මට වුණ දේ තව කාටවත් වෙන්න දෙන්න බැහැ – වෛද්‍ය ශාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්!

0
39


තමන්ට සිදුවූ වැරැද්ද තවත් කෙනෙකුට සිදුවීම වැලැක්වීම වෙනුවෙන් තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි වෛද්‍ය ශාෆි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

” මට වුණ වැරැද්ද වෙන කාටවත් නොවෙන්න සමාජයේ යුතුකමක් ඉෂ්ට කරන්න අද මම ඒ පැමිණිල්ලට අදාළව මට විරුද්ධව කටයුතු කළ සියලු දෙන වෙනුවෙන් මම පැමිණිල්ලක් දාලා තියෙන්නේ. අවුරුදු පහකට කලින් මගේ කතාව පටන් ගන්නේ. අත්අඩංගුවට අරගෙන පැමිණිලි සොයාගෙන ගියා. ඇතැම් මාධ්‍යවේදීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු සමහර නිලධාරීන් ඒ කාලේ කුරුණෑගල DIG හිටපු කිත්සිරි ජයලත් මහත්මයා, මහින්ද මහත්තයලා එකතු වෙලා මේ කුමන්ත්‍රණය කරන කාලේ කිසිම පැමිණිල්ලක් නැතුව මාව අත්අඩංගුවට අරගෙන මාස දෙකක් තිස්සේ මටයි මගේ ළමයින්ටයි, මගේ පවුල මුහුණ දීපු ප්‍රශ්න ඔයලා සියලු දෙනාම දන්නවා. මගේ වෘත්තීය විනාශ කරන්න SLMC එකට ගිහින් පැමිණිලි කළා. මගේ දේපළ සම්බන්ධව බ්‍රයිබරි කමිෂන් එකට කම්ප්ලේන් කළා. සමාජයට මුහුණ දෙන්න බැරි තරම් ප්‍රශ්න මට ඇති කළා. මගේ දුව එග්සෑම එකට ඇප්ලයි කරන්නේ මලියදේව පාසලෙන්. එයා එග්සෑම් ලියන්න එනකොට දුවට ඉස්කෝලේ නැහැ. එහෙම ප්‍රශ්නවලට මුහුණ දීලා අද වෙද්දී මෙච්චර ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා මට ඔයා දැන් නිදොස් කොට නිදහස් කිව්වම එතනින් යුක්තිය ඉෂ්ට වුණාද කියල මම සමාජයෙන් අහනවා. මම මේ සමාජය වෙනුවෙන් තමයි අදත් පෙනී සිටින්නේ. මට වෙච්ච අසාධාරණය තවත් රජයේ සේවකයෙකුට නොවෙන්න ඕනේ හින්දා තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාව ඉෂ්ට කරගැනීම සඳහා මෙම නාටකය පටන් ගෙන කරගෙන ගිය අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියල තමයි මම මේ කම්ප්ලේන් එක දාලා තියෙන්නේ.”

මේ අතර මීට ඉහතදී තමන් සහ බිරිඳ විසින් සිදුකරන ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුව නොමැති අතර එම නාටකයට සම්බන්ධ වූ නිලධාරීන් ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගමිනි ඉහළ තනතුරුවලට ගිය බවද ශාෆි මහතා කියාසිටියේය.

ඕන බොරුවක් කියා අත්අඩංගුවට ගෙන මනුස්සයෙකුගේ,පවුලක ජීවිතය විනාශ කරන මෙවැනි කුමන්ත්‍රණවලින් රට මුදාගැනීම වෙනුවෙන් තමන් මේ පැමිණිල්ල සිදුකළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here