Google search engine
Home ගොසිප් පුවත් පෙම්වතියගෙ නිවසේ රැය පහන් කර යද්දී පොලු පහර කා පෙම්වතා රෝහලේ

පෙම්වතියගෙ නිවසේ රැය පහන් කර යද්දී පොලු පහර කා පෙම්වතා රෝහලේ

0
25

kegalle-incident

පෙම්වතියගේ නිවසේ රැය පහන් කර කිසිවකුටත් නොපෙනෙයි යැයි සිතා අලුයම නිවසින් පිට වෙද්දී පිරිසකගේ පොලු පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයකු ඊයේ (15) කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 21 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයා කෑගල්ල පොලිස් වසමේ පදිංචිව සිටින බවත් ඔහු පාසල් ශිෂ්‍යාවක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය. තම මව වැඩිමහල් සහෝදරිය සමග ඥාති නිවසකට යන බවත් නිවසේ රාත්‍රී කාලයේ සිටින්නේ තමා පමණක් බවත් පෙරේදා (14) දහවල් ශිෂ්‍යාව දුරකතනයෙන් 21 හැවිරිදි පෙම්වතාට දැනුම් දීමක් සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.

පසුව 21 හැවිරිදි තරුණයා නිවසේ සිට දැදිගම පෙම්වතියගේ නිවසට යතුරුපැදියකින් රාත්‍රී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. තරුණයා යතුරුපැදිය නිවස ආසන්නයේ නතර කර දමා පෙම්වතියගේ අසල්වැසි පදිංචිව සිටින ඥාතීන්ට හොර රහසේ තරුණයා නිවසට ඇතුළු වී තරුණියගේ කාමරයට ගොස් රැය පහන් කර පසුදා අලුයම එළිය වැටීගෙන එ න මොහොතේ නිවසින් පිට වී යතුරුපැදිය අසලට ගොස් ගොස් පණගන්වන අවස්ථාවේ දී අසල්වැසි ඥාතීන් පිරිසක් දැක තරුණයාට අතින් පයින් පොලුවලින් පහර දී දුරකතනය ද උදුරාගෙන ඇති බව දන්වා තරුණයා පොලිසියට කෙටි ප්‍රකාශයක් ලබා දුන් බවත් පොලිසිය පැවසීය.පසුව තරුණයා යතුරුපැදිය දමා බස් රථයකට නැග කෑගල්ලට පැමිණ කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී ඇති බවත් ශරිරය පුරා තැළීම් සිරීම් තුවාල දක්නට ඇති බවත් පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරිමට දැදිගම පොලිසියට දැන් වූ දැන් වූ බවත් රෝහල් පොලිසිය පැවසීය.

 චමින්ද වැවතැන්න

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here