මානව නිදහසට දුන් වටිනාකම .. – Sri News

0
4


ලෝකයේ ක්‍රියාකාරීත්වයත් සත්වයාගේ ප්‍රභවය සහ පැවැත්මත් අසහය බලධාරී දෙවි කෙනෙකුගේ කැමැත්ත මත සිදු වන්නේ යැයි කල්පනා කළ ඈත අතීතයේ විසූ ජනතාව මිනිසාගේ සියලු හැකි මෙන්ම අයිතිවාසිකම් සහ සියලූ උරුමයන් ද එම සර්වබලධාරී දෙවියන් වෙතට පාවා දී නිහඬව සිටියා

ගොවිතැන වෙළදාම ආදී ඒ ඒ ජීවන වෘත්තීන් මුල්කොට සමාජය තුළ පන්ති ප්‍රභේදයන් පැන නැගුන අතර ඉන්පසුව එයින් සමාජයේ උසස් පන්තිය ලෙස පෙනී සිටි බමුණෝ උපක්‍රමශීලීව ජනතාව මුලා කරමින් නොයෙක් වාසි අත්කර ගත්ත

සමාජ ප්‍රභේද කුලවාදයට හරවා ගත් බමුණෝ තමන් බ්‍රහ්මයාගේ මුවින් පහළ වූ පිරිස ලෙස ද රාජ්‍ය පාලනයේ නියුක්ත ශස්ත්‍රිය වංශිකයෝ බ්‍රාහ්මණයාගේ බාහුවෙන් උපන්නාහු ලෙස ද කෘෂිකර්මයේ යෙදී සිටින වෛශ්‍යයෝ බ්‍රාහ්මණයාගේ කලවා වලින් උපන්නාහු යැ යි ද සියල්ලන්ගේ බැල මෙහෙවරකම් කරන ලද ක්ශුද්‍රයන් බ්‍රහ්මයාගේ පාදයෙන් උපන් බැවින් ඔවුහු සමාජයේ පහත්ම කොටස වන්නාහු ද ලෙස හඳුන්වා දෙමින් සමාජයේ සියලු අයිතිවාසිකම් තමන් වෙත පවරා ගනිමින් උසස් ලෙස වැජඹුනා

තමන් පොළොවේ දෙවියන් ලෙස සැලකූ ඔවුන් ක්ශුද්‍රයන් ගැන තැකුවේ තිරිසන් සතුන්ටත් වඩා පහත් ආකාරයකින්

මෙවැනි නිශ්චිත සමාජ ධර්ම වලින් පිරි එකල භාරතය ඉන්න වහලුන් ගව එළු වාදී තිරිසනුන් ලෙස ධනවත් සිටුවරුන් ගෙන් තවත් ධනවත් සිටුවරු වෙත මුදලට විකිණී ගියා ඔවුහු බොහෝ විට කිසිදු මිනිස් අයිතිවාසිකමක් ලෙස තබා මුළු ජීවිත කාලය ම අනුන්ට බැල මෙහෙවරකම් කොට වහලුන් වශයෙන් ඉපිද වහලුන් වශයෙන් ම මිය ගියා

මිනිසා මිනිසාගේ වහලකු ලෙස තබා ගැනීම තිරස්චීන ධර්මයක් බවත් මෙලොව උපන් සෑම මිනිසකුටම මිනිසකු වශයෙන් ජීවත්වීමේ අයිතිවාසිකම තිබිය යුතු බවත් ලෝකයට ප්‍රථමයෙන්ම දේශනා කර වදාළේ එය ක්‍රියාවෙන් පැහැදිලි කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ

පහත් යැයි සම්මත කුලයක උපන් සුනීත තම උරුම වූ රැකියාව, කසල ශෝධනයේ යෙදෙමින් ඇතුළු නගරයේ සිට වසුරු කදක් ගෙන එමින් සිටින අවස්ථාවේ පාසිවුරු ගෙන කෂාය වස්ත්‍රයෙන් බබළමින් මිහිතලය සනහන්නාක් මෙන් පියෙන් පියට පා තබමින් බුදුරජාණන් වහන්සේ එම ගමෙහි ඇතුළු නගරය බලා වැඩම කරමින් සිටි අවස්ථාවේ රජමැති සිටු ආදී සියලු ප්‍රභූවරුන්ගේ ගරු බුහුමන් ලබන මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා තමාගේ අභිමුඛයට ටිකෙන් ටික ලං වන බව සුනීත දුටුවා.

