බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පොළව යට සඟවා තිබූ ජංගම දුරකතන කිහිපයක් සොයා ගැනේ

0
3


බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඒ සහ ඩී වාට්ටුවල පොළව යට සූක්ෂම ලෙස සඟවා තිබු ජංගම දුරකතන ඇතුලු උපාංග කිහිපයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයා ගත්තා.

විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ ඒ සහ ඩී වාට්ටුවල හදිසි සොදිසි මෙහෙයුමක් සිදුකළා.

එහිදි එම වාට්ටුවල ඇතුලත පොළව හරා සූක්ෂම ලෙස සඟවා තිබු ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් , කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන දෙකක් , සිම්පත් 4ක් ,මෙමරි චිප් එකක් , චාජර් දෙකක් ඇතුලු තවත් උපකරණ රැසක් සොයා ගැනුනා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකෙරෙනවා.

 

 

 

 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here