Google search engine
Home ගොසිප් පුවත් මව රට රැකි­යා­ව­ක – පියා භාරයේ සිටි 14 දැරිය විවා­හ­ක­යකු සමඟ...

මව රට රැකි­යා­ව­ක – පියා භාරයේ සිටි 14 දැරිය විවා­හ­ක­යකු සමඟ පැන ගිහින්

0
9

galewela-incident

 14 හැවි­රිදි දෑරි­යක නීත්‍ය­නු­කූල භාර­කා­ර­ත්ව­යෙන් අප­හ­ර­ණය කර ස්ත්‍රී දූෂ­ණ­යක් සිදු කිරීම සම්බ­න්ධ­යෙන් විවා­හක පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි. මෙම සැක­කරු වින්දිත පාසල් දැරිය සමඟ මාස­යක පමණ ප්‍රේම සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති අතර,  පසුව ඔහු ඇය නාඋල ප්‍රදේ­ශයේ සිය මිතු­රෙ­කුගේ නිවෙ­සට රැගෙන ගොස් එහි දී මෙම අප­රා­ධය සිදු කර ඇති බව පොලි­සිය කළ මූලික පරී­ක්ෂ­ණ­වල දී අනා­ව­ර­ණය වී ඇත.

මෙම දැරිය සිය පියා භාරයේ වාසය කර ඇති අතර, මව රැකි­යා­වක් කිරීම සඳහා විදෙ­ස්ගත වී ඇත. තම දිය­ණිය පුද්ග­ල­යකු සමඟ පැන­යාම සම්බ­න්ධ­යෙන් පියා පොලි­සි­යට පැමි­ණිලි කර ඇත්තේ ඉන් අන­තු­රු­වයි. පසුව පියා සිය දිය­ණිය ගෙන්වා­ගෙන පොලි­සි­යට ඉදි­රි­පත් කර ඇති බව වාර්තා වේ. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන පසු­ගිය 11 වැනිදා දඹුල්ල මහේ­ස්ත්‍රාත් සව්රුද් ජිහාන් මහ­ත්මිය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කළාය. දැරිය වෛද්‍ය­ව­ර­යකු වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව පරි­වාස නිල­ධා­රින්ට භාර දීමට පොලි­සිය විසින් පිය­වර ගන්නා ලදි.

ගලේ­වෙල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක විපුල බණ්ඩාර මහ­තාගේ උප­දෙස් පිට ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ශානිකා රණ­සිංහ මහ­ත්මිය පරී­ක්ෂණ පව­ත්වයි.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here