බුද්ධිය පුබුදුවන දහම් පද – Sri News

0
4


බෞද්ධයාගේ අත්පොත හැටියට සැලකෙන ධම්මපදය බෞද්ධයන්ගේ පමණක් නොවෙයි අබෞද්ධ බුද්ධිමතුන්ගේද නොමද සැලකිල්ලට භාජනය වූ ග්රන්ථයක් ලෙස හඳුනාගෙන ඇත.

දේශ භේද කාල භේද ජාති භේද ඉක්මවා සමස්ත මනුෂ්ය වර්ගයාටම සිය ජීවිත දර්ශනය ගොඩනඟා ගැනීමට අවශ්ය කෙරෙන මහඟු උපදෙස් එහි ඇතුළත් වන බව ධම්මපද ගාථාවන්ගෙන් පැහැදිලි වෙයි.

 

බුද්ධිය පුබුදුවමින් ජීවිතයට නව ආලෝකයක් සපයන ගාථා වනපොත් කර අරුත් වටහා ගෙන ආ ආදර්ශ පාඨ බවට පත්කර ගන්නා ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේ. ඒවායින් දෙන පණිවුඩ සත්යභාවය පසක් කර ගැනීමට උත්සාහ ගැනීම මනුෂ්යයන් වන අප විසින් කළ යුතු, ගත යුතු, ජීවිත සාර්ථක වන ක්රියාදාමයකි.

අප වාසය කරන නිවස ගැන මදකට හිතමු… එහි වහලය සෙවිලි කරන්නේ උළු, තහඩු, පොල් අතු, පිදුරු, වැනි කුමන දෙයක් වුවත්… එම සෙවිලි කිරීම හොඳින් සිදු කර නැත්නම් වැස්සට නිවස ඇතුලත තෙමීම ඒකාන්තයි. කොන්ක්රීට් වහලයක් වුණත් නියමිත මිශ්රණයෙන් තොරව ප්රමාණවත් ඝණකමකින් තොරව ඉදි කළ හොත් එම නිවස තෙමීම ඒකාන්තයි.නිවස තෙමෙන්නේ නිසි පරිදි සෙවිලි නොකළ නිසාය. සංවර කර නොගත් අපේ සිතත් නිසි ලෙස සෙවිලි නොකල ගෙයක් වගෙයි. එම සිතට වැරදි සිතිවිලි ඉතා පහසුවෙන් ඇතුළු වෙනවා.මෙබඳු සිත පහසුවෙන්ම නොමඟට යොමු වෙනවා. මැනවින් සංවර කරගත් හිතට නරක අසංවර සිතුවිලි ඇතුළු වෙන්නේ නැහැ. හොඳින් සෙවිලි කළ ගෙය නොතෙමෙන්නා වගේ, බුදුරජාණන් වහන්සේ ඒ බව මෙසේ දේශනා කරලා තියෙනවා…

“යථාගාරං දුච්ඡන්නං වුට්ඨි සමිති විජ්ජති

ඒවං අභාවිතං චිත්තං

රාගො සමිති විජ්ජති”

(යමක වග්ග 13 ගාථාව)

 

හොඳින් සෙවිලි නොකළ ගෙය යම් සේ වැසිද හර විනිවිද යේද, එමෙන් භාවනාවට පුරුදු නොකළ සිත විනිවිද රාගය ඇතුළු වෙයි.

“යථාගාරං සුච්චන් නං

වුට්ටීනන සමති විජ්ජති

ඒවං සුභාවිතං

චිත්තං

රෝගො ‘න සමති විජ්ජති”

(යමක වග්ග 14 ගාථාව)

හොඳින් සෙවිලි කළ ගෙයක් යම්සේ වැහි දහරින් විනිවිද නොවේද , එමෙන් භාවනාවට හොඳින් පුරුදු කළ සිත විනිවිද රාගය ඇතුළු නොවෙයි.

 

බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනා කර තියෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී නන්ද තෙරණුවන් මුල් කරගෙනයි.

එහෙත් මෙය සනාතන දහමක්.. දියුණු නොකළ අසංවර සිතට ඉතා පහසුවෙන් ම විවිධ නරක සිතිවිලි ඇතුළු වන අතරම දියුණු කළ භාවනාවෙන් පුරුදු කළ සිතට එසේ ඇතුළු වන්නේ නැහැ .

අපේ දියුණුවට බාධා කරන අප වරදට පොලඹවන නරක සිතිවිලි සිතට ඇතුළු වීම වළක්වා ගැනීමට නම්, ඒ සඳහා හිත පුහුණු කර ගන්නට අවශ්යයි.

 

කවර වැරදි සිතුවිල්ලක් පැමිණියත් එය හඳුනාගෙන බැහැර කිරීමේ ශක්තිය ඇති කරගන්න අපට ශක්තිය තිබිය යුතුයි.

සොරුන් හිරිහැර අපරාධ හිංසා පීඩා කරන්නේ ධන හිමියන්ට හෝ සාමාන්ය පුද්ගලයන්ට පමණක් නොවෙයි. සොරු සොරුන්ට මත් වදහිංසා පමුණුවන එක්ව සොරකම් කළ දෑ බෙදා ගැනීමට යෑමේ දී හෝ එක් එක්සොර කණ්ඩායමකට තවත් සොර කණ්ඩායමකින් බාධා පැමිණ වීමේ දී ආදී ලෙස ද එබඳු අපරාධ සිදු වෙන්නට පුළුවන්.

