බලපත්‍ර නොමැතිව ගිනි අවි නිෂ්පාදනය කෙරු සැකකරුවෙකු අත්අඩංගුවට

0
4

බලපත්‍ර නොමැතිව ගිනි අවි නිෂ්පාදනය කළ සැකකරුවෙකු කොබෙයිගනේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ලෝලුගස්වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු සන්තකයේ තිබී ගිනි අවි නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බට 05ක්, ගිනි අවි බඳ කොටසක්, යකඩ පෑස්සීමට ගන්නා උපකරණයක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලෝලුගස්වැව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here