බිත්තරයක මිල යළිත් රුපියල් 65 සීමාවට –  නිෂ්පාදකයින්ගෙන් රජයට චෝදනා

0
12

වෙළඳපළේ දේශීය බිත්තරයක මිල මේ දිනවල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

එවැනි තත්ත්වයක් උද්ගතවිමට සාධක කිහිපයක් බලපා ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ.  

වෙළඳ අමාත්‍යංශයේ ආනයන ක්‍රියාවලිය ගැටළු සහගත විම, එළවළු මිල ගණන් ඉහළ යාම හමුවේ බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙන්ම වැට් බද්ද ඉහළ නැංවීම බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇතැයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවා.

වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් රුපියල් 09 ක පමණ අමතර අගයක් මේ වනවිට බිත්තරයක මිලට එකතු වන බවයි ඔහු පැවසුවේ. 

new2023 voice · EGG AJITH 01

වෙළඳපළ තුළ පාලනයකින් තොරව බිත්තර මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මිල නියාමන කමිටුවක් පත් කරන ලෙස රජයට ඉල්ලීම් කළ ද මේ දක්වා  ඒ සඳහා රජය මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ.

new2023 voice · EGG AJITH 02

මේ අතර මේ දිනවල වෙළඳපලේ පවතින බිත්තර හිගය සහ දේශීය බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ද විමසීමක් කළා. 

ඔහු පැවසුවේ බිත්තර ආනයනය අත්හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණ ද එම ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමට සිදුවූ බවයි.

ඒ හේතුවෙන් යළිත් බිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් පටිපාටිය ආරම්භ කිරීම හේතුවෙන් බිත්තර ආනයනය සති 03 කින් පමණ ප්‍රමාද වූ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවා.

කෙසේවෙතත් මෙම සතියේ සිට යළිත් සතොස වෙත හිගයකින් තොරව බිත්තර බෙදා හැරීමට කටයුතු කරන බවයි ඔහු නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ.  

මේවනවිට වෙළඳපලේ දේශීය බිත්තරයක් රුපියල් 55 ත් රුපියල් 65 ත් අතර මිල ගණන් යටතේ අලෙවි වනවා. 
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here