පෙම්වතා එක්ක සාර්ථක සාප්පු සවාරියක් යන්න නම් පෙම්වතියක් දැනගත යුතුම කරුණු 7ක් – Sri News

0
10

ස්ත්‍රීන්ටම අනන්‍ය වූ සමහර සමහර දේවල් තියෙනවනේ. ඒ දේවල් අතර ඉහළින්ම තිබෙන දෙයක් තමයි සාප්පු සවාරි යන එක. ගෑණු ළමයි සාප්පු සවාරි යන්න එක්කාසු කරගන්න වැඩියෙන්ම කැමති තවත් ගැහැණු යහළුවෙක් හරි අක්කා, නංගි, අම්මා, නැන්දා, පුංචි අම්මා හරි කවුරුම හරි ගෑණු ප්‍රාණයක් තමයි. මොකද එතකොට කන්කෙඳිරිය නැතුව හිතේ හැටියට ෂොපින් කරන්න පුළුවන් කියලා ගැහැණු ළමයි දන්නවා. ඒත් හැමවෙලාවෙම මේ ගමනට සම්බන්ධ කරගන්න ගැහැණු කෙනෙක් නැතිවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට පෙම්වතාගේ සහය පතන්න උනොත්?

ඔහුට කම්මැලි ඇති, වෙහෙස ඇති, මේ වගේ එක එක හේතු නිතරම තමන්ගේ හිතට ඇවිත් හිතේ නිදහසේ ෂොපින් කර ගන්නත් නොලැබෙන නිසා ගොඩාක් ගැහැණු ළමයි කැමති නෑ පෙම්වතා එක්ක සාප්පු සවාරි යන්න. එහෙම කියලා ඒ වගේ අවස්ථා මඟ හරින්නත් බැහැනේ. ඉතින් පෙම්වතා එක්ක සාර්ථක සාප්පු සවාරියක් යන්න පෙම්වතියන්ට භාවිතා කරන්න පුළුවන් උපක්‍රම ගොඩාක් තියෙනවා. මෙන්න ඒ වගේ ඒ්වා කිහිපයක්…

 

සමහර වෙලාවට ගැහැණු ළමයි කඩසාප්පු ඉස්සරහා එකපාරම නතරවෙනවා. වීදුරු ඇතුළින් පෙනෙන භාණ්ඩ තමන්ට මිලදී ගැනීමට අදහසක් නැති උනත් කෙල්ලො කැමතියි ඒවගෙ ලස්සන, ඇස් වලින් හරි රසවිඳින්න. සාප්පුවට ගොඩවෙන්නත් කලින් දකින දකින සාප්පුව ඉදිරිපසට වී වෙලාව ගතකරන එක නම් පෙම්වතා එක්ක යන සාප්පු සවාරියට සුබ ලකුණක් නොවෙයි. හැකි තරම් ඒ කාලය අඩු කරගන්න බලන එක තමා හොඳ.

 

දෑත් නිදහසේ තබාගෙන ඇඳුම් පැළඳුම් තෝරා ගන්න තිබුණොත් වඩා හොඳයි තමයි. ඒත් ඔබ රැගෙන ආ අත්බෑගය සහ අනෙක් සියල්ල පෙම්වතාගේ පිට පටවා ඔබ නිදහසේ ගමන් කරන එක නම් සුදුසු දෙයක් නොවෙයි. ඔහුගෙන් උදව් ඉල්ලන්න. ඔබත් කොටසක් ඔසවාගන්න. ඔබ රැගෙන ආ සියල්ලත්, ඔබ මිලදී ගන්න සියල්ලත් තනිව ඔසවාගෙන ඔබ පසුපස ගමන්කිරීමට සිදුවීම කිසිසේත්ම සාප්පු සංචාරයේ සතුටුදායක අවසානයකට සුබ සළකුණක් වෙන එකක් නම් නෑ.

 

සාමාන්‍යයෙන් ශරීරය වෙහෙසෙන කටයුත්තක පැයකට වඩා යෙදෙන වෙලාවට අපි කාටත් වෙහෙසක් මහන්සියක් දැනෙනවා. ඒත් ගෑණු ළමයි ෂොපින් කරන්න ගියාම නම් මේ කතාව අදාළම නැහැ. මොකද ෂොපින් කරන්න ගත්තම ගැහැණු ළමයින්ට එයාලට එයාලාවත් අමතක වෙලා යනවානේ. ඒ තරම් උනන්දුවක් තියෙන්නේ ලස්සන දේවල් මිලදී ගන්න. හැඩ බලන්න. ඉතින් පෙම්වතාවත් අමතක කරලා සාප්පුවේ විසිතුරු අතරේ අතරමං උනොත් නම් ඔහු මැසිවිලි නඟන්නත් පුළුවන්.

