බුදු දහමෙන් පිලිපන් රුවන් වැකි – Sri News

0
9


නිවැරදි ජීවිත දර්ශනයක් ගොඩනගා ගැනීමට අපට මඟ පෙන්වන ධම්මපදය අප කළ කළ යුතු හා නොකළ යුතු දේ පෙන්වා දෙයි.යහපත් දේ කිරීමේ ආනිශංස වගේම අයහපත් දේ කිරීමේ ආදීනව ද මේ හරහා පැහැදිලි කරයි අපට අපේ දිවිමඟ සරුකර ගැනීමට අවශ්ය විවිධ පාඩම් එමගින් ඉදිරිපත් වෙයි පාඩම් කිහිපයක් එහි එන ගාථා හරහා අපට ඉගෙන ගැනීමට පුළුවන්.

සම්බුද්ධ ශාසන වංශ කතාවට අගනා පිටු කිහිපයක් එකතු කළ අශෝක අධිරාජයා බෞද්ධයකු බවට පත්වන පත්වන නිග්රෝධ රහත් සාමණේරයන් වහන්සේ දේශනා කළ කළ ධර්මය ශ්රවණය කිරීමෙන් උන්වහන්සේ උන්වහන්සේ ධර්මය දේශනා කළේ ප්රමාදී ව කටයුතු කිරීමේ ආදීනව සහ අප්රමාදව කටයුතු කිරීමේ කිරීමේ ආනිශංස පැහැදිලි කරමින් පැහැදිලි කරමින් ඒ සඳහා තෝරා ගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් කොසබෑ නුවර කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ හි වැඩ සිටි කාලයේ සාමාවතී බිසව ඇතුළු 500කගේ හා හා මාගන්දි බිසව ඇතුළු 500කගේ අකල් මරණ අරභයා දේශනා කරන ලද ගාථාවන්ගෙන් එකකින් එම ගාථාවෙන් දෙන පණිවුඩය අපටද ඉතා වැදගත් වෙයි.

 

අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා

නොපමා බව නිවනට මාර්ගයයි පමා බව මරණයට මාර්ගය මාර්ගයට mao නොමැරෙන මම අපමාවූ නොමැරෙන මම අනුව මළවුන් වැනි සේවෙන් මෙහි අප්රමාදය හෙවත් නොපමා බව නම් යහපත් දේ කිරීම ගැන දක්වන සැලකිල්ල වෙයි කුසල් කිරීමේ සිහිය ලෙස එය හැඳින්වේ කමත යනු නිර්වාණයයි නම් නම් සියලු ම කෙලෙසුන්ගෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වීමයි එයට අප්රමාදය අවශ්ය වන පමා බව හෙවත් ප්රමාදය නම් කුසල් කිරීමෙහි සිහියත් සැලකිල්ලක් ඇති බවයි එය මරණයට හේතු වෙතැයි දක්වන්නෙ යළි-යළිත් ඉපදෙමින් මැරෙමින් සතුට දුකට පත් වන බැවින් අප්රමාදව කටයුතු කරන තැනැත්තා නැවත නැවත මරණයට ගොදුරු නොවන නිසාය අප්පමත්තා න මීයන්ති සඳහන් වන්නේ කුසල් කිරීම ගැන සැලකිල්ලක් නැති අය ජීවත් වුණත් මළවුන් හා සමාන වන්නේ නැවත නැවත මරණයට ගොදුරු වන නිසයි

 

බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි අප යමක් කරන්නට පෙර ඒ දේ කියවීමෙන් හෝ කීමෙන් ඇතිවිය හැකි ප්රතිඵල ගැන කල්පනා කර බැලිය යුතුයි පසුතැවීමට සිදුවන දේ නොකළ යුතුයි පසුතැවීමට සිදු නොවන සතුටු වීමට හැකි වන යහපත් දේ කළ යුතු බව බුදුදහමෙහි ඉගැන්වෙනවා

ඇතැම් ක්රියා නිසා අපට මේ ජීවිතයේ දී පමණක් නොවෙයි පරලොවදීත් පසුතැවීමට සිදුවෙනවා එබඳු පාප ක්රියා නොකළ යුතුයි පව් කරන්නා මෙලොවත් පරලොවත් පසුතැවෙන බව උගත යුතුයි.

ඉධ තප්පති පෙච්ච තප්පති

පාපකාරී උභයත්ථ තප්පති

පාපං මේ කතන්ති තප්පති

තප්පති දුග්ගතිං ගතෝ

පව් කරන්නා මෙලොවත් තැවෙයි පරලොවත් තැවෙයි දෙලොවම තැවෙයි කරන ලද පව් නිසාම දුගතියට ගිය තැන්හි වඩ වඩාත් වැවෙයි.

මෙලෙස බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ දේවදත්ත තෙරණුවන් වහන්සේ මරණින් පසු අපාගතවීම නිමිති කරගෙනයි මෙම ගාථාව ඇසුරෙන් අප සිතට ගත යුතු යම් දෙයක් ඇත්නම් ඒ නම් දඬුවම් අපහාස ආදියට භාජනය වීමෙන් මෙලොවදී පසුතැවීමට සිදුවන ඉතා සුළු වරදෙහි පවා නිදහස් විය යුතු බවයි බව විශේෂයෙන් පවට බිය හා ලැජ්ජාව ඇති කරගත යුතු බවයි සමාජයේ ජීවත් වන විට අපට නිදහස ලැබෙන විට කම්පාවට පත් වීමත් ප්රශංසා ලැබෙන විට උද්දාමයට පත් වීමත් අපේ සාමාන්ය ස්වභාවයයි. නින්දා ප්රශංසාවන් පමණක් නොවෙයි අෂ්ඨ ලෝක ධර්මයේ දීම සාමාන්ය ලෝකයා ක්රියාකරන්නේ මේ දෙයාකාරයටයි. බුදු පසේබුදු කරන්නේ දෙයාකාරයි නම් බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ඒ සියල්ලටම අකම්පිතව මුහුණ දෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ ගුණය හැඳින්වෙන්නේ තාදී ගුණය කියා උන් වහන්සේ පමණක් නොවෙයි රහතන් වහන්සේත් සුළඟට නොසෙල්වෙන ඝන පර්වතයක් වගේ නින්දා ප්රශංසාවන් හිදී අකම්පිත ව සිටින බව බුදුරජාණන් වහන්සේ වදාළා ලකුන්ටක භද්දිය තෙරුන් ගේ නො කිපෙන සුළු ගතිය මුල්කරගෙන දේශනා කල එම ගාථාව මෙසේ සඳහන් කරමු .

