ඔහු සඳහන් කරන්නේ එම යෝජනාව ඔහු ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු යෝජනා කර තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවයි.
එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ මන්ත්‍රීවරුන්ට ලබා දී තිබු සුවිශේෂී වරප්‍රසාදයක් පිළිබඳවද ඔහු මෙහිදී කරුණු හෙළිකර තිබෙනවා.
Sri News Media