මේ හිමිදිරි උදෑසන වසුරු කඳක් ගෙන බුදුරජාණන් වහන්සේගේ පෙර මඟට හමුවීමෙන් තමා කළේ වරදක් ලෙස කල්පනා කළ සුනීත මහත් බයෙන් තැති ගෙන වහා වසුරු කද පසෙක තබා පාරෙන් බොහෝ ඉවතට වී බැගෑපත්ව බුදුරජාණන් වහන්සේගේ මුහුණ බැලුවා. බුදුරජාණන් වහන්සේ මහත් ලෙස කිපී තමාට තදින් බැණ වදිනු ඇතැයි ඔහු සිතුවා. බුදුරජාණන් වහන්සේ මදක් එහි නවතිනු දුටු ඔහු තවත් භයින් වෙවුලා ගියා. එහෙත් පුදුමයක්…. පින්වත් සුනීත… සුනීත, ඉදින් තොප මා දැක මගහරින්නේ ඇයිද ? විමසන කුළුණුබර හඬක් දෙසවන වැටී ගියා .ඔහුට සවන් අදහාගත නොහැකි වුනා . බුදුරජාණන් වහන්සේගේ කරුණාබර මුහුණ දෙස බැලුවා එම සිද්ධියේ අවසානය වූයේ සුනීත බුදු සසුනේ මහරහතන් වහන්සේලා අතර අසමසම රහත් වරයකු බවට පත්වීමයි

ගංගා යමුනා අචිරවතී සරභූ යන සිව්මහා ගංගා වූ සිව් දිශාවෙන් ගලා ඇවිත් මහමුහුදට වන විට එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ, සමාජය කුමන කුලයකින් පැමිණි පැවිදි වූයේ නමුත් තම ශාසනයේ පැවිදි වූ සියල්ලෝ තම ආර්ය කුලයට අයත් වන බව ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේ මිනිසා සතු මානව නිදහස සාධාරණ ලෙස සමාජය තුළ තහවුරු විය යුතු බව ආදර්ශයෙන් පෙන්වා දෙමින් තම ශාසනය සියල්ලන්ටම උරුම නිදහස් භූමියක් බවට පත් කළා

ශාසනය තුළ භික්ෂු පිරිස අතිශයින් වර්ධනය වී ඇත්ද, ඔවුන් හික්මවන පිණිස විනය නීති පනවන්නයි වරක් සැරියුත් තෙරණුවෝ බුදු රජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා දැඩි විනය නීති මගින් පුද්ගලයාගේ මානසික නිදහස් අහුරා තබන්නට කිසිසේත්ම අකමැති වූ බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවිය යුත්තේ සසුන තුළ ආසවට්ඨානිය ධර්ම පහළ වීමෙන් පසුව බව වදාරා සැරියුත් හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා

කාලයාගේ ඇවෑමෙන් එවැනි තත්ත්වයක් උදා වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විනය නීති පනවන ලද්දේ ඒ ඒ පුද්ගලයන් විසින් කරන ලද නොයෙක් වැරදි ගැන සලකා සළකා බැලීමෙන් අනතුරුවයි

බුදුරජාණන් වහන්සේ පුද්ගල නිදහස කෙතෙක් දුරට ගරු කළාද යත් * දෙවරක් දෙව්දතුන් විසින් භික්ෂූන් වහන්සේ සඳහා ඉදිරිපත් කරන ලද පංච වරය එකහෙළා අවඥාවෙන් ප්‍රතික්ෂේප කර වදාළා.

