මද උණුසුම් ජලය පානය කිරීමෙන් අපට ලැබෙන වාසි… අසනීප ගතියක් හැරුණු විට අපි කවුර…

0
6

මද උණුසුම් ජලය පානය කිරීමෙන් අපට ලැබෙන වාසි…

අසනීප ගතියක් හැරුණු විට අපි කවුරුත් මද උණුසුම් වතුර බොන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි සිසිල් ජලයට හුරු වී සිටීම. උණු වතුර බිව්වම දහඩිය දමනවා, රස්නෙයි වගේ හැඟීමක් අපිට තිබෙනවා. ඒ නිසා තමයි වතුර තිබහක් ඇතිවෙන හැම වෙලාවකම අපි ඉබේටම වගේ ශීතකරණය ළඟට යන්නේ. සීතල ජලය ශරීරයට තාවකාලික පහසුවක් ගෙන දුන්නට මද උණුසුම් වතුර පානය කිරීම ඔබ නිරෝගී කරමින් තවත් බොහෝ ප්‍රතිලාභ ගෙනදෙන බව සමහරවිට ඔබ දැනගෙන ඉන්නෙ නැතිව ඇති.

🔴 සිරුරේ මේදය දහනය කරනවා

ඔබ ඔබේ බර අඩු කරගන්න හිතාගෙන එක එක විදිහේ උපක්‍රම පාවිච්චි කරනවා ඇති. නමුත් ඔබ දන්නවද හැමතිස්සෙම මද උණුසුම් ජලය පානය කිරීමෙන් දවසකට බර 20g කින් අඩුකරගන්න පුළුවන් කියලා. උණුසුම් ජලය සිරුරෙන් මේදය දියකර හරින්න යම්තාක් මට්ටමින් උදව් වෙනවා. පුංචි ප්ලාස්ක් එකක් අරගෙන උණු වතුර ටිකක් දාලා තියාගන්න. වතුර තිබහක් දැනෙන හැම වෙලාවකම ඒකෙන් ටිකක් බොන්න.

🔴 නාසයේ සහ උගුරේ අවහිරතා නැති කරනවා

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනම උණු වතුර වැඩිපුර බොන්න ඕනෙ කියලා අපි අහල තියෙනවා. ඒ වගේම උගුරේ අපහසු වලටත් හොඳම ඔසුවක් තමයි උණුවතුර. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ අසනීප තත්වයන් ඉතා සුළු අසනීප වුණත් ඒවා වැළඳුනාම බොහොම අපහසුතාවයක් දැනෙනවා. පුරුද්දක් විදිහට මද උණුසුම් ජලය පානය කළොත් මේ වගේ රෝග වැළඳීමෙන් බේරිලා පුළුවන්.

🔴 ආර්තව වේදනා වලට සහනය ලැබෙනවා

ආර්තවය සිදුවන දිනවල උදරයේ වේදනාවන් ඇති වීම සාමාන්‍ය දෙයක්. මේ වේදනාවට තියෙන එක් සහනයක් තමයි මද උණුසුම් ජලය පානය කිරීම. සමහර විට ඔබට හිතෙයි ආර්තවය නිසා සිරුරේ උෂ්ණත්වය ඉහල යාමත්, උණුසුම් ජලය පානයත් නිසා අපහසුතා ඇති වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. උදරයේ වේදනාවට උණුසුම් ජලය පානයෙන් ලොකු සහනයක් ලැබෙනවා. ඒක ඔබටම තේරේවි.

🔴 සිරුරේ විෂ ඉවත් කරනවා

විවිධ ආහාර වර්ග නිසා නිරන්තරයෙන් සිරුරට අහිතකර දේවල් එකතු වෙනවා. ඒ කියන්නේ ක්ෂණික ආහාර වල තිබෙන රසායනික ද්‍රව්‍ය, රසකාරක වගේ දේවල්. මේවා සිරුරේ තැන්පත් වීම දිගුකාලීන අසනීප තත්ත්ව වලට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට එකතුවෙන විෂ ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම පහසු නැහැ. නමුත් පුරුද්දක් විදියට උණුසුම් ජලය පානය කරනවා නම් බොහෝ විෂ ද්‍රව්‍ය සිරුරේ එක් රැස් වී තිබෙන්නේ නැහැ. ඒවා උණුසුම් ජලය සමඟ දියවී සිරුරෙන් ඉවත් වෙනවා.

