‘බජාජ් ජෙනුයින් නිධානය’ තෑගි බෙදයි – Sri News | Sri Lanka Business News

0
7

ශ්‍රී ලංකාවේ පුමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් පාර්භෝගිකයින් සදහා ක්‍රියාත්මක කළ ‘බජාජ් ජෙනුයින් නිධානය – හාරන්න නෙමෙයි සූරන්න’ මහා තෑගි තරගයේ ජයග්‍රාහකයින් සදහා අදාළ තෑගි පිරිනැමීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරුණි.

රට පුරා විසිරී සිටින ලක්ෂ 25 කට අධික බජාජ් පාරිභෝගිකයින් සදහා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කළ මෙම වාර්ෂික මහා තෑගි තරගය මෙවර 2024 ජනවාරි මස 26 වන දින සිට මාර් 31 දක්වා ක්‍රියාත්මක කෙරුණි. දිවයින පුරා විසිරී ඇති DPMC අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානවලින් සහ ඩීලර්වරුන්ගෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිලදී ගත් පාරිභෝගිකයින්ට බජාජ් ජෙනුයින් පාර්ට්ස් අසුරනය මත ඇති අලි පැංචා සහිත හොලෝග්‍රෑම් ස්ටිකරය සීරීමෙන් පසු මතුවන අංකය 0777665577 ට කෙටි පණිවුඩයක් ලෙස එවීමෙන් පසු මෙම තරගයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණි. මෙවර මෙම තරගය සදහා දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 05කට අධික බජාජ් පාරිභෝගිකයින් සංඛ්‍යාවක් කෙටි පණිවුඩ එවා ඇතුළත් වී තිබුණි.

බජාජ් ජෙනුයින් නිධානය තෑගි තරගයේ අවසාන මහා දිනුම් ඇදීමේ පළමු ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 7.5ක් වටිනා බ්‍රෑන්ඩ් නිව් බජාජ් ඩිස්කවර් 125 මෝටර් සයිකලයක් පිරිනැමුණු අතර යාපනය, වඩුක්කුඩෙයි පදිංචි සත්ගුණරාජා තනුරාජ් මහතා විසින් එම පළමු තෑග්ග දිනාගන්නා ලදී.

මෙම තරගයේ දෙවන ස්ථානය සදහා හිමි වුණු රුපියල් ලක්ෂ 2.5ක් වටිනා ZENOI LED රූපවාහිනී යන්ත්‍රය හාලි ඇල පදිංචි ඩී. ජී. වයි. එම්. දනුගොල්ල මහතා විසින් ජයග්‍රහණය කළේය.

බජාජ් ජෙනුයින් නිධානය තුන්වන ස්ථානය සදහා රු. 50,000/= මුදල් ත්‍යාග 05ක් පිරිනැමුණු අතර නුගේගොඩ පදිංචි දිලිනි නිරෝෂණී කුරේ මහත්මිය, රාජගිරිය පදිංචි වීරහැන්නදිගේ නුවන් චාමර, කින්නියා පදිංචි නිජාම් මොහොමඩ් සලීච්, පල්ලම පදිංචි එස්. ඒ. ටී. එස්. සේනානායක යන මහත්වරු සහ කටුගස්තොට පදිංචි ඩබ්. ජී. එස්. නිමන්තිකා මහත්මිය විසින් මෙම මුදල් ත්‍යාග දිනා ගත්තේය.

මීළග ත්‍යාග ලෙස DPMC MRF, ATLAS සහ ORION ටයර් මිලදී ගැනීම සදහා රු. 25,000ක් වටිනා වවුචර්පත් 10ක් පිරිනැමුණි. ටයර් මිලදී ගැනීම සදහා වවුචර්පත් දිනාගත් ජයග්‍රාහකයින් වූයේ රත්ගම පදිංචි කේ. ජේ. කේ. දිනූෂ් ප්‍රසංග, බංගදෙනියේ බී. ඒ. චන්ද්‍රසිරි, වැලිමඩ එච්. ඒ. සනත් කුමාර, රාජාංගණය. ඊ. එම්. ටී. නිම්සර එදිරිසිංහ, කුරුණැගල අයේෂ් උවන්ත, කටුගස්තොට අසාත් අල් ගවාස්, දියසෙන්පුර සුසන්ත බණ්ඩාර, අහංගම කේ. ජේ. සමන්මලී, තංගල්ල එච්. ඒ. ප්‍රභාෂ් සුරංග සහ කුරුවිට යූ. කේ. යූ. ඩිලාන් සෝමරත්න යන මහත්ම මහත්මීන් විසින් රු. 25,000ක් වටිනා ටයර් වවුචර්පත් දිනා ගත්තේය.

බජාජ් ජෙනුයින් නිධානය තෑගි තරගයේ අවසාන ත්‍යාග ලෙස Pearl Bay ජල උද්‍යානය සදහා ෆැමිලි පැකේජ 15ක් පිරිනැමුණු අතර එම ෆැමිලි පැකේජ දිනාගත් ජයග්‍රාහකයින් මෙසේය. හලාවත එච්. එම් සුනෙත් මලින්ද, කටුගස්තොට අම්මර් සෆ්රාස්, එප්පාවල ඩබ්. වනසිංහ, කටුගස්තොට සුසන්ත වීරසිංහ, බඩල්කුඹුර ඒ. එම්. සංජය නන්දසිරි, අම්පාර එච්. ඒ. කවිදු ෂෙහාන්, රන්න උවිදු සමල්ක, අනුරාධපුර චමින්ද වනිගසේකර, මොරටුව ලක්මාල් ප්‍රසන්ත, කටුගස්තොට එස්. එස්. පී. ගුණවර්ධන, කොස්වත්ත තිලංක ලක්ෂාන්, පූගොඩ එම්. කේ. වී. කුමාර, අගුණකොළපැලැස්ස එච්. ඒ. එස්. කුමාර, කලවංචිකුඩ් ජය කුමාර් සහ මුල්ලිපොතාන එම්. එච්. මුජීබා යන මහත්ම මහත්මීන් Pearl Bay සදහා ෆැමිලි පැකේජ දිනා ගත්තේය.

ඉහත තෑගිවලට අමතරව බජාජ් ජෙනුයින් නිධානය තෑගි තරගයේදී සතිපතා ජයග්‍රාහකයින් 20 දෙනෙකු බැගින් 200 දෙනෙකුට බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිලදී ගැනීම සදහා රු. 10,000ක් වටිනා වවුචර් පත් පිරිනැමීමද තරගය පැවති සති 10 තුළ සිදු කෙරුණි.

මෙම තරගයේ සියලු දිනුම් ඇදීමේ කටයුතු බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here