග්‍ය යයි සමාජගත වූ විට මිනිසුන් දිනපතා අනවශ්‍ය ලෙස භාවිතයට යොමුවිය. කාලානුරූපීව සමාජයෙන් මතු වු මෙම තත්ත්වයන් හේතු කොට ගෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට වු පරිහානිය බොහෝය. කොතල හිඹුටු, කරවිල, වල් කොත්තමල්ලි වල ඇති ඖෂධීය ගුණ පිළිබද කිසිදු තර්කයක් නොමැත. ගැටළුව ඇත්තේ සමාජ ගතවු ආකාරය හා අවභාවිතය තුළය.

වර්තමානයේද කෝවිඩ් වසංගත තත්වය හේතුකොට ගෙන මිනිසුන් දේශීය ඖෂධ යයි හඳුන්වා ගත් පැණි හා පාන වර්ග වෙනුවෙන් රැවටීම් වු වාර ගනන බොහෝය. වර්තමානයේ කෝවිඩ් වසංගත රෝග තත්ත්වය හමුවේ අධික ලෙස වෛද්‍ය නිර්දේශයෙන් තොරව ගර්භණි කාන්තාවන් කොත්තමල්ලි අවභාවිතය කිරීම සිදුවෙමින් පවතී. මේ පිළිබඳව විශේෂයෙන්ම මාස 03 නොඉක්මවූ ගර්භණී මව්වරුන් දැනුවත් කිරීම ආයුර්වේද කේෂ්ත්‍රයේ කාන්තා රෝග හා ප්‍රසව වේදය පිළිබඳව විශේෂඥතාවයක් ලබාගත් වෛද්‍යවරියක විදිහට සමාජ වගකීමක් යැයි අපේක්ෂා කරමි.

මක්නිසාදයත් මෙම මාස 03 නොපිරිනු ( CONCEPTION TO BEFORE 12 WEEK) ගර්භණීන් ඉතාමත්ම අවදානම් කාණ්ඩයක් බැවින් ආයුර්වේද ඖෂධ ලබාදීමේදී සුදුසුකම් ලත් වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍ය වන බව නැවතත් අවධාරණය කරමි. මෙම අවදානම් තත්වය දෙතුන් ගුණයකින් වැඩි වනුයේ අද සමාජයේ බහුල වශයෙන් දක්නට ලැබෙන

01. අවුරුදු 35 ඉක්මවු පළමු දරුප්‍රසවය සඳහා සුදානම්වන මවිවරුය.( ELDERLY PRIM GRAVIDA)

02. මදසරුභාවය සඳහා දීර්ඝ කාලයක් ආයුර්වේද හා බටහිර ප්‍රතිකාර වලින් පසු පිළසිඳගත් මව්වරු

03. කෘතීම තැම්පත් කීරීම් වලින් පසු පළමු වර හෝ වාර 5/6 පසු පිළසිඳ ගත් මව්වරු ( AFTER IUI & IVF)

04. වෙනත් හෝමෝන අසමතුලිතතාවයන් හෝ කාලීන රෝගාබාධ වලින් පෙලෙන මව්වරු නිසාය. සමාජ ගත කිරිමේදී මෙම සැවොම සමාජය නියෝජනය කරන බව මතකයේ තබා ගත යුතුය.

විශේෂයෙන්ම අවදානම් තත්වයේ ගර්භණීභාවය ලබාගත් ගර්භනී මවක් මුල් මාස 03 ක කාලය ඉතාමත්ම අවදානමෙන් ගත කරෙනු ලබයි. එම නිසා මෙවැනි වසංගත තත්වයක් තුළ සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරු වගකීමෙන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විද්‍යාත්මක බැවින් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ උපදේශනය විය යුත්තේ නිවැරදි දේ සමාජයට හෙළි කිරීම මිස අඳුරේ ප්‍රතිකාර කිරීම නොවන්නේය.

