බසක් ඉගනිමෙන් මොලයට ලැබෙන වාසි රැසක් – Benefits of learning another language – Sri News

0
2

තවත් භාෂාවක් කතාකරන්නට ලියන්නට හසුරුවන්නට හුරු වීමෙන් ලැබෙන්නේ තවත් භාෂා ඥානයක් පමණක්ම නොවෙයි. එය පුද්ගලයකුගේ බුද්ධිමය හැකියාව වැඩිකරන්නටද සමත් ක්‍රියාවලියක් ලෙස පර්යේෂණාත්මකව සනාථ කොට ඇත. භාෂා කිහිපයක්  හැසිරවිය හැකි තැනැත්තා ට තනි බසක් හැසිරවිය හැකි කෙනෙකුට වඩා මානසික සෞඛ්‍යය අතින් සහ මතක ශක්තිය අතින් සවිමත්ය.  

භාෂා කිහිපයක් හුරුවීමෙන් අපගේ මොළයේ ක්‍රියාකාරකම් වලට ලැබෙන පිටුවහල කුමක්ද එහි බලපෑම් මොනවාද කියා අපි දැන් අවධානය යොමුකරමු.

 

විදෙස් බසක් වැහැරීමට හුරුවීමෙන් ඔබගේ මොලය යමක් හඳුනාගැනීම සහ ඒ ගැන තර්ක විතර්ක කිරීමට පෙළඹේ. එනම් යම් දෙයක් සිද්ධියක් දුටුවිට එය වචන වාක්‍ය හරහා තවත් බසකින් විස්තර කරන්නේ කෙසේදැයි අලුතින් සිතන්නට සිදු වේ. ඉන් පසු එය ඉදිරිපත් කිරීමට සිදුවීම යම් දෙයක් නිවැරදිව හඳුනාගැනීමත් ඒ ගැන ඇති අදහස් ගොනුකරගැනීමටත් මොලය හුරුකරවීමකි.  සිද්ධි දාමයක් විස්තර කිරීමේදී මුලින් සිදුවූයේ කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද? එය සන්නිවේදනය කරන විට සිත්ගන්නාසුළු අයුරින් ඉදිරිපත් කරන්නේ කෙසේද ? ආදී සන්නිවේදන හැකියාවන් ගැන අප නැවත සිතිය යුතුවේ. එයින් නව බසක් ඉගැනීමේදී අපගේ සන්නිවේදන හැකියාවන් අපිටත් නොදැනීම වැඩි වර්ධනය වේ.

 

මල්ටි ටාස්කින් ලෙස හඳුන්වන්නේ කුමක්දැයි ජංගම දුරකථනයක් ඇසුරෙන් පහසුවෙන් තේරුම් ගත හැකිය. පැරණි මාදිලියේ ස්ථාවර දුරකතන තුළ තිබුණේ ඒ හරහා දුරකතන ඇමතුම් ගැනීමේ හැකියාව පමණි. එහෙත් වර්තමාන ස්මාට්ෆෝනය හරහා, ඡායාරූප ගැනීම, ගේම් සෙල්ලම් කිරීම, මැසේජ් යැවීම, ස්ථානය සොයාගැනීම ආදී කාරණා විශාල සංඛ්‍යාවක් කරගන්නට හැකිය. එනම් ස්මාට්ෆෝනය යනු සරලවම මල්ටි ටාස්කින් උපකරණයකි.

භාෂා කිහිපයක් වහරන විට එකම සිදුවීම එකම දෙය ප්‍රකාශ කරන්නට විවිධ ආකාරයේ වචන, වාක්‍යරටා සහ වියරණ නීති රිති මෙන්ම ඒ බසට අනුකූල සාම්ප්‍රදායික යෙදුම් ආදියද යොදන්නට සිදු වේ. මෙය මොලයට කදිම ව්‍යායාමයකි. ඒ තුලින් පුද්ගලයින්ගේ බහුකාර්ය හැකියාව හෙවත් මල්ටිටාස්කින් දියුණු වන බව පෙන්සිල්වේනියා ජාතික විශ්වවිද්‍යාලයය මගින් පර්යේෂණාත්මකව සනාථ කොට තිබේ.

