පොලිස් විශේෂ කාර්ය බලකාය යාල රක්ෂිතයේ දැවැන්ත මෙහෙයුමක් – Sri News දේශීය පුවත්

0
8

පොලිස් විශේෂ කාර්ය බලකාය යාල රක්ෂිතයේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

දින 5ක් පුරා එය සිදුකෙරුණේ බුත්තල,  සියඹලාණ්ඩුව හා පස්සර කඳවුරුවල නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිවයි.

සැගවුණ අපරාධකරුවන් නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන්නන්,  නීතිවිරෝධී ගිනි අවි සහ දඩයක්කරුවන් සොයා මෙම මෙහෙයුම ක්‍රියාවට නැංවුණා. නවීන ඩ්‍රෝන තාක්ෂණික කැමරාද ඊට උපයෝගී කර ගැනීමටයි කටයුතු කෙරුණේ.

මෙහිදී අක්කර 6කට ආසන්න කංසා වගාවක් සොයා ගැනීමට වැටලීම කළ නිලධාරීන් සමත් වුණා.

රුසියාවේ නිෂ්පාදිත ගිනි අවියක් හා දේශීයව නිපදවූ ගිනි අවි දෙකක් ද සැකකරුවන් 3 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි වැටලීම කල නිලධාරීන් සදහන් කළේ.

මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 30යි ග්‍රෑම් 450ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here