සමාජය දැනුවත් කිරීම සමාජ බිය ගැන්වීමක් නොවන බව ගර්භණී මව්වරුන්ට සත්‍ය වශයෙන් ප්‍රතිකාර කරන විට අපි ප්‍රායෝගිකව අත්විඳිමු.

ආයුර්වේද විද්‍යාව තුළ ගර්භණී සමයේ ගත යුතු ආහාර විහරණ (මාසානු මාසික පරිචර්යා) වලින් ඔබ්බට ගිය ගැබෙහි හා මවගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ ගැබිණියට දිය යුතු ඖෂධ, නොදිය යුතු ඖෂධ, ගර්භය රැක ගැනීම සඳහා දිය යුතු ඖෂධ, ගර්භචලනයක්, ගර්භස්‍රාවයක් හෝ ගර්භපාතනයක් (MISCURRAGE ) සිදුවු අවස්ථාවක දිය යුතු ඖෂධ, ගර්භණී සමයේ ඇතිවන රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලෙස දිය යුතු ඖෂධ නොදිය යුතු ඖෂධ, දරු ප්‍රසවය පහසු කරවමින් (සුඛ ප්‍රසවයක්) සදහා වු ප්‍රතිකාර, අපරාපාතනය ( EXPULSION OF PLACENTA) සඳහා වු ඖෂධ, මූඩ ගර්භ අවස්ථාවේ දියයුතු ඖෂධ, දරු ප්‍රසවයෙන් පසු ( සූතිකා ) දිය හැකි ඖෂධ, සූතිකා අවස්ථාවේ ඇතිවන රෝග තත්වයන් සඳහා භාවිතා කළ යුතු ඖෂධ ඉතාමත්ම සූක්ෂමව ගැඹුරු විද්‍යාත්මක පදනමක් මත ආයුර්වේද ග්‍රන්ථ තුළ මොනවට පැහැදිලි කරනු ලබයි.

ආයුර්වේදයට අනුව ගර්භණී මවක ප්‍රධාන වශයෙන් ද්‍රව, මධුර රස, ශීත වීර්යය, ස්නිග්ධ, ජීවනීය, ප්‍රජාස්ථාපන ඖෂධ භාවිතා කළ යුතු බව අප සැම දන්නා කරුණකි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදෑරූ සියලුම දෙනා හොඳින් දන්නා කරුනක් වනුයේ විශේෂයෙන්ම ගර්භණී අවධියේ තුළ නොගත යුතු ඖෂධ රාශියකි. මුල් කාලය (EARLY PREGNANCY) මේ අතරින් විශේෂය. මක්නිසාද යත් මෙම කාලය අසංජාත සාර හා ආම ගර්භ අවස්ථාවේ පවතින බැවිනි.

ආයුර්වේදයේ ගර්භණී කාලය තුල නොගතයුතු ඖෂධ රාශියක් ( වචා/හිංගු/ලාංගලී/කුෂ්ඨා ) ඇතත් කොත්තමල්ලි වාර්තා කිරීමට සිදුවී ඇත්තේ වසංගත රෝග හේතුවෙන් ගර්භනී මව්වරුන් අතර අවභාවිතය වීම හේතුවෙනි.

ආයුර්වේද මුලික ග්‍රන්ථ විශ්ලේෂණය කර බැලීමේදී ධාන්‍යක හෙවත් කොත්තමල්ලි බහුල ලෙස භාවිතා කර ඇත්තේ සූතිකා අවස්ථාවේදී එනම් දරු ප්‍රසූතියෙන් පසු අවස්ථාවේදීය.
කොත්තමල්ලි විශේෂයෙන් සාමාන්‍ය ජ්වර (උණ) චිකිත්සාවේදී ප්‍රධාන ස්ථානයක් උසුලයි. නමුත් විශේෂෙන්ම කාශ්‍යප සංහිතාවේ දී ආචාර්ය කාශ්‍යප මුල් මාස තුනේ දී ගර්භනී ජ්වරයේදී කිසිදු ඖෂධයක් ලබා නොදිය යුතු බවත් එහිදී කැඳ වර්ග පමණක් යොදාගතයුතු බවත් දක්වා ඇත. වෘහත්‍රයේද ගර්භනී ජ්වරයේදී කොත්තමල්ලි පිළිබඳ සඳහනක් නොමැත.

