පොල් ගෙඩි තුනක් දවස් දෙකකට ඇති. වැඩියෙන් ගන්න ගියාම තමයි හිඟයක් එන්නේ – මන්ත්‍රී සුරවීර

0
25


හාල් ප්‍රශ්නය, පොල් ප්‍රශ්නය වැනි දෑ කාලයෙන් කාලයට එන සාමාන්‍ය ප්‍රශ්න බවත් විපක්ෂයේ කණ්ඩායම් මේ වනවිට භූමිතෙල් වැදුණු ගැරඬින් මෙන් කලබල වී සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

“විපක්ෂයේ කණ්ඩායම් ලාම්පුතෙල් ගහපු ගැරඬියන් වගේ කලබල වෙලා. හාල් ප්‍රශ්නය, පොල් ප්‍රශ්නය, ඇත්තටම කාලෙන් කාලෙට එන ප්‍රශ්න ටික. සතොසෙන් ගන්න තියෙන්නෙ හාල් කිලෝ පහයි, පොල්ගෙඩි තුනයි. හැබැයි ඒක අපි දෙන්නේ මාසෙකට හෝ සතියකට නෙවෙයිනෙ. පොල් ගෙඩි තුනක් දවස් දෙකකට ඇති. එයාට ඊළඟ දවසේ ගිහිල්ලා ආයෙ ගන්න ඕනෙ. එහෙම නැත්නම් මේක ඇතුළෙ දැවැන්ත හිඟයක් නිර්මාණය වෙනවානෙ”

දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here