Google search engine
Home ගොසිප් පුවත් බත් දන්සල දාන්න සූදානම්වී ජෙනරේටර් ඔන් කර නින්දට ගිය පියපුතු දෙන්නා මරුට

බත් දන්සල දාන්න සූදානම්වී ජෙනරේටර් ඔන් කර නින්දට ගිය පියපුතු දෙන්නා මරුට

0
12

විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු ඊයේ (23) අලුයම ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා විය.
ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා වෙසක් සැමරුම වෙනුවෙන් වෙසක් දිනයේ පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්වීමට සූදානමින් සිට තිබුණි.

ඊට පෙර දින හදිසියේ ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීම හේතුවෙන් කාමරයක් තුළ විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර දෙදෙනා නින්දට ගොස් ඇති බව වාර්තා වෙයි.
අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිළිබඳව දන්සැල සංවිධානය කිරීමට පැමිණි පිරිසක් පරීක්සා කිරීමේදී දෙදෙනා සිහිසුන්ව සිටි නිසා පොලීසියට කළ දැනුම්දීම අනුව
පුපුරැස්ස පොලීසියේ නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී පුතා සහ පියා ජීවිතක්ෂයට පත්වී ඇති බවට තහවුරු වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි 40 හැවිරිදි සනත් රෝහණ සහ 17 හැවිරිදි ගගණ මධුසංඛ යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමෙන් පසු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් කාන්ති ප්‍රනාන්දු මහත්මිය ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගම්පොළ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණි.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වූ කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණයවීමෙන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පුපුරැස්ස පොලීසිය පවසයි.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here