බුද්ධත්වය හා චතුරාර්‍ය සත්‍යය – Sri News

0
4


සිදුහත් බෝසතාණන් වහන්සේ බුදු බවට පත්වීම පිළිබඳව පුවත ඔබ අප ඉතා කුඩා කල සිටම අසා කියවා දැනගෙන ඇති දෙයක් .

බුදුවීම සඳහා උන්වහන්සේට මග පෙන්වූ ගුරුවරයෙක් ද සිටියේ නැහැ. උන්වහන්සේ දුක මේ යැයි හරිහැටි දැන ගත්තා. දුකට හේතුව තෘෂ්ණාව බව වටහා ගත්තා .දුක නැති කිරීම යනු නිර්වාණය හෙවත් නිවන බව අවබෝධ කලා. දුක නැති කිරීමේ මග පිළිබඳව පිළිවෙත් වටහාගෙන එය වැඩීමට සමත් වුණා. මෙසේ චතුරාර්ය සත්ය පිළිබඳව කාර්යය නිම කළ උන්වහන්සේ බුද්ධත්වයට පත්වුණා .

දුක ,දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය යන සත්ය සතර අවබෝධ කර ගන්නා තාක් කල් සත්ත්වයාගේ සසර ගමන සිදු වන බව බුදුරජාණන් වහන්සේ වදාළා.

පුද්ගලයන් ආර්ය නාමයෙන් හැඳින් විය හැකි උතුම් තත්ත්වයකට පත් වෙන්නේ චතුරාර්ය සත්ය අවබෝධයෙන් ම බව උන්වහන්සේ දේශනා කළා.

 

මේවා සත්ය නොවේ යැයි කරුණු සහිතව හේතු යුක්ති ඇතිව කිසිවෙකුට පැවසීමට නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කලා. මේවා සත්ය වන්නේ එක් කාලයකට හෝ ප්රදේශයකට හෝ නොවේ .කලින් කලට හෝ රටින් රටට හෝ වෙනස් වන ස්වභාවයක් ආර්ය සත්යයෙහි නැහැ .ලෙඩවීම, මහලු විය, අතපය වාරු නැතිවීම, මරණය, දුකක් වන්නේ එක් කාලයකට හෝ රටකට හෝ පමණක් නොවන බව ඉතා පැහැදිලි ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේවා සත්ය නාමයෙන් හැඳින්වීමට එක් හේතුවක් වන්නේ ද ඒවා කාල භේදයකින් දේශ භේදයෙන් තොරව හැමදාම සැම තැනම සත්ය වන කරුණු බවට පත්වීම හේතුවයි .

චතුරාර්ය සත්ය පිළිබඳව දේශනාව කොතරම් වැදගත්ද යන්න චතුරාර්ය සත්ය බුදුදහමේ හදවත ලෙස ඇතැම් උගතුන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් ම පැහැදිලි වෙනවා .

 

දම්සක් පැවතුම් සූත්රයෙහි සඳහන් වන ආකාරයට චතුරාර්ය සත්ය පිළිබඳ නිසි අවබෝධය ලැබෙන තුරු තමන් වහන්සේ බුදු වූ බව බුදු රජාණන් වහන්සේ ප්රකාශ කළේ නැහැ .කිසිවෙකුගේ මගපෙන්වීමක් නැතිව තමන් වහන්සේම නුවණින් දැක යුතු සියලු ධර්මයන් අවබෝධ කොට දැන වදාළ හෙයින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වුණා. තමන් වහන්සේ අනුත්තර වූ සම්යක් සම්බුද්ධත්වයට පත් වූ බවට ප්රතිඥා කළේ අංග තුනකින් හා ආකාර 12 කින්. චතුරාර්ය සත්ය පිළිබඳ ඥාන දර්ශනය පහළ වූ පසුයි .යම් දෙයක සත්යතාව නුවණින්ම දැකීම සත්ය ඤාණයයි.එයට කුමක් කළ යුතුදැයි නුවණින්ම දැකීම කෘත්ය ඤාණ ය. කෘත්ය ඥානය කළ යුතු දේ අංගසම්පූර්ණව කළ පසු ඒ බව නුවණින් දැකීම කෘත ඥාන යයි .එක් සත්යයක් සම්බන්ධව පරිවෘත්ත තුනක් වූ විට සත්ය සතර ම පිළිබඳ අවබෝධය ලැබෙන ආකාර 12 ක් වෙයි එය හැඳින්වෙන්නේ ද්වාදසාකාරය කියා.

ජාති ජරා ව්යාධි මරණ ආදිය සත්ය වශයෙන්ම දුක බව නුවණින් ම දැකීම දුක්ඛාර්ය සත්ය පිළිබද සත්ය ඤාණයයි .මෙහි නුවණින් දැකීම නම් පටිච්ච සමුප්පාදයට අනුව දැකීමයි. එනම් හේතුඵල දහම පදනම් කොටගෙන අවබෝධ කිරීමයි. ඉපදීම ඇති කල්හි ජරා මරණ ආදිය ඇත .ඉපදීම නැත්නම් ජරා මරණාදිය ද නැත. එනිසා ජාතිය දුකකි ආදී වශයෙන් වටහා ගැනීම හා දුක විග්රහාත්මකව දැනගත යුතු යැයි නුවණින් ම දැකීම දුක්ඛාර්ය සත්ය පිළිබද කෘත්ය ඥානය වේ. එම දුක විග්රහාත්මකව දැනගත් බව නුවණින් දැකීම කෘත ඥානය වේ.

