මස්පිඬු පෙරලීමේ වේදනාව නැති කරන පාරම්පරික අත්බෙහෙත… කෙණ්ඩා පෙරළුනාම අපි මොනවද…

0
20

මස්පිඬු පෙරලීමේ වේදනාව නැති කරන පාරම්පරික අත්බෙහෙත…

කෙණ්ඩා පෙරළුනාම අපි මොනවද නොකරන්නේ? ඒ වේදනාවත් එක්ක අපිට කරන කියනදේත් ඇත්තටම අමතක වෙනවා. මස්පිඬු තදවීමෙන් ඇතිවන මෙම අධික වේදනාව තත්පර කිහිපයක් හෝ විනාඩි කිහිපයක් එක දිගට අපේ ශරීරයේ පැවතිය හැකියි.

සමහරුන්ට රෑට හරියට නිදාගන්නවත් බෑ. නින්දෙදිම කෙණ්ඩ පෙරලෙනවා. ඉතින් මේ වගේ වෙලාවට පාදයේ මාපට ඇඟිල්ල තමන් සිටින දිශාවට ඇදගෙන සිටීම, ලුණු වතුර ආලේප කිරීම වැනි සරල ප්‍රතිකර්ම කිරීම තුලින් මෙම තත්වයට යම් සහනයක් අපට ලබාගත හැකියි.

මස්පිඬු පෙරලෙන්න එක හේතුවක් කියලා නෑ. ඒකට විවිධ හේතු බලපාන්න පුළුවන්. අධික ලෙඩ දහඩිය පිටවීම, රුධිරයේ ඇති ලවණ වර්ග වල වෙනස්වීම්, විවිධ ඖෂධ වර්ග භාවිතය, වැරදි ඉරියව් පැවැත්වීම වැනි බොහෝ හේතු සාධක නිසා මෙම මස්පිඬු පෙරලීම සිදුවෙනවා. මස්පිඬු පෙරලීමේදී පාදය ප්‍රධාන තැනක් ගත්තත් බෙල්ල, උරහිස ආදී ප්‍රදේශ වලත් මෙම මස්පිඬු පෙරලීම් ඇතිවිය හැකියි.

හොඳට වතුර පානය කිරීම, මැග්නීසියම්, විටමින් E සහිත ආහාරපාන ලබාගැනීම වැනි ක්‍රියා පිලිවෙත් තුළින් මෙම මස්පිඬු පෙරලීමේ තත්වය පූර්වයේදී ම බොහෝ සෙයින් වළකාගන්න පුළුවන්.

සමහර වෙලාවට කෙණ්ඩා පෙරළුනාම ඇතිවන වේදනාව ඉක්මනින් පහව යන්නෙ නෑනේ. ඒ වෙලාවට වෙන්නේ අපි හැමෝටම ටිකක් ඉවසීමෙන් දුක් විඳ විඳ ඉන්න. ඒත් අද ඉඳන් හෙළ අරණ පාඨක ඔබට එහෙම වෙන්නෙ නෑ. අපේ පාරම්පරික දේශීය වෙදකමේ සඳහන්ව ඇති මේ මහඟු ගුණ ඇති අත් බෙහෙත හදලා බලන්න. මස්පිඬු පෙරලීමෙන් ඇතිවන ඔබේ වේදනාවන් ඉක්මණින්ම එය නැති කරනවා සිකුරුයි.

අද අපි සකස් කරන මෙම අත් බෙහෙත තැවිලි පොට්ටනියක් සහ ආලේපයක් ලෙස ආකාර දෙකකින් සකසනු ලබනවා.

🔴 අවශ්‍ය ද්‍රව්‍ය
==============

🔸දියලුණු මිටක්
🔸තරමක් පැසුනු ගස්ලබු කැබලි කිහිපයක්
🔸පරණ ගොරකා මිටක් (පරණ වන තරමට හොඳයි)
🔸පිරිසිදු ජලය ටිකක්

🔴 ආලේපය සකසා ගැනීම
=======================

සාමාන්‍ය විදිහට තරමක් පැසුණු (ඉදුණු ගස්ලබු නොවේ) ගස්ලබු කැබලි කිහිපයක් ගෙන එයට වතුර ස්වල්පයක් එකතුකර මිරිස් ගලේ හෝ බ්ලෙන්ඩරයේ දමා හොඳින් කොටාගන්න. එම ගස්ලබු පල්පය පිරිසිදු භාජනයකට දමාගන්න.