පොඩි විවේකයක් ගන්න, දෙන්නා එක්ක ටිකක් වාඩිවෙලා අයිස්ක්‍රීම් එකක් රස බලන්න, නැවුම් පළතුරු බීම එකක් බොන්න, ඒ වෙලාවේ ඔයාගේ අවධානය ඔහු වෙනුවෙන්ම වෙන්කරන්න. ඒ අතරතුරේ ඔබට වැටහෙනවානම් ඔහු තවදුරටත් එහි රැඳීමට කැමැත්තෙන් පසු නොවන බව, වඩා සුදුසුයි අකැමැත්තෙන් ඔහු රඳවා නොගෙන සුහදව කතාබහ කර ඔහුව පිටත් කර හරින එක. එසේ නොමැති නම් ඔහු කාලය ගෙවීමට ප්‍රිය ස්ථානයක් ඒ සමීපයේ තියෙනවා නම් ඔබ පැමිණෙන තුරු ඔහුට එහි රැඳෙන්නට පවසා ඔබ සාප්පු සවාරියේ යෙදෙන එක.

 

කලින් ඔබ ඔහු සමඟ මුදල් පිළිබඳ කතා බහ කරගෙන සූදානම් වෙලා යනවා නම් මිස ඔහුගේ සාක්කුවේ මුදල් ඇති කියන බලාපොරොත්තුවෙන් නම් ෂොපින් කරන්න එපා. ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න හිතාගෙන ලොකු ලොකු වියදම් සහිත දේවල් මිලදී ගන්න හිතනවා නම් එය කිසිසේත්ම ඔබ නොකළ යුතු දෙයක්. ඒ අවස්ථාවේ ඔහු ඔබ වෙනුවෙන් වියදමක් දැරිය හැකි මට්ටමක නොසිටින්න පුළුවන්. පිරිසක් ඉදිරියේ මෙන්ම ඔබ ඉදිරියේත් ඔහුව අපහසුතාවයට පත්වෙන ආකාරයේ දෙයක් නම් ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකරාවි. ඔහුට හැකියාව තිබෙනවානම් ඔබ වෙනුවෙන් යම් වියදමක් දැරීමට, ඔහු සිය කැමැත්තෙන්ම එය සිදුකරාවි. සාමාන්‍යයෙන් වෙනදා ඔහු සිදුකරන වියදම් පවා එදින ඔහු අතපසු කරනවානම් පෙම්වතිය ලෙස ඔබ ඔහුව වටහාගැනීම ඔහුට විශාල සහනයක් වේවි.

 

පුංචි පුංචි කාරණා තියෙනවා වචනයට වඩා බලවත්. ඔයා ඇත්තටම ඔහු ගැන මොනතරම් හිතනවාද කියන කාරණය කටින් කියනවාට වඩා පොඩි පොඩි දේවල් වලින් ඔහුට වඩාත් අඟවන්න හැකියි. සාප්පු සවාරි කියන්නේ ගෑණු ළමයින්ට නම් කෑමත් නොකා නොබී කරන්න පුළුවන් දෙයක් උනාට කොල්ලෙක්ට ඒක හරිම වෙහෙසකර දෙයක්. ඉතින් ඔහු ඔයා එක්ක සාප්පු ගාණේ ඇවිදිද්දි ඔහු ඔබ වෙනුවෙන් මේ කරන කැපවීම අගය කරන්න ඔයාට පුළුවන් ඔහුටත් හොරෙන්ම ඔහු වෙනුවෙනුත් යමක් මිලදී ගන්න. එහෙම නැත්නම් ඔහු ඔබ අසළම ඉන්න නිසා ඔබට පුළුවන් ඔහුට ගැලපෙන ඇඳුමක් ෆිටෝන් කරවලාම ඔහු වෙනුවෙන් මිලදී ගන්න. හැබැයි ඔහු කැමති දේ අරන් දෙනවා මිසක් ඔයා කැමති දේට කැමැති කරගන්නම ඔහුව පොළඹවන්න උත්සහ කරන්න නම් එපා.

 

සමහර වෙලාවට අපේ ගෑණු ළමයි කරන දෙයක් තමයි එකම කඩයට නැවත නැවත ගොස් හිස් අතින්ම එයින් පිටවෙන එක. ඇත්තටම එහෙම කරන්නේ ඇයි කියලා දන්නේ ගැහැණු ළමයින්ම තමයි. තනියම යන වෙලාවක හරි ඔයා වගේම ෂොපින් වලට එවරෙඩි ගෑණු ළමයෙක් එක්ක සාප්පු සවාරියේ යන වෙලාවකට හරි නම් මෙහෙම කළාට කමක් නෑ. හැබැයි පෙම්වතා එක්ක ෂොපින් යන වෙලාවට නම් මේ වැඩේ කරන්න එපා. එය ඇත්තටම ඔහුව අමනාපයට පත්කරාවි. ඉතින් ඔයා ගොඩවෙන සාප්පුවේ ඔයා කැමැති දෙයක් තියෙනවා නම් නැවතත් පස්සෙ එන්න ඉඩ තියාගන්නේ නැතුව මිලදී ගන්න එක තමා වඩා හොඳ. එහෙම දෙයක් නැත්නම් ඔයාගේ සාප්පු ලිස්ට් එකෙන් ඒ සාප්පුව එදාට මකලාම දාන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here