මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රිය වෙලා, රෝගීන් අසරණයි – චානක ධර්මවික්‍රම – Sri News

0
3

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): රෝගීන් 8000ක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටින අතරතුර ,මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකකයක් අක්‍රියවී ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසයි.

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටකරණ ඒකක 2ක් අතරින් මෙලෙස එක් ඒකකයක් අක්‍රියවීම හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව පැවසේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසූවේ, ඊට අමතරව දිවයිනපුරා රෝහල් රැසක රෝග නිර්ණය සඳහා අවශ්‍ය යන්ත්‍ර විශාල සංඛ්‍යාවක් අක්‍රියවී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මහනුවර ජාතික රෝහලේ දන්ත විකිරණ පරීක්ෂණ කෙරෙන යන්ත්‍ර 2ක් ද අඩාල වී ඇති බවයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here