එලෙසම හාරිත හා යෝගරත්නාකරයේ මාසානුමාසික ගර්භ චලන (THREATEN ABORTION AND EXCESSIVE QUIVERING) ප්‍රතිකාර දක්වා ඇති අතර ඇතිවන ජ්වර හා තෘෂ්ණා වලදී කිසිම අවස්ථාවක කොත්තමල්ලි (උෂ්ණ වීර්යය /ජ්වරඝ්න/ තෘෂ්ණා ප්‍රසමන) භවිතාකර නොමැත. මෙහිදි සැවැන්දරා, චන්දන, නාගකේෂර, ගිතෙල් වැනි ඖෂධ භාවිතා කල යුතු බව දක්වයි‍.

නමුත් මූලික ආයුර්වේද ග්‍රන්ථයන්හි දරු ප්‍රසවයෙන් පසු සියළු සූතිකා රෝග හා සූතිකා ජ්වරය සඳහා භාවප්‍රකාශයේ එන දේවදාර්ව්‍යාදී කෂාය සුදුසු බව දක්වා ඇති අතර කොත්තමල්ලි හා අනෙකුත් ගර්භණී අවස්ථාවේ නොදෙන ඖෂධ අඩංගු වෙි.

අෂ්ඨාංග හෘදයේ හා අෂ්ඨාංග සංග්‍රහයේ කොත්තමල්ලි විශේෂයෙන් ඉතා බහුල වශයෙන් දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන මක්කල්ල ශූලයේදී (SPASMODIC CONTRACTION OF UTERUS IN OBSTRUCT LABOUR CAUSE TO MAKKALLA SHULA) හා ආචාර්යය සුශ්‍රැත ගර්භ මක්කලයේදී (IRREGULAR UTERINE CONTRACTION IN OBSTRUCT LABOR) කොත්තමල්ලි, ත්‍රිකටු හා පුරාණ ගුඩ සමඟ හෝ කොත්තමල්ලි තැම්බු වතුර ත්‍රිකටු, ත්‍රිජත සමඟ යෙදිය යුතු බව දක්වා ඇත. භාව ප්‍රකාශයේ ද මෙම යෝග දක්වයි.

ධනවන්තරී නිඝණ්ඩුවේ ශතපුෂ්පාදී වර්ග යටතේත් රාජ නිඝණ්ඩුවේ පිප්පල්‍යාදී වර්ග යටතේත් කොත්තමල්ලි දක්වා ඇත. සූතිකා අවස්ථාවේ කැඳ මෙම ගණවල ද්‍රව්‍යයන්ගෙන් පිළියෙල කල යුතුබව ග්‍රන්ථ වල දක්වා ඇත.

එමෙන්ම අපරා පාතනය නිසි නිසියාකාරව සිදු නොවන අවස්ථාවලදී සහ වැදහමහ ගර්භාෂය තුළ රැඳුණු අවස්ථා වලදී (RETAINED PLACENTA) භාවිතා කරනු ලබන යෝග වලදී කුස්තුරුම්බු හෙවත් කොත්තමල්ලි දක්වා ඇත.

කෂ්ඨආර්තව (DYSMENORRHEA) අපහසුවෙන් වේදනාකාරීව ඔසප් සිදුවීම ආයුර්වේදයේ මෙලෙස හඳුන්වනු ලබයි. මෙහිදී විශේෂයෙන්ම (MENSTRUAL CRAMPS/PAIN ARE CAUSED BY CONTRACTION IN THE UTERUS) අක්‍රමවත් ගර්භාශ මාංසපේශි සංකෝචනය සිදුවීම අපාන වාතයේ වූ විමාර්ග ගත වීම නිසා සිදු වේ.

