භාවනාවක් වගේ සැහැල්ලු මනසකින් නින්දට යන්න මේ සුන්දර ප්‍රතිකර්ම අනුගමනය කර…

0
15

භාවනාවක් වගේ සැහැල්ලු මනසකින් නින්දට යන්න මේ සුන්දර ප්‍රතිකර්ම අනුගමනය කරන්න..

ආහාර නින්ද බ්‍රහ්ම චර්‍යාව ආයුර්වේදයට අනුව සෞඛ්‍ය රැකගන්නා ස්තම්භ තුනක් ලෙස දක්වයි. සුව පහසු නින්දක් ලබාගාන්නා පුද්ගලයාගේ ශාරිරික මෙන්ම මානසික සමතුලිත භාවය ඔහුගෙ ක්‍රියාකාරකම් හොඳින් පවත්වාගෙන යාමට වැදගත් වේ. ආයුර්වේද අර්ථයෙන් ගත් කල කෝප වූ වාත දෝෂය ඇති විට සහ අපගේ මනස ඕනෑවට වඩා සිතුවිලි සමඟ ක්‍රියා කරන විට, එය පහසුවෙන් සන්සුන් කළ නොහැකියි. ඉතින්, මෙම ගැටළුවට පැහැදිලි විසඳුම වන්නේ මෙලෙස ඇතිවන ආතතිය සමනය කිරීමයි. නමුත් එය සිදු කිරීම තරමක් අපහසු කාර්යයකි.

සෑම රාත්‍රියකම එකම වේලාවක එනම්, රාත්‍රී 10 ට පෙර නින්දට යාමට සැලසුම් කිරීම සහ සන්සුන් මනසකින් නින්දට යාම පුරුද්දක් ලෙස දින චර්‍යාවට එකතු කරගන්නේ නම් එය වඩාත් සුදුසුයි. ඇඳට යන්න, මනස හිස් කරගන්න, ඔබ දවස පුරා රඳවාගෙන සිටි හැම සිතුවිල්ලක්ම අතහැර දමා යහපත් නින්දක් වෙනුවෙන් මනස පුහුණු කරන්න. ඔබේ මනසටම කෘතගුණ වන්න. ඔබෙ කය හා මනස පහසුවෙන් ලිහිල් කිරීමට පහත සඳහන් ආයුර්වේදය ප්‍රතිකර්මයන් අනුගමනය කිරීමට උත්සාහ කරන්න.

🔴 ජැස්මින් සහ රෝස වලින් සකස් කල තෙල් උණුසුම් ස්නානය කරන්න

සමන්පිච්ච (ජැස්මින්) සහ රෝස වලින් සකස් කල Essential Oil සමඟින් උණුසුම් ස්නානයක් සිදු කරන්න. මෙම තෙල් වර්ග විශේෂයෙන් යෝජනා කරන්නේ ඒවායේ මනස සන්සුන් කරන පදාර්ථ කයට මෙන්ම මනසටද සුවපත් භාවයක් ගෙන එන නිසයි. රෝස සහ ජැස්මින් ආතතිය අඩු කරයි. හදවත විවෘත කරයි. නිෂේධාත්මක හැඟීම් පවිත්‍ර කරයි. මෙහි පරමාර්ථය වන්නේ ඔබේ මනස වෙනත් තත්වයකට සැහැල්ලුවෙන් ගත කිරීමට සූදානම් කිරීමයි.

🔴 නාඩි ශෝධන ප්‍රාණයාමය සිදු කරන්න

ඔබේ ඇඳ මත වාඩි වන්න. ඇස් වසා ගන්න. ඔබේ දකුණු නාස් පුඩුව වසා ඔබේ වම් නාස් පුඩුව හරහා ආශ්වාස කරන්න. ඉන්පසු, ඔබේ වම් නාස්පුඩුව වසා ඔබේ දකුණු නාස් පුඩුවෙන් හුස්ම ගන්න. ඔබේ දකුණු නාස් පුඩුව හරහා ආශ්වාස කරන්න, ඔබේ දකුණ වසා, ඉන්පසු ඔබේ වම් නාස් පුඩුව හරහා හුස්ම ගන්න. මිනිත්තු 10ක් මෙම ප්‍රාණයාමය දිගටම කරගෙන යන්න. එය මොළයේ වම් සහ දකුණු අර්ධගෝලය සමතුලිත කිරීමට උපකාරී වේ.

බ්‍රහ්මාරි ප්‍රාණයාමයද එවැනි තවත් ලිහිල් කිරීමේ විකල්පයකි. සරලව ආශ්වාස කරන්න. ඔබ හුස්ම ගන්නා විට සෙමින් “ඕම්” යැයි මුමුනන්න. මිනිත්තු 05ක් මේ ආකාරයෙන් ඉදිරියට කරගෙන යන්න.