එසේ ම සතුරකු ගෙන් කරදර වද වධහිංසා පැමිණීමද සිදුවෙන දෙයක්.. මෙබඳු වධහිංසා ආදියෙන් පැමිණෙන විපත් තාවකාලික වන්නට පුළුවන්. එහෙයින් අපේ සිත නො මඟට යෙදුවහොත් එහි විපාක සසර දිගු කලක් අපට විඳීමට සිදුවෙනවා. අප පව්කාරයන් බවට පත්වෙනවා. ඒ නිසාම මෙලොවත් පරලොවත් විවිධ දුක් කරදර වල භාජනය වන්නේ සිත නොමඟට වැටුණු විටයි.කිසිවකු විසින් කිසිවෙක් පව්කාරයන් බවට පත් කෙරෙන්නේ නැහැ.

 

අපේ හිත යහපත් දේට යොමු කළොත් සිත සංවර කර ගත්තොත් අපට ඉතා ශ්රේෂ්ඨ පුද්ගලයන් බවට පත් වෙන්නට පුළුවන්.

අප දියුනුවට පත් කිරීමට මවුපියන් නෑදෑයින් කොපමණ වෙහෙස දරුවන් සිත තුළ දියුණුවක් නොකළහොත් යහපත් වැඩ වලට සිත නොයෙදුවහොත් අපේ දියුණුවක් ඇති නොවේ. අප ශ්රේෂ්ඨත්වයට පත් කරන්නේ හොඳ සිතිවිලිවලින් යුක්ත වූ අපේ සිත විසින්මයි…

මෙය ධම්ම පදයෙහි ඇතුලත් වන්නේ මේ ආකාරයටයි…

“දිසෝ දිසං යං තං කයිරා

වේරී වා පණ වේරී නං

මිච්චා පණිහිතං චිත්තං

පාපියෝ නං තතෝ කරේ”

(චිත්ත වග්ග 10 ගාථාව)

සොරෙක් අන් සොරෙකුටත් සතුරෙක් අන් සතුරෙක් ටත් යම්බඳු අපරාධයක් කෙළේ නම්, අකුසලයෙහි යොදන ලද සිත ඊටත් වඩා අවැඩක් සිදු කරමින් ඔහු පාපියකු බවට පත් කරන්නේය

“නතං මාතා පිතා කයිරා

අඥ්ඥේ වාපී ච ඥාතකා

සම්මා පණිහිතං චිත්තං

සෙය්ය සෝ නං තතෝ කරේ”

(චිත්ත වග්ග 11 ගාථාව)

 

මනා කොට පිහිටුවන ලද සිත ඔහු අතිශයින් උමතුව ක බවට පත් කරයි එබඳු විශේෂ යහපතක් ඔහුගේ මව නොකරන්නීය පියා නොකරන්නේය සෙසු නෑයෝ ද නො කරන්නාහ මෙයින් මුල් ගාථාව නන්ද නමැති ගෝපාල යා මුල් කරගෙනත් දෙවැන්න සොරෙය්ය නමැති තෙරණුවන් මුල් කරගෙන ත් දේශනා කරන ලද බව සඳහන් වෙි.

අපි සිත වරදින් මුදවා සු මගෙහි යොදවන්නට සිතමු.එය අපේ සමාජයේ යහපත පිණිස පවතී .සිත හික්මවා ගැනීම පහසු වන්නේ නැහැ .එහෙත් අවශ්යතාව හා උනන්දුව තිබේනම් හික්මවා ගන්නට හැකියි. කොතරම් අපහසු වැඩ මිනිස්සු කරත්ද?

මහා ගංගා හරස් කර උමං ඇළ වේලි සාදා තමන්ට අවශ්ය ප්රදේශයට ජලය ගෙන යන්නේ නම්, ඊතල සාදන අය තමන්ට අවශ්ය පිළිවෙලකට ඊතල සාදා ගන්නේ නම්, ලී වඩුවෝ අවශ්ය උපකරණ සෑදීමට සුදුසු පරිදි සකස් කර ගන්නේ නම් ,මේවා දෙස බලා තිබිණු සිත් ඇති නුවණැත්තන්ට තමා හෙවත් තමාගේ හිත හික්මවා ගැනීමට අදහස් පහළ වුණු අවස්ථා ගැන බෞද්ධ සාහිත්යයේ දී සඳහන් වන්නේ නොවේද?

 

හිතට නැගෙන සෑම සිතිවිල්ලක්ම ක්රියාවට නොනගා සුදුසු දේ පමණක් කිරීමට අපේ හිත් අප විසින්ම පාලනය කරගත යුතුයි. අසංවර සිතින් යහපත් කිසිවක් කරන්නට බැහැ. විවිධ අරමුණු ඔස්සේ හිත ගමන් කරන්නට පටන් ගත්තොත් පාඩම් කිරීම පවා අපේ ශිෂ්ය ශිෂ්යාවන්ට අපහසු තත්වයක් බවට පත්වෙනවා. පින්දහම් කිරීමට ද සංයමය සංවරය අවශ්යම දෙයක්…ආත්ම දමනය හෙවත් තමා සංවරවීම නම් සිත සංවර කර ගැනීමයි. එය ටිකින් ටික පුරුදු කළ යුත්තක්… එය අපට කළ හැකි දෙයක්….

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here