කෂ්ඨආර්තව සඳහා කොත්තමල්ලි භාවිතයෙන් පසු වේදනාව සමනය වී ඔසප් රුධිරය ඉතාමත් පහසුවෙන් පිටවිම සිදුවෙන බව අප සැවොම දන්නා කරුණකි. නව්‍ය මතානුකූලව DYSMENORRHEA සඳහා ඖෂධ පැළෑටි යොදා සිදු කරන ලද පර්යේෂණයන්ගේ කොත්තමල්ලි EMMENAGOGUE HERBS එකක් වශයෙන් දක්වා ඇත. (EMMENAGOGUE HERBS DEFINE AS HERBS CAPABLE OF STIMULATING THE MENSTRUAL BLOOD FLOW AND ALSO TO BE AVOIDED DURING PREGNANCY).

EMMENAGOGUE පැළෑටි යනු ඔසප් රුධිර ප්‍රවාහය උත්තේජනය කළ හැකි ගර්භනී අවධියේදී භාවිතා නොකළයුතු ඖෂධ පැළෑටි ලෙස අර්ථ දක්වයි.

මක්කල්ල ශූලය, ගර්භ මක්කල්ල සහ ගර්භාෂය තුළ වැදැහැමහ රැඳීම යන අවස්ථා වලදී තත්වයන්ගේ දී සිදුවන්නාවූ වේගවත් අක්‍රමිකවත් ගර්භ සංකෝචන අවස්ථාවන් යථා තත්ත්වයට පත් කරමින් ගර්භාෂයේ සිනිඳු මාංශ පේශි වලට ANTISPASMODIC බලපෑම මගින් විස්තාරණය කරමින් වේදනාව සමනය කරමින් ගර්භාෂය තුළ රුධිරයේ වේගය වැඩි කරමින් ගර්භාෂයේ රැදුණු අපද්‍රව්‍ය කොටස් ඉවත්කරන ( ශෝධනය ) ගුණ සහිත ඖෂධ යොදා ගන ඇති බව හා එවැනි ඖෂධ යොදාගත යුතු බව පැහැදිලිය.

මෙම ක්‍රියාවලිය නව්‍ය විද්‍යාත්මක මෙසේ විස්තර කළ හැකිය. ඖෂධ පැලෑටි සඳහා කරන ලද පර්යේෂණයන්ගේ දත්තයන් අනුව කොත්තමල්ලි වල වේදනා නාශක ගුණය (ANALGESIC EFFECTS OF POLYPHENOLS INCLUDING RUTIN, CAFFEIC ACID, AND GALLIC ACID HAS ALSO BEEN REPORTED) ඇතිවනුයේ වේදනාව ඇතිකිරිමට හේතු වන ක්‍රියාවලියට අවශ්‍ය රසායනික සංඝටකයක් වන PROSTAGLANDIN ක්‍රියාකාරිත්වය අවහිර කිරීම් මඟිනි. එසේම සිනිඳු මාංශ පේශි වලට ANTISPASMODIC බලපෑම කැල්සියම් නාලිකා අවහිර කර සෛල විස්ථාපනය සිදු කරනු ලැබේ. එලෙසම ANTI- INFLAMMATORY EFFECT කොත්තමල්ලි වල අඩංගු වේ.

