මල්වතුහිරිපිටියේ දී පොලිස් නිලධාරියාට එරෙහිවූ සැකකරු අත්අඩංගුවට | Sri News

0
7


මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ගිනි අවිය පැහැරගෙන ගිය සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා

බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිඳ සමගයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ

මල්වතුහිරිපිරිය, බටේපොල ප්‍රදේශයේ දී  (10) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකෙරුණා

මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වුයේ මල්වතුහිරිපිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්. (10) අලුයම් කාලයේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් රථ වාහන පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම අවස්ථාවේ තිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේ දී ඔහු පොලිස් නිලධාරීන්ගේ මිදී පළායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here