🔴 උණුසුම් කිරි වීදුරුවක් පානය කරන්න

ආයුර්වේදය තුළ සීතල කිරි බැහැර කරනු ලැබේ. නමුත් උණුසුම් කිරි සුව කිරීම සහ සන්සුන් කිරීමට සමත් යැයි සැලකේ. කිරි වල අඩංගු වන්නේ එල්-ට්‍රිප්ටෝෆාන් (L-tryptophan) නම් ඇමයිනෝ අම්ලය වන අතර එය සෙරොටොනින් (Serotonin) සහ මෙලටොනින් (Melatonin) වලට පූර්වගාමියා ද වෙයි.ඒවා සුවදායී නින්දකට හේතු වෙයි.

මෙම කිරි වලට සාදික්කා ස්වල්පයක් එක්කිරීමෙන් එයට යම් මිහිරි රසයක් ලැබෙන අතර එය තව තවත් ස්වාභාවික නින්දට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. “උණුසුම් කිරි සහ සාදික්කා” සංයෝජනය ඔබව මුළුමනින්ම සැහැල්ලු කර ඔබට නිදා ගැනීමට සුදුසු පරිසරයක් ලබා දෙයි.

🔴 ගිතෙල් සම්බාහනය කරන්න

ආයුර්වේදයේදී ගිතෙල්, ස්වයං සම්බාහනය සඳහා හොඳම ද්‍රව්‍යයක් ලෙස සැලකේ. එය අපව සිසිල් කිරීමට සහ සන්සුන් කිරීමට හේතුපාදක වෙයි. එය ඔබට සජලනය හා ඔක්සිකරණය ලබා දෙයි. පිත් ශමනය කර සිරුරට සිසිල් බවක් ලබා දේ.

🔴 ඇඳට යාමට පෙර පාද සම්බාහනය කරන්න

පාද සම්බාහනය කිරීම ඇඳට යෑමට පෙර කළ යුතු තවත් පිළිවෙතකි. සෑම පාදයකම ස්නායු අන්තයන් 7,000 කට වඩා පිහිටා ඇත. එබැවින් පාද දෙකටම සම්බාහනයන් ලබා දීමෙන් මුළු සිරුරම ලිහිල් වේ. ස්නායු ආරම්භ වන හිස්කබල සම්බාහනය කිරීම සංසන්දනාත්මක බලපෑමක් ඇති කරයි. ආයුර්වෙදයේ මසාජ් තෙරපි යටතේ එන රෙෆ්ලෙක්සොලොජි (Reflexology) නම් වූ ක්‍රමවේදය මෙයයි .

🔴 සගන්ධ තෙල් ආඝ්‍රාහණය කරන්න

ඔබේ කොට්ටය මත හෝ ඔබේ මැණික් කටුව මත සගන්ධ තෙල් බින්දු කිහිපයක් තවරන්න. ආයුර්වේදය සගන්ධ තෙල් ආශ්වාස කිරීම ශරීරය සහ මනස සනසාලීමට, හදවත විවෘත කිරීමට සහ නින්දට දිරිගැන්වීමක් වනු ඇතැයි විශ්වාස කෙරේ. තැඹිලි, එනසාල්, ජැස්මින්, බැසිල් සහ වැනිලා මෙන්ම ලැවෙන්ඩර් තෙල් ද මෙ සඳහා නිර්දේශ කරයි. ඔබේ ශරීරය සිසිල් කිරීමට සහ ස්නායු සන්සුන් කිරීමට බ්‍රාහ්මී තෙල් ද භාවිතා කළ හැකියි.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸සුවැති නින්දක් ගෙනෙන විශ්මිත පාන වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=2389846361309853&id=1839559759671852

🔹නින්ද නොයන අයට ලබාදෙන අනෝදා මල් තම්බපු වතුර 👇
https://m.facebook.com/story.php?story_fbid=2263415363952954&id=1839559759671852

🔸සැපට නින්ද යන ආහාර වර්ග 👇
https://m.facebook.com/story.php?story_fbid=1989417158019444&id=1839559759671852

🔹ජීවිතය නිරෝගීකරවන සුවබර නින්ද 👇
https://m.facebook.com/story.php?story_fbid=2088348954792930&id=1839559759671852

👩‍⚕️ සටහන -: දිනුෂි හංසනී ධර්මසූරිය (ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා – දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාලය)
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #සුවදායක_නින්ද #සුවබර_නින්ද #නින්ද #sleep #bettersleep #calmsleep #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here