කළලය ගර්භාෂය තුලට සාර්ථකව බද්ධ වීම ( IMPLANTATION) ලෙස හඳුන්වමු. මේ සඳහා බලපානු ලබන සාධක පිළිබඳ බටහිර රටවල කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ලෙස ඔවුන් දක්වා ඇත්තේ සාර්ථක බද්ධ වීම සඳහා ENDOMETRIUM RECEPTIVITY බලපානු ලබන අතර IMPLANTATION ක්‍රියාවලිය ආරම්භ වීමේදී (IMPLANTATION BEGINS WITH APPOSITION OF THE BLASTOCYST AT THE UTERINE EPITHELIUM,) PRO-INFLAMMATORY REACTION එකක් වන අතර මේ සඳහා PROSTAGLANDIN, INTERLEUKIN යන රසායනික සංඝටක ඉතාම අවශ්‍ය වන බවය. නමුත් කොත්තමල්ලි ඇට වල අඩංගු PROSTAGLANDIN INHIBITORY EFFECT, ANTI- INFLAMMATORY EFFECT AND ANTISPASMODIC EFFECT නිසා ගර්භාෂය තුලට කලලය (BLASTOCYST) සාර්ථකව බද්ධ වීම හෙවත් IMPLANTATION ක්‍රියාවලියට බාදා වීම සිදු වේ.