🔴 තැවිලි පොට්ටනිය සැකසීම
==========================

01). පැරණි ගොරකා මිටක් පමණ ගෙන බෙහෙත් වංගෙඩියකට දමා හොඳින් තැලී යන සේ කොටාගන්න. මේ සඳහා බෙහෙත් වංගෙඩියක් නොමැති නම් ගෙදර ඇති මිරිස් ගල වුවද භාවිතා කළ හැකියි.

02). ඉන් පසු පිරිසිදු කපු රෙදි කැබැල්ලක් ගෙන එයට මෙම තලාගත් ගොරකා ටික දමා තැවිලි පොට්ටනියක් සේ බැඳගන්න.

ගොරකා ටිකක් සොයාගත නොහැකි අවස්ථාවකදී ගොරකා වෙනුවට ලුණු වලින්ද අපිට මෙම පොට්ටනිය සාදගත හැකියි. නමුත් වඩාත් උචිත වන්නේ මේ සඳහා පැරණි ගොරකා යොදා ගැනීමයි.

03). ඉන්පසු මෙම පොට්ටනිය කඩපිම්මේ හෝ ස්ටීමරයක තබා තම්බා ගන්න. මෙය ශරීරයේ තැබිය හැකි උෂ්ණත්වයකට තම්බා ගැනීම ප්‍රමාණවත්.

🔴 ප්‍රතිකාරය සිදුකරන අන්දම
==========================

01). පිරිසිදු වතුර ටිකට ලුණු ටිකක් දමා හොඳින් දියකරගන්න.

02). එය රෝගියාගේ ශරීරයේ වේදනා සහිත ස්ථාන වල හොඳින් ආලේප කරන්න.

03). ඉන්පසු ගොරකා පොට්ටනිය ගෙන එම ලුණු ආලේප කල ප්‍රදේශය හොඳින් තවාගන්න.

04). ඉන්පසුව මෙම ගස්ලබු ආලේපය ආලේප කර ටික වේලාවක් තබන්න.

සුළු මොහොතකින් ශරීරයේ වේදනාව නැති වී ඔබට ලොකු සහනයක් ලැබේවි.

මීට අමතරව වාත විදුරංග, මහා මාංශ, නාරායන වැනි තෙල් වර්ගයක් පහන් දැල්ලකින් රත්කර කෙණ්ඩා පෙරලෙන ස්ථානයේ අලේප කිරීම, භාෂ්කරලවණ, වජ්රක්ෂාර වැනි ඖෂධ වර්ග වලින් සිදුකරන ප්‍රතිකාර මඟින් කෙණ්ඩා පෙරලීම ඔබට ස්ථීරවම සුව කරගත හැකියි. නමුත් ඔබ මෙම ප්‍රතිකාරයන් සිදුකල යුත්තේ දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ පූර්ණ අනුදැනුම යටතේයි.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔶. අර්ශස් සුවකරන පුරාණ අත්බෙහෙත 👇
https://m.facebook.com/story.php?story_fbid=2408386786122477&id=1839559759671852

🔷. මුඛ දුර්ගන්ධය නැතිකරන අත්බෙහෙත් 👇
https://m.facebook.com/story.php?story_fbid=2414628618831627&id=1839559759671852

🔶. පණු රෝග වලට දෙන සරලම අත් බෙහෙත 👇
https://m.facebook.com/story.php?story_fbid=2470388339922321&id=1839559759671852

🔷. බෙල්ලේ තුනටියේ වේදනාව සුවකරන කසාය වට්ටෝරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2487046404923181&id=1839559759671852

‍👩‍⚕‍ තොරතුරු :- දේශීය වෛද්‍ය රමණි සේනාරත්න මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #කෙණ්ඩා #cramp #musclecramp




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here