 

තෘෂ්ණාව සත්ය වශයෙන්ම දුක් උපදවන ප්රධාන හේතුව බව නුවණින් ම දැකීම දුක්ඛ සමුදයාර්ය සත්යය පිළිබඳව සත්ය ඥානය වෙයි. එම තෘෂ්ණාව ප්රහීණ කළ යුතු බව නුවණින් දැකීම කෘතිය ඤාණයයි කෘතිය ඥානයයි. එම තෘෂ්ණාව ප්රහීණ කළ බව නුවණින් ප්රත්යක්ෂව දැකීම කෘත ඤාණය යි

දුක්ඛ නිරෝධාර්ය සත්යය පිළිබ පිළිබඳ සත්ය ඥානය නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති වීම දුක්ඛ නිරෝධය යයි. නුවණින් දැකීමයි. එම දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි… තමා විසින් ප්රත්යක්ෂ කළ යුතුයි… කියා නුවණින් දැකීම ඥානය වේ එසේ සාක්ෂාත් කළ බව දැකීම කෘත ඥානය වෙයි .

 

මධ්යම ප්රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිණි නිරෝධගාමිනි ප්රතිපදාව බව නුවණින් දැකීම ඒ පිළිබඳ සත්ය ඤාණයයි මධ්යම ප්රතිපදාව හෙවත් ආර්ය අඑම මධ්යම ප්රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කළ යුතුය පිළිපැදිය යුතුය කියා දැකීම කෘත්ය ඤාණ යයි තමා විසින් එම මැදුම් පිළිවෙත අංගසම්පූර්ණව භාවිතා කළ බව පිළිපැද්ද බව නුවණින් දැකීම කෘත ඥානය ආර්ය සත්යය අංශ තුනකින් හා ආකාර 12 කින් ඉතා පැහැදිලිව අවබෝධ කර ගන්නා තුරු තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ප්රකාශ නො කරන ලදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

 

උන්වහන්සේ එම අවබෝධය ලද පසුව සම්මා සම්බුද්ධත්වය ලැබූ බවට ප්රතිඥා කළා සම්මා සම්බුද්ධත්වය හා චතුරාර්ය සත්ය අතර සම්බන්ධය මනාව පැහැදිලි වන ප්රකාශය එයයි.

 

චතුරාර්ය සත්යය ගැන කීමේදී මෙන්ම ලිවීමේදී දුක්ඛ සමුදය නිරෝධ මග දුක්ඛ සත්යය සමුදය සත්යය නිරෝධ සත්යය මාර්ග සත්යය ආදී වශයෙන් විවිධ ස්වරූපයෙන් කෙටි කොට සඳහන් කරන අවස්ථා දක්නට ලැබෙනවා .

එහෙත් අංග අංගසම් සම්පූර්ණ ලෙස සටහන් කෙරෙන්නේ නම් සත්ය හතර හිදීම දුක්ඛ යන වචනයත් ආර්ය යන වචනයත් සත්ය යන වචනයත් අනිවාර්යෙන්ම යෙදිය යුතු බවයි.

ඒ අනුව අප සටහන් තැබීමේදී

දුක්ඛාර්ය සත්යය
🙏දුක්ඛ සමුදය ආර්ය සත්යය
🙏දුක්ඛ නිරෝධ ආර්ය සත්යය
🙏දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්යය ලෙස සඳහන් කිරීමට ඉටා ගත යුතුයි.

 

මනා ලෙස සලකා බලන විට මෙම සත්ය සතර අපගේ දින එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගත හැකි බව පෙනී යනවා.

පුද්ගලයකුගේ ජීවිතයේ දී බොහෝ දුක් කරදර වලට මුහුණපෑම පෑමට සිදු වන්නේ තෘෂ්ණාව නිසා.

අන් සතු දේ ගැනීම ආදී වැරදි ක්රියාවන්ට මිනිසා පොළඹවන්නේ මේ තෘෂ්ණාව .

මධ්යම ප්රතිපදාව අනුව කටයුතු කරන්නා ආශාව මැඩ පවත්වාගෙන සැනසිලිදායක ජීවිතයක් ගත කරනවා .

ඔහු එයින් මෙලොව දියුණුව සාදා ගන්නවා. තවත් අංශයකින් විග්රහ කරනවානම් පැහැදිලි වන කරුණක් නම් පුද්ගල ජීවිතය පිළිබඳ මූලික ගැටලුවක් එම ගැටළුවට හේතුවත් ගැටලුව නිරාකරණය කර ගැනීමත් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් අත් චතුරාර්ය සත්යයෙන් පැහැදිලි කෙරෙන බවයි .

 

මේ අනුව චතුරාර්ය සත්යයෙහි ඉතා උසස් විද්යාත්මක පදනමක් තිබෙන බව අප මැනවින් වටහා ගතයුතු සත්යයක් ..

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here