 

විවිධ පර්යේෂණ වලින් සනාථ වී ඇති ආකාරයට වයස්ගත වීමේ දී ඇතිවෙන ඩිමෙන්ෂියා තත්වය වයස අවුරුදු 71ට ආසන්නයේදී තනි බසක් කතාකරන අය වෙත ලගාවෙන අතර භාෂා කිහිපයක් කතාකරන අයට ඩිමෙන්ෂියා ලගා වීමට වයස 75දක්වා ප්‍රමාද වේ. මේ වයස්ගත විම සමග ඇතිවන මතක දුබලතා සිහිකල්පනාව නැතිවීම කෙරෙහි බලපාන අධ්‍යාපන තත්වය, සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී විවිධ හේතුන් තිබුණද භාෂා කිහිපයක් කතාකරන අය වයස්ගත වුවද තරමක් ප්‍රමාද වී අමතක වීම, සිහිය නැතිවීම ආදී ව්‍යාදීන් වලට මුහුණ දෙන බැව් සොයාගෙන ඇත.

 

මතක වර්ධනය පිණිස වන කෑම බීම ආදී බෙහෙත් වර්ග විවිධාකාරයෙන් වෙළඳපොලේ තිබේ. අපගේ සිරුරේ මාංශපේෂීන් සෞඛ්‍යය සම්පන්නව පවත්වාගැනීමට ඒවාට පෝෂණය සැපයීම පමණක් ප්‍රමාණවත් නැත. තෙල් පිටි සහිත ආහාර යහමින්  අනුභව කොට  පේශීන් වලට මේදය සැපයෙන්නට වුවහොත් සිදුවන්නේ ඒවා අනවශ්‍ය පරිදි මහත්වීම පමණකි. පෝෂණය මෙන්ම ව්‍යායාමයද පේශිවල මනා යහපැවැත්මට උවමනාය.

මොලයද එසේය. භාෂා කිහිපයක වාක්‍ය රටා, වචන ආදිය මතක තබාගෙන නිරන්තරයෙන් ඒවා මෙනෙහි කිරීම වනාහි මොලයට ව්‍යායාමයකි. මතකයේ තිබෙන දෑ නැවත නැවත ඇදීමකි. මතකය යනු කෘතිම මතකය මෙන් දෘඩ තැටියක හෝ මෙමරි කාඩ් එකක බහා ඇති යමක් නොවේ. නිරන්තරයෙන් වැඩි වැඩියෙන් භාවිතා වන විට මතකය කලක් තිස්සේ පවත්වාගෙන යා හැකිය. භාෂාවන් ඉගැනීම මතක වර්ධනය ඉවහල් වන්නේ එසේය.

 

ෂර්ලොක් හෝම්ස් විෂයයන් පිළිබද ගැඹුරු දැනුමැති ආචාර්ය, මහාචාර්ය මට්ටමේ උගතෙක් නොවේ. එහෙත් ඔහුගේ රහස් පරීක්ෂණ කටයුතු වලදී ඔහු සතුව ඇති  යමක් අවබෝධකරගැනීමේ හැකියාව මනාව පිළිබිඹු වේ. ෂර්ලොක් හෝම්ස් යනු කෘතියක ඇති චරිතයකි. එහෙත් යම් සංකීර්ණ සිද්ධි දාමයන් සැණෙන් අවබෝධ කරගැනීමේ ලා සමර්ථයෝ අපිට සාමාන්‍ය සමාජයේදීද දකින්නට ලැබේ. එයද අපගේ මොලයේ සහ  ස්නායු පද්ධතියේ ඇති අපූර්ව කුශලතාවයකි. බසක් සමගම ඒ අදාල භාෂාව කතාකරන ජනයාගේ සංස්කෘතික අංගද යම් පමණකින් අපිට අවබෝධ වේ. ඒ අනුව එකම ප්‍රශ්ණය දෙස විවිධ කෝණවලින් බැලීමේ හැකියාව නිතැතින්ම භාෂා කිහිපයක් කතාකරන අයට ලැබේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here