 

සේලෝ යථා ඒක ගනෝ

වාතේ නණ සමීර තී

ඒව නින්දා පසන්සාසූ

න සමින්ජන්ති පණ්ඩිතා

ඒක ඝන වූ හෙවත් ඇතුළත සිදුරු නැති ගල් පර්වතය යම්සේ සුළඟෙන් නොසෙල් වේද එසේම පණ්ඩිතයෝ හෙවත් නුවණැත්තෝ නින්දා ප්රශංසා දෙකෙහිම නොසෙල්වී සිටිති

 

මේ ලක්ෂණ අපගේ ජීවිතයට ද පුරුදු පුහුණු කරගත හැකියි. මූලික වශයෙන් අවශ්ය වන්නේ ඒ සඳහා ඉවසීමයි. නින්දා අපහාස ආදියෙහි දී කම්පා නොවීමට නම් ඉවසීම අත්යවශ්යයි .යමෙක් අපට නින්දා කරන්නේ අපගේ සැබෑ වරදක්ම නිසා නම් අප ඉවසිය යුතුයි මෙසේ නින්දා කරන්නේ කරුණු වරදවා වටහා ගැනීම නිසා නම් ඒත් අනුකම්පාවෙන් ඉවසීම කළ යුතු දෙයක්. කරුණු පැහැදිලි කර දිය යුතුයි ප්රශංසාවේ දී ද උදම් නොවී ආඩම්බර නොවී එය පිළිගත යුතුයි සැනසීම ලැබෙන්නේ කම්පාවට පත් වීමෙන් බොහෝ උද්දාමයට පත්වෙමි නොවෙයි මැදහත් සිතින් ඉවසීම තුළිනි.

අපි හැමදෙනාම සැප විඳීමට කැමැත්තෙමු සැප ලබාගැනීම සඳහා ලබාගැනීම සඳහා අපට බොහෝ කැප කිරීම් හා පරිත්යාගයන් කරන්නට සිදුවෙයි එහිදී ඒ සඳහා නොමසුරුව ඉදිරිපත් විය යුතුයි වඩා උසස් සම්පතක් බලාපොරොත්තු වන්නේ නම් ඇතැම් කුඩා වූ වටිනා වූ සැප අත්හළ යුතු වෙයි එසේ ක්රියා කරන තැනැත්තා ඥාණවන්තයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා දුන්නා උන්වහන්සේ ඒ සඳහා මෙසේ දේශනා කළා…

 

මත්තා සුඛ පරිච්චාගා

පස්සේ වේ විපුලං සුඛං

වජේ මත්තා සුඛං දීරෝ

සම්පස්සං විපුලං සුඛං

සුළු සැපයක් අත්හැරීමෙන් ලොකු සැපයක් ලැබෙන බව පෙනේ නම් ඒ තැනැත්තා එම ලොකු සැපය බලමින් සුලු සැපය අත්හරී.

ලෞකික සැප වලට ගිජු වුවහොත් ඒවා දැරීමට අකමැති වුවහොත් නිවන් සැප ලැබිය නොහැකිය .උසස් නිවන් සැපත ලැබීම සඳහා ඉඳුරන් පිනවීම වැනි ලෞකික සැප අත්හළ යුතුයි උසස් විභාග සාමාර්ථයක් බලාපොරොත්තු වන්නේ නම් සැප ගැන නොසලකා තරමක් වෙහෙස මහන්සි වී විභාගයට සූදානම් විය යුතුයි.

 

ඇතැමෙක් සැප සොයන්නේ තවකෙකුට දුකට පත් කිරීමෙනි එය බුදු දහම අනුමත නොකරයි හැමදෙනම කැමති සැපතට ය. එසේ නම් මගේ සැපත සඳහා වෙනත් අයකු දුකට පත් කිරීම මොන තරම් අමානුෂික ක්රියාවක් දැයි සිතිය යුතුයි. එසේ කරන තැනැත්තා සහ දුකට භාජනය වන තැනැත්තා අතර අන්යෝන්ය වශයෙන් වෛරය ඇතිවී දෙදෙනාම වෛරයෙන් මිදීමට නොහැකි තත්ත්වයකට පත්වේ. සැප සෙවීමට ගොස් යළි යළිත් දුකට භාජනය වෙයි .

 

අපේ සැපත සඳහා අනෙකකුට දුකට පත් කරන විට හෙතෙම අප කෙරෙහි වෛර බඳී. හේ අප දුකට පත් කිරීමට යමක් කරයි. අපිට ද එකට එක කිරීමට සිදුවෙයි. එසේ කරන විට තව තවත් වෛරයෙන් බැඳෙමු .සැපත කොහේ ඇත් දැයි සෙවිය යුතු නොවේද? සැබැවින් අනුන් දුකට පත් කර සැප සෙවීමෙ ක්රමය දුරින්ම දුරු කිරීමට පුරුදු පුහුණු වෙමු.

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here