මෙම තත්වය ගර්භ ස්‍රාව/ EARLY MISCARRIAGE සදහා සෘජුවම බලපානු ලබයි. (EARLY MISCARRIAGE IS DEFINE AS INTRAUTERINE PREGNANCY LOSS OF < 10 WEEKS SIZE ON USG). මෙහි තවත් අවදානම් තත්වයක් වනුයේ IVF මඟින් ගර්භාෂය තුලට කලලය තැම්පත් කළ මව්වරුය. PRO-INFLAMMATORY ක්‍රියාවලිය පවතිනුයේ මුල්ම හා අවසාන ගර්භණී අවස්ථාවල පමණි. (EARLY AND LATER STAGE OF PREGNANCY). මීළඟ සාධකය වනුයේ කොත්තමල්ලි වල අඩංගු රසායනික සංඝටක විශ්ලේෂණය කරමින් සිදු කරනු ලැබූ පර්යේෂණ අනුව (PHYTOCHEMISTRY) කොත්තමල්ලි වල පොලිෆෙනෝල් (POLYPHENOLS) අඩංගු වන අතර පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි දී ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරන ලද පොලිෆෙනෝල් වල ඇති විය හැකි අන්තරායකාරී බලපෑම් මානව මැදිහත්වීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර පිළිසිඳ ගැනීමේදී සහ ගර්භණී සමයේදී පොලිපෙනෝල් වල ඇති විය හැකි අහිතකර බලපෑම් පරීක්ෂා කිරීම අවශ්‍ය වන බව දක්වමින් පර්යේෂණ සිදුකර ඇත. සාර්ථකව බද්ධ වීම හෙවත් IMPLANTATION ක්‍රියාවලියට බාධා වීම සිදුවන බව පෙන්වා දී ඇත. එයට හේතු වනුයේද IMPLANTATION PRO INFLAMMATORY අවස්ථාවක් බැවින් පොලිපෙනෝල් වල ANTI -INFLAMMATORY EFFECT මඟින් INFLAMMATORY CYTOKINES වල ක්‍රියාව අඩපන කරයි. (OTHER STUDIES HAVE REPORTED THAT MATERNAL INTAKE OF POLYPHENOL-RICH FOODS AND BEVERAGES DURING PREGNANCY MAY HAVE ADVERSE EFFECTS ON FETAL HEALTH (ZIELINSKY ET AL., 2010, 2012) තවත් පර්යේෂණාත්මක අධ්‍යයනයන්හි ඔප්පු වු සාධකයක් වනුයේ කොත්තමල්ලි ඇට වල අඩංගු රසායනික සංඝටක් වන කැෆරික් අම්ලය/CAFFERIC ACID ප්‍රොස්ටොග්ලැන්ඩීන් ක්‍රියාකාරිත්වය වළක්වා (INHIBIT PROSTAGLANDIN ) කළලය ගර්භාෂයේ බද්ධ විමේ ක්‍රියාවලිය වළකාලයි. ( ANTI – IMPLANTATION ACTION), ශ්‍රී ලංකාව තුළ සිදුකල සතත්ව පර්යේෂණයක් මඟින්ද කොත්තමල්ලි ඇට වල අඩංගු ANTI -IMPLANTATION ACTION එක ඔප්පු කර ඇති අතර එහිදී පෙන්වා දෙනුයේ PROGESTERONE හෝමෝනයේ ක්‍රියාව අඩුවිම හේතු කොටගෙන ගර්භාෂයට සාර්ථකව බද්ධ වීම සිදු නොවීමය. PROGESTERONE RECEPTORS වල ක්‍රියාව හා PROGESTERONE ගර්භාෂයේ සෛල ප්‍රගුණනය (EPITHELIAL CELL PROLIFERATION) හා ENDOMETRIUM IMPLANTATION සඳහා ඉතාමත් වැදගත් සාධකයක් බව අප දන්නා කරුණකි. එලෙසම කොත්තමල්ලි ඇට වල HYPOGLYCEMIC ACTION පවතින අතර මුල්ම ගර්භණී අවස්ථාවේ (EARLY PREGNANCY) ගර්භයේ පෝෂණයට බලපානු ලබයි. මක්නිසාද යත් PLACENTA සෑදීමට පෙර උපස්නේහ (විසරණය) හා උපස්වේද මඟින් ගර්භය පෝෂණය ලබාගනු ලබයි. මුල්ම ගර්භණී අවස්ථාවේ ගර්භයේ සෛල ප්ලාස්මයේ පෝෂක ඉතාම කුඩා ප්‍රමාණයක් තැම්පත් වේ. එමනිසා අමතර පෝෂක ප්‍රමාණයක් ලබාගත යුතුය. මෙම තත්වය ගර්භණී වමනය අධික වශයෙන් ඇති මවකට තවත් අහිතකර වේ. එලසම කොත්තමල්ලි ඇට වල DIURETIC ACTION එක පවතින අතර අධික ලෙස ගැනීම ගර්භය බද්ධවන මුල්ම අවස්ථාවේ යෝග්‍ය නොවේ. මෙමඅවස්ථාවේ ක්ලෙද ගුණය හා ආප් භූතය ඉතාම වැදගත්ය. (CORIANDER SEEDS INCREASED DIURESIS, EXCRETION OF ELECTROLYTES, AND GLOMERULAR FILTRATION ) එනම් මූලික