මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක්!

0
8


අද (27) දින, විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් ඒ හා සම්බන්ධ විශාල මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ,

” පහුගිය කාලේ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ ගැටලුවක් මතු වුණා. සාමාන්‍යයෙන් දවසට පාස්පෝට් 2800ක් පමණ ඉල්ලුමක් තිබුණත් පසුගිය කාලේ දවසට නිකුත් කලේ පාස්පෝට් 1000ක් විතරයි. ඊට හේතු වුණේ අලුත් වර්ගයේ පාස්පෝට් එකක් නිකුත් කිරීමට රජය ගත් තීරණය සහ එම තීරණය ක්‍රියාත්මක කිරීම බරපතල ලෙස ප්‍රමාද වීම. මෙතෙක් නිකුත් කළේ MRP (Machine Reading Passport). ඒ වෙනුවට චිප් එකක් සහිත, වඩා වැඩි ආරක්ෂක විශේෂාංග සහිත E Passport එකක් නිකුත් කරන්න රජය තීරණය කළා. එහෙම කරන්න නම් අලුතෙන් PKI (Public Key Infrastructure) එකක් අවශ්‍යයි. මුලින්ම ආව EOI (Expression of Interest) එකේ අලුතෙන් පාස්පෝට් කරන කෙනා PKI එකත් කළ යුතුයි කියලා තිබුණා. නමුත් ටෙන්ඩර් එකෙන් ඒක හැලුනා. අන්තිමට ටෙන්ඩර් කැඳෙව්වේ PKI නැතිව.

ටෙන්ඩර් කැඳවීමේ දී සමාගම් හතරක් ඉදිරිපත් වුණා. එයින් සමාගම් තුනක් තමයි සුදුසුකම් ලැබුවේ. ඒ අතරින් epic Lanka සමාගම එක්ක සම්බන්ධ peruriකියන සමාගම ඩොලර් 9.85ක් තමයි ඔවුන් ඉදිරිපත් කලා. ඊලඟට Irish කියන මැලේසියන් සමාගම එක්ක සම්බන්ධ metropoliton කියන සමාගම ඩොලර් 6.37ක් ඉදිරිපත් කරල තිබුණා. ප්‍රංශයේ thales සමාගමට සම්බන්ධ just in time කියන සමාගම ඩොලර් 5.02 ඉදිරිපත් කරල තියනවා. දැන් එතකොට මේකට අනුව අඩුම ප්‍රමාණය ඉදිරිපත් කරල තිබුණ just in time සමාගමට ටෙන්ඩරය ලබාදෙන්න තමයි තීරණය වුනේ. හැබැයි අවුරුදු 21ක් තිස්සෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීම සඳහා මැදිහත් වුණ epic Lanka සමාගම මේ ටෙන්ඩර් කැඳවීමේ ප්‍රශ්නයක් තියනවා කියලා අධිකරණයට ගියා. ඒ කටයුත්ත එක්ක තමයි විද්‍යුත් පාස්පෝට් සම්බන්ධ කතාව පස්සට ගිහිල්ලා ලොකු පාස්පෝට් පෝළිමක් නිර්මාණය වුනේ. 

දැන් මෙතන තියන ප්‍රශ්නෙ තමයි අධිකරණ නඩුවෙදි සාකච්ඡා වුණේ ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් ගැන නෙමෙයි. Epic Lanka සමාගම දිගින් දිගටම කියල තිබුණෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නෙ ඔවුන්ට ඒක නිසා වෙනත් සමාගමකට මේක ලබා දෙනවනං ඒ සඳහා ගෙවීමක් අවශ්‍යයි කියලා. නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වුනා. නමුත් අන්තිමේදි අධිකරණය කියලා තිබුණෙ ගෙවනවනං එක් පාස්පෝට් එකක් සඳහා ඩොලර් 1.5ක් තමයි ගෙවිය යුත්තේ සහ එහෙම ගෙවනවද නැද්ද කියන කාරණය කමිටුවක් මගින් තමයි තීරණය වෙන්න ඕන කියලා. දැන් කමිටුවක් පත් කරල තියෙන්නෙ හැබැයි ඒ කමිටුව තවම නිර්දේශයක් ඉදිරිපත් කරල නෑ. 

දැන් epic Lanka සමාගම ලිපියක් පෙන්නමින් යනවා ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ බලය ඔවුන්ට තමයි තියෙන්නෙ කියලා ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙන්නෙ කියලා. නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියනවා එහෙම ලිපියක් තමන් සතුව නෑ කියලා. දැන් අපිට තියන ප්‍රශ්නෙ තමයි epic Lanka සමාගම කියන විදිහෙ ගිවිසුමකට ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්සන් කලාද ? ඒ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕන. දැනට පාස්පෝට් ලක්ෂ හතහමාරක් නිකුත් කරනවා just in time සමාගම. ඒ නිකුත් කරන හැම පාස්පෝට් එකකටම ඩොලර් 1.45 ගාණේ ගෙවන්න වෙලා තියනවා epic lanka සමාගමට. එතකොට මෙතන ඩොලර් මිලියනයක් විතර මුදල් ප්‍රමාණයක්. මේක අනවශ්‍ය සහ විශාල මහජන මුදල් විනාශයක්. වහාම රජය මේ සම්බන්ධයෙන් වහාම තමන්ගේ ස්ථාවරයක් රටට කියන්න ඕන. 



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here