පොහොට්ටු පලාත් සභා මන්ත‍්‍රී සංසදයම රනිල්ට එක්වෙයි..

0
15

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත් සභා මන්ත්‍රීවරුන් මුණ ගැසී තිබේ.

එය සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය විසිනි.

වසර 5 ක කාලයක් මන්ත්‍රී ධූර අහිමිව සිටිය ද තවමත් ගමේ ඔවුනට මන්ත්‍රීවරු ලෙස සලකන බව පෙන්වා දුන් මේ පිරිස පක්ෂයක් ලෙස පොහොට්ටුව තීන්දුවක් ගත් පසු ජනපතිට සහාය දෙන බව ද ප්‍රකාශ කර ඇත.

අස්වැසුම වැඩ සටහන් ගම තුළ නවීකරණ ක්‍රියාත්මක කරන්නැයි මෙහිදී ජනපති ඔවුන්ට දැනුම් දී ඇත.

එහිදී 2022 මැයි 09 දින ප්‍රහාරයෙන් විනාශ වූ දේපළ වලට තවමත් වන්දි ලැබී නැතැයි හිටපු මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන් අතර මේ ගැන සොයා බලන්නැයි ජනපතිවරයා විසින් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දී ඇත.

එසේම මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මගින් ලැබෙන්නට සල්වන්නැයි ද දැනුම් දී ඇත.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here