භාවනානුයෝගී භික්‍ෂුන් ශ‍්‍රීපාදයේදී ප්‍රකාශනයක් එළි දක්වති.. රට බාර දිය නොදිය යුතු අය නම් කරති..

0
3


දුරුතු පොහෝදා ගිහි-පැවිදි පිරිසක් භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා කැටුව සමනොල ගිරේදී අධිෂ්ඨාන තබා ප්‍රකාශනයක් එළි දක්වති. ජනාධිපතිවරණයේදී රට භාර දිය-නොදිය යුත්තේ කාටද යන්න නම් ගම් ඇතුව පවසති.

ඊයේට යෙදුණු දුරුතු පුර පසලොස්වක පොහෝදා උදෑසන සමනල කදු මුදුනට භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා පිරිසක් සමග පැමිණි ගිහි පැවිදි කණ්ඩායමක් විශේෂ අධිෂ්ඨාන පුජාවක් පවත්වා ඇතිවන විපතින් රට මුදා ගන්නා ලෙස බාර හාර වීමක් සිදු කරන ලදි. එහිදී සමනලගිරි ප්‍රකාශය නමින් ලියවිල්ලක් එලි දැක්වීමටද එම පිරිස කටයුතු කළේය.

පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.

පෙම්බර ලංකා- සමනලගිරි ප්‍රකාශය

දෙවන ලෝක යුද්ධයෙන් පසු තත්කාලීන ලෝකයේ ඇති වූ විෂම සමාජ දේශපාලනික තත්ත්වය හමුවේ ලක් මාතාව අද පවතින තත්ත්වයෙන් හෝ රැක ගැනීමට හැකි වූයේ 1951 වසරේ SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹුණු මැද මාවතේ දේශපාලන බලවේගය ශක්තිමත් වීම හේතුවෙනි. අන්තවාදී බලවේගවලට රට දැය යට නොවීමටත්, හමුදා කුමන්ත‍්‍රණ ඇති නොවීමටත්, එක් නොබෙදුණු රටක් ලෙස ලක් මාතාව පැවතීමටත් එකී දේශපාලන ව්‍යාපාරය මූලික විය. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂගේ අදූරදර්ශී, අපරිණත ක්‍රියා කලාපයත්, සෙසු සාමාජිකයන්ගේ බල ලෝභී ක්‍රියා කලාපයත් හේතුවෙන් එකී මැද මාවතේ දේශපාලන බලවේගය අද මුළුමනින්ම පාහේ දුර්මුඛ වී ඇත.

පරම්පරා ගණනක් ඒ හා බැඳී සිටි මිලියන ගණනක දේශීය ජනතාවගෙන් කොටසක් අද මාලිමාවේ කපටි බල ව්‍යාපෘතියට නතු වී ඇත. බහුතරය වික්ෂිප්තව බලා සිටිති. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් එය ලබන ඔක්තෝබර් මාසයේදී කෙළවර වනු ඇත්තේ පොල්පොට් පන්නයේ අච්චාරැ මාලිමා පාලනයකින් හෝ ඉන්දියාව මෙහෙයවන මනෝ-හකීම්-මුජිබර් ග්‍රහණයට සහ බෝන් අගෙන් මෙහෙයවීමට නතුවන පාලනයකින් හෝ අනීතිකව සිය පාලනය දිගු කර ගන්නා රනිල්ගේ භීෂණ යුගයකිනි.

මේ ඛේදනීය තත්ත්වයෙන් ලක් මාතාව ගලවා ගත හැකි එකම මග 1951 දී බිහි වූ මැද මාවතේ ජාතික-ප්‍රගතිශීලී -වාමාංශික දේශපාලන කඳවුර ශක්තිමත් කිරීමම පමණි.

ඒ සඳහා අද ඇති එකම බාධකය ජාතික, ප්‍රගතිශීලී, වාමාංශික බලවේග එක් කල හැකි නායකයකුගේ අඩුව පමණි. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු ඒ සඳහා කිසිවකු තව දුරටත් පිලි නොගනී. එම පවුලෙන් පිට දේශපාලන අත්දැකීම් ඇති නායකයකු ඒකජන්දයෙන් පත් කර ගත හැකි නම් නැවත මාස 3 ක් ඇතුලත විසිර ගිය බලවේග එක කරගත හැකිය. මාලිමාව පසුපස ගොස් අතරමන් වී සිටින පිරිස ද නැවත සිය මුල් නිවසට පැමිණෙනු ඇත.

ඒ නායකයා කවුද?

නායකයන් බිහි වන්නේ ස්වභාව ධර්මයේ ආශීර්වාදය ඇතිවයි. ජනාධිපතිවරණයක් අභිමුව ජාතික-ප්‍රගතිශීලී- වාමාංශික කඳවුරට දේශපාලන නායකයකු බිහි වීමට තවත් කාලය ඉතිරිව ඇත. ඒ සඳහා සුදුසු පුද්ගලයන් 12 නාම ලේඛනයක් මෙහි දැක්වේ. ඒ සියලූ‍ දෙනාම කැබිනට් ඇමතිධුර දැරූ හෝ දරන පාර්ලිමේන්තු අත්දැකීම් ඇති පුද්ගලයන්ය. මිනිසුන්, නායකයන් මැවිය නොහැකිය. අප කල යුත්තේ ඉන්නා අයගෙන් සුදුස්සකු තෝරා ගැනීමයි. ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහ මේ 12 දෙනාගේ සම්මුතියෙන් මේ අතුරින් එක් අයකු ඉදිරියට ගෙන එම අද දවසේ ජාතික අවශ්‍යතාවයි.

1 කුමාර වෙල්ගම (73)
2 සරත් වීරසේකර (72)
3 සුසිල් පේ‍්‍මජයන්ත (69)
4 ඩලස් අලහප්පෙරුම (64)
5 විජේදාස රාජපක්ෂ (64)
6 චම්පික රණවක (58)
7 රමේෂ් පතිරණ (54)
8 දයාසිරි ජයසේකර (54)
9 විමල් වීරවංශ (53)
10 උදය ගම්මන්පිල (53)
11 රොෂාන් රණසිංහ (48)
12 චන්න ජයසුමන (43)

(මෙහි අනුපිලිවෙල දක්වා ඇත්තේ වයස මත පදනම්ව පමණි. වරහන් ඇතුලේ ඔවුන්ගේ වයස අවුරුදුවලින් දක්වා ඇත).

මේ ගැන ගැඹුරින් කල්පනා කර එකිනෙකා අතර ඇති අසමගිකම්, හිත් අමනාපකම්, සුළු දුර්වලතා අමතක කර රටේත්, දැයේත් යහපත උදෙසා ජාතික, ප්‍රගතිශීලී, වාමාංශික බලවේග එක් කල හැකි නායකයකු බිහි කර ගැනීමට ඔබ සැමගේ ආශීර්වාදය අවශ්‍යය.

එමෙන්ම මෙම කඳවුර දුර්මුඛ කල පහත පුද්ගලයන් 12 දෙනා කිසිදු ලෙසක නැවත වැද්දා නොගත යුතුය.

මේ උතුම් කටයුත්ත සඳහා අද දවසේ සිට කැප වෙමු.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here