මාලිමාණ්ඩුවේ ආචාර්ය උපාධි ප්‍රශ්න තවත් දුරදිග යයි ….

0
26


ඒ අනුව පරීක්ෂා කිරීමේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් සඳහන්ව තිබූ “ආචාර්ය” පදවියක් ඉවත් කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමේදී සභානායක කාර්යාලය විසින් එවා තිබුණු ලිපියක තොරතුරු අනුව අධිකරණ අමාත්‍යවරයාගේ නමට ඉදිරියෙන් “ආචාර්ය” උපාධියක් සඳහන් කර ඇතැයි කියැවෙන අතර හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලිකව ආචාර්ය උපාධියක් ගැන සඳහන් කරමින් ලිපියක් භාරදී නොමැති බවත් සඳහන්.

ඒ අනුව “ආචාර්ය” කොටස ඉවත් කර නම නිවැරදි කිරීමට කටයුතු කර ඇති අතර වැරදි ලෙස සටහන්ව තිබූ තවත් තොරතුරු කිහිපයක් නිවැරදි කිරීමට පාර්ලිමේන්තු වෙඩ් අඩවිය භාර නිලධාරීන් කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මීට අමතරව තවත් ඇමතිවරයෙක්ගේ නමට ද ඔහුට නොමැති ආචාර්ය තනතුරක් අමාත්‍යාංශ වෙබ් අඩවියේ සටහන් කර තිබීමක් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ තොරතුරු සංසරණය වෙමින් තිබිණි.

තමන්ගේ උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සහ ඉන් ඉදිරියට වැරදි තොරතුරු භාවිතා කළ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ගණන 3 සිට 7 දක්වා වන බවට විවිධ කතා සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.

RN



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here