පනවන ලද විනය නීති පවා භික්ෂූන් වහන්සේලාගේ නිදහස අහුරා තබන බව දුටු විට වරින් වර ඒවා සානුකම්පිත පාලකයෙකු ලෙස වෙනස් කළා අවසන් වරට බුද්ධානු බුද්ද ශික්ෂාවෙන් සාමූහික කැමැත්ත උඩ වෙනස් කර ගන්නට පවා අවසර දුන්නා

මෙම අවධියේ භාරතීය සමාජය තුළ කාන්තාවන්ට කිසිදු සමාජ අයිතිවාසිකමක් හිමි වූයේ නැහැ ඇය මිය යන තුරු ම තම ස්වාමි පුරුෂයාගේ කීකරු වහලියක ලෙස ඔහු යටතේ ජීවත් විය යුතු වුණා එපමණක් නොවේ ස්වාමිපුරුෂයා මැරුනු විට තම වැන්දඹු කාන්තාව පුරුෂයාගේ සොහොනට පැන දිවි පිදීම පවා කළ යුතු වුණා මේ නිසා එකල පවුලක ගැහැණු දරුවකු ඉපදීම මහා අභාගයක් ලෙස සැලකීම සිරිතක් වශයෙන් තිබුණා

* ශෝකාකූල මුහුණ කින් බුදුරජාණන් වහන්සේ වෙත ගිය කොසොල් මහ රජතුමා තම බිසව දියණියක ප්‍රසූත කර ඇතැයි මහත් කණස්සල්ලෙන් බුදුරජාණන් වහන්සේට සැලකර සිටීමේදී, බුදුරජාණන් වහන්සේ මහරජ ,ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සිල්වත් කාන්තාවද වාසනාවන්තයි. අනාගතයේ වාසනාවන්ත පුත්‍රයින් ප්‍රසූත කරනු ඇත එබැවින් ඇය ඉතා හොඳින් පෝෂණය කළ යුතු යැයි පෙන්වා දුන්නා. මිනිස් සමාජයේ පැවැත්ම ඇති වන්නේ කාන්තාව නිසයි. එබැවින් උන් වහන්සේ හැම හැමවිටම කාන්තාව මාතෘ ස්ථානය තුල තබා සැලකිය යුතු බව හැඟෙව්වා. කාන්තාවගේ මානව අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න තුල බුදුරජාණන් වහන්සේ එතෙකින් නොනැවතී එතෙක් කිසිදු ශාසනය නො වූ ආකාර මෙහෙණි සස්න ද තම ශාසනය තුළ ඇති කරමින් ලෝක ඉතිහාසය කාන්තාව සම්බන්ධයෙන් මෙතෙක් නොවූ ආකාර විශාල සැලැස්මක් සමාජ උරුමයක් ඇයට හිමිකර දුන්නා. බුදුරජාණන් වහන්සේ මිනිසාට සිතීමේ හා විචාර නිදහසත් හිමිකර දෙමින් තම ධර්මය කිසිවකු කී පමණින් හෝ පොතක තිබූ පමණින් ආදී වශයෙන් ගතානුගතිකව නො පිළිගෙන එය හොඳින් විමසා බලා පිළිගත යුතු බව පෙන්වා දුන්නා.

මෙසේ සමාජයේ එක් පන්තියක් විසින් අසාධාරණ ලෙස උරුම කරගෙන සිටි මිනිසාගේ අයිතිවාසිකම් හා උරුමයන් සාධාරණ ලෙස පෙන්වා දෙමින්, ඒවා සියලු මිනිස් සංහතියට ම උරුම වූ ඒවා බව පැහැදිලි කරමින්, බුදුරජාණන් වහන්සේ මිනිස් නිදහස තහවුරු කිරීමේ ලා මහත් පරිශ්‍රමයක් දැරූ බව පැහැදිලිය .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here