මල්වතුහිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක්

0
7

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

එමෙන්ම ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 10 ක දීමනාවක්ද ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන් ප්‍රියන්ත මහතා මියයන විට 51 වැනි වියේ පසුවූ දෙදරු පියෙකි.

ඔහු පූගොඩ පදිංචිකරුවෙකි.

 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here