මගේ ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…

0
27

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පමණක් ඊට සහන ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය.

රටේ දරුවන් බේරා ගැනීම සඳහා එය සිදු කරන බවද පැවසූ ඔහු මෙම ප්‍රකාශයෙන් තමන්ට ඡන්ද නැති වන නමුත් දරුවන් වෙනුවෙන් සිදුකරන බවත් හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.

දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල තම පක්‍ෂය බලයට ආපසු අවලංගු කරන බවද ඔහු තවදුරටත් පැවසුවේය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here