🔴 දහඩිය දැමීම සිදුවෙනවා

දහඩිය දැමීම අපි හැමෝටම කරදරයක්. නමුත් ඕනෑම පුද්ගලයකුට දහඩිය දැමීම අත්‍යවශ්‍ය දෙයක්. දහඩිය දැමීම මඟින් සිරුරේ සමතුලිතාව රඳා පවත්වා ගන්නවා. උණුසුම් ජලය පානයෙන් දහඩිය දැමීම යම් ප්‍රමාණයකින් වැඩි කරනවා. එය ඔබේ සිරුරට අපහසුතාවක් ගෙන දුන්නත් එය සිදුවිය යුත්තක්.

🔴 අකලට වියපත් වීම පමා කරනවා

කවුද කැමති අකලට වියපත් ලක්ෂණ පෙන්නනවට? විශේෂයෙන්ම කාන්තාවන් නම් කැමතිම නැහැ. උණුසුම් ජලය මගින් වියපත් ලක්ෂණ පෙන්වීම අඩු කරන්නේ මෙහෙමයි. යම් යම් හේතු නිසා සමේ සෛල හානි වෙන අවස්ථා තිබෙනවා. එවැනි සෛල ප්‍රතිස්ථාපනය නොවුනොත් වියපත් ලක්ෂණ ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් උණුසුම් ජලය පානයෙන් එවැනි වූ හානි සෛල ප්‍රකෘති තත්වයට පත් වෙනවා. ඒ කියන්නේ වියපත් ලක්ෂණ ඇති වීම ප්‍රමාද වෙනවා.

🔴 කුරුලෑ ඇති වීම වැළකෙනවා

කුරුලෑ ඇති වීමත් බොහෝමයක් තරුණ තරුණයින්ට තිබෙන ප්‍රශ්නයක්. නමුත් කුරුලෑ අඩු කරන්න නම් උණු වතුර බීලා විතරක් මදි. ඔබ පුරුද්දක් විදිහට මුහුණ ක්ලෙන්ස් කරන කෙනෙක් නම් ක්ලෙන්ස් කරද්දි මද උණුසුම් වතුර ටිකක් පාවිච්චි කරන්න. ඒ වගේම ක්ලෙන්ස් කරලා මුහුණ සෝදා හරින්නත් මද උණුසුම් ජලයම පාවිච්චි කරන්න. නමුත් හැමතිස්සෙම පුරුද්දක් විදියට උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න එපා.

🔴 සිරුර ප්‍රබෝධමත් වෙනවා

උණුසුම් ජලය පානය කිරීමෙන් ඕනෑම කෙනෙකුගේ සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය කාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ රුධිර ගමනාගමනය කාර්යක්ෂම වීම සිදු වෙනවා. මේ නිසා සිරුරේ සෑම ඉන්ද්‍රියකටම හොඳින් රුධිරය සැපයෙනවා. මෙය ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කර ගැනීමට ලොකු පිටුවහලක්.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸මේදය දහනය කරන, සිරුර සිසිල් කරන මින්චි කොළ තේ පානය 👇
https://m.facebook.com/story.php?story_fbid=2359303534364136&id=1839559759671852

🔹සීතල දිය නෑමේ වාසි 👇
https://m.facebook.com/story.php?story_fbid=1924390827855411&id=1839559759671852

🔸තණකොළ මත ඇවිදීමෙන් ලැබෙන වාසි 👇
https://m.facebook.com/story.php?story_fbid=1925826514378509&id=1839559759671852

🔹හොඳට කාලා බීලා හැඩට ඉන්නේ මෙහෙමයි 👇
https://m.facebook.com/story.php?story_fbid=1980664978894662&id=1839559759671852

👧 තොරතුරු :- දුලංජලී මුතුවාඩිගේ
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #උණුසුම් #ජලය #උණු #වතුර #hotwater #hot_water #benifitsofhotwater #benifits_of_hotwater #hot #water #healthylife #ayurvediclifestyle




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here