මහින්දානන්දගෙන් මුදල් අමාත්‍යංශය ගැන අදත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් 

0
2


මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ලබාදෙන තොරතුරු පමණක් පදනම් කර ගෙන කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  මන්ත්‍රීවරයා පැවසුවේ එම නිලධාරීන් ලබාදෙන දත්ත සම්පූර්ණයෙන් විශ්වාස නොකළ යුතු බවයි.

new2023 voice · MAHINDANANDA 03

මුදල් අමාත්‍යංශය කටයුතු කළේ වැරදි මතයක් සමාජ ගත කරමින් බවත්, ජනතාවට මේවනවිට ලබා දී ඇති සහනවලට වඩා බදු සහන ලබාදීමට ද හැකියාව තිබූ බවත් මන්ත්‍රිවරයා එහිදී පැවසුවා.

new2023 voice · MAHINDANANDA 01

මුදල් අමාතයවරයා වන ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යංශය මගින් ලබාදෙන දත්ත නිවැරදි නොවීම බරපතල තත්ත්වයක් බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ. 

new2023 voice · MAHINDANANDA 02



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here