ආයුර්වේද ග්‍රන්ථයන් තුළ ගර්භණි අවස්ථාවේ කොත්තමල්ලි භාවිතා නොවීම හා සූතිකා රෝග හා අනෙක් කාන්තා රෝග වලදී භාවිතයත් ඉතාම විද්‍යානුකූල බව අපහට අවබෝධ විය යුතුය. යෝග රත්නාකරයේ පමණක් ගර්භණී වමනයේදී කොත්තමල්ලි කල්කය සීනි හා තණ්ඩුලෝදක සමඟ අවලේහයට සංස්කරණ ඖෂධයක් ලෙස යොදා ගත හැකි බව දක්වයි. වෛද්‍ය නිර්දේශය මත අවලේහ පරිභාෂාවෙන් සකසා, නියමිත මාත්‍රාවෙන් ගත යුතුය, එය ඒකීය ද්‍රව්‍ය අවභාවිතය හා කිසිසේත් සංසන්දනය කළ නොහැක. හාරිත හෝ කාශ්‍යප හෝ වෙන කිසිම ආචාර්යයවරයකු ගර්භණී වමනයේදී ධාන්‍යක දක්වා නොමැත. ගර්භණී වමනයේදී දෙහි හෝ දෙළුම් යුෂ සීනි සමග හෝ ලාජා පේයා සිනි මී පැණි සමග යෝග්‍ය බව අන්තර්වලී චිකික්සාවේ ආචාර්යය කාශ්‍යප දක්වා ඇත. ලෝකය තුළ වර්තමානයේ කුමන පර්යේෂණය සිදුවුවත්, අනාගතයේ පර්යේෂණය සිදුවූවත් ආයුර්වේදය තුන් කල්හිම ඉතාමත්ම විද්‍යානුකූලය. අවශ්‍යවනුයේ අප ගැඔුරින් අධ්‍යනය කිරීම පමණි. තවත් කරුණු බොහෝ ඇතත් දීර්ඝවන බැවින් මෙම ලිපිය අවසන් කරමි. එබැවින් ආයුර්වේද විද්‍යාව තුළ ගර්භණී සමයේ ගතයුතු ආහාර විහරණ (මාසානු මාසික පරිචර්යා ) වලින් ඔබ්බට ගිය ගැබෙහි හා මවගේ ප්‍රකිශක්තිය වර්ධනය කරන ඖෂධ ගැබිණියට දිය හැකි ඖෂධ රාශියකි. එබැවින් මත‍භේදාත්මක ඖෂධ භාවිතය හා අවභාවිතය ගැබිණියට කිසිසේත් හිකතර නොවන අතර ගැබෙහි හා මවගේ ප්‍රකිශක්තිය වර්ධනය සඳහා වෛද්‍ය උපදෙස් ද සහිතව වසංගත සමයේ භාවිතා කළ හැකි ඖෂධ ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරමි. गणोक्तमपि यद्द्रव्यं भवेद्व्याधावयौगिकम् | तदुद्धरेद्यौगिकं तु प्रक्षिपेदप्यकीर्तितम् ||१३७|| ( SU/ CHI ) ගණෝක්ත අපි යද් ද්‍රව්‍යං භවේද් වියාද් අයෝගිතම් තද් උද්දරේද් යෞගිතම් තු ප්‍රක්ෂිපේද් අපි තර්තිතම් ( SU/ CHI ) කිසියම් විශේෂිත රෝගයකට අදාල නොවන බව වෙන වෙනම විස්තර කර ඇත්නම්, කිසියම් විශේෂිත ඖෂධයකට හෝ කණ්ඩායමකට අයත් ඖෂධයක් අත්හැර දැමිය යුතු අතර, කණ්ඩායමට අයත් නොවන ඖෂධයක් ධනාත්මකව වාසිදායක යැයි වෙනත් තැනක තැබුවහොත් එයට එකතු කළ හැකිය. (A DRUG BELONGING TO ANY PARTICULAR GANA OR GROUP IF SEPARATELY DESCRIBED AS NON- EFFICACIOUS TO ANY SPECIFIC DISEASE, SHOULD BE OMITTED WHEREAS A DRUG NOT BELONGING TO A GROUP MAY BE ADDED TO IT IF IT IS ELSEWHERE LAID DOWN AS POSITIVELY BENEFICIAL THERE TO). එනම් යම් ඖෂධයක් නුසුදුසු බව ඔප්පු වුවහොත් එම ද්‍රව්‍ය ඉවත්කර දැමීමටත් වෙනත් ද්‍රව්‍යක් යෝග්‍යයි හැඟුනහොත් එකතුකර ගැනිමටත් ආචාර්යයවරු අවසර දී ඇති බව සුසදුසුකම් ලත් වෛද්‍යවරු ලෙස අප දැනගත යුතුය. 👩‍⚕‍ සටහන :- වෛද්‍ය සුරංගි සජිවනී පෙරේරා මිය විශේෂඥතාවය - ස්ත්‍රී රෝග හා ප්‍රසූත තන්ත්‍රය 🌍 www.helaarana.lk ........................................................................ 🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා. 📌️ ඇමුණුම් ( # Tags ) ----------------------------------------- #හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #කොත්තමල්ලි #coriander #ගර්භණී #ගැබිනි #pregnant #mother #pregnantmother



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here