පීනසට ගුණදෙන කෂාය පන්‍තිය… පීනස යනුවෙන් හදුන්වන්නේ පාරම්පරිකව හෝ පාරම…

0
9

පීනසට ගුණදෙන කෂාය පන්‍තිය…

පීනස යනුවෙන් හදුන්වන්නේ පාරම්පරිකව හෝ පාරම්පරික නොවන ලෙස ඇතිවන ආසාත්මිකතාවයක්. මෙම රෝගී තත්ත්වයේ දී නාසය හා නාසයට සම්බන්ධ කෝඨරක වැනි කොටස් වල බිත්ති ඉදිමීම හා ඒවා ආශ්‍රිතව වැඩිපුර ශ්‍රාවයන් පිටවීම සිදුවෙනවා. මෙම රෝගී තත්ත්වය සමහර රෝගීන්ට එක් කාලයකට පමණක් ඇති විය හැකි (Seasonal Rhinitis) අතර සමහර රෝගීන්ට දීර්ඝ කාලයක් පුරා (Perennial Rhinitis) පැවතිය හැකියි.

මෙම රෝගයේ රෝග ලක්‍ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. සමහරෙකුට නාසය සිරවීම ප්‍රධාන රෝග ලක්‍ෂණය ලෙස හඳුනාගත හැකි අතර සමහරෙකුට නිතර කිවිසුම් යාම ප්‍රධාන රෝග ලක්‍ෂණය විය හැකියි. මීට අමතරව නාසය කැසීම, නාසය ඉදිමීම, නාසයෙන් සොටු දියර ගැලීම, උගුර කැසීම, නිතර උගුර පෑදීමට සිදු වීම, ඇස් කැසීම, ඇස් රතුවීම සහ සම කැසීම වැනි රෝග ලක්‍ෂණ මෙම රෝගීන් තුළ දැකිය හැකියි. මෙම රෝග ලක්‍ෂණ එකක්, කිහිපයක් හෝ සියල්ලම ඔවුන් තුළ අඩු වැඩි වශයෙන් හදුනාගත හැකියි. මෙම රෝගීන්ට පීනස රෝගයට අමතරව ඇදුම රෝගය හා සමේ දද ඇති වීමට ද හැකියාවක් තිබෙනවා. මෙයින් එක් රෝගයක් පළමුව ඇති වී පසුව අනෙක්වා ඇති වන අවස්ථා තිබෙනවා.

ඉතින් මෙවැනි කෙටි කාලීන පීනස තත්වයක් අපිට ඇති වුනාම ගෙදරදි කරගත හැකි සරල ප්‍රතිකර්මයන් දැනගෙන සිටීම හරිම වටිනවා. හෙළ වෙදකමේ හා ආයුර්වේද වෙදකමේ බල මහිමය, ගුණ මහිමය ගැන මුළු ලෝකයක්ම කතාවෙන මෙවැනි කාලයක පීනසට සකසන අපේ හෙළ වෙදකම සතුව ඇති බලවත් ඖෂධ කෂාය පන්තියක් දෙකක් දැනගෙන හිටියා කියලා ඔබට අයහපතක් වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ වගේ කෙටිකාලීන පීනසක් හැදුනම එයට සිදුකරන සුන්දර සරල ප්‍රතිකාර ක්‍රමයක් ගැන අද අපි ඉගෙනගමු. ඔබ නිතර නිතර පීනසෙන් පීඩා විඳිනවා නම්, එම පීනස තත්වය දිගුකාලීනව පවතිනවා නම් මේ අත්බෙහෙත් ප්‍රතිකාර විතරක්ම කරකර ඉන්නෙපා. ඒ වෙලාවට සුදුසුකම් ලත් දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ සහාය අනිවාර්යයෙන්ම ලබාගන්න. ඔවුන් සතුව විවිධ පීනස වර්ග වලට සිදුකෙරෙන බොහෝ ස්ථීර ප්‍රතිකාර පන්තීන් තිබෙනවා.

පීනස සඳහා සකසන කෂාය පන්තිය
••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🔴 අවශ්‍ය ද්‍රව්‍ය

🔶. ආඩතෝඩා මුල් කලං 03 යි
🔶. අරළු කලං 03 යි
🔶. වියළි මිදි කලං 03 යි
🔶. ඇහැළ පොතු කලං 03 යි

🔵 සාදාගන්නා ආකාරය

ඉහත ඖෂධ සියල්ල පිරිසිදු මැටි මුට්ටියකට දමාගන්න. එම මුට්ටියට වතුර පත 08ක් දමා එය පත 01ක් දක්වා සිඳ ගන්න. එයින් පත 1/2කට සහිඳ ලුණු කලං 01ක් දමා උදේ හිස්බඩ පානය කරන්න. අනෙක් පත භාගයට සීනි තේ හැඳි 01ක් දමා සවස 05 – 06ත් අතර පානය කරන්න.

• ඉන්පසු එක් දිනක් කිසිදු ප්‍රතිකාරයක් නොමැතිව ගත කරන්න.

• ඊට පසුදිනම පානය කිරීම සඳහා පහත කසාය පන්තිය පිළියෙ කරගන්න.

🔴 අවශ්‍ය ද්‍රව්‍ය

🔶. ගොටුකොළ නැටි කලං 03 යි
🔶. රතුළූණු කලං 03 යි
🔶. වළඟසාල් කලං 03 යි
🔶. වියළි ඉඟුරු කලං 03 යි

🔵 සාදාගන්නා ආකාරය

මෙම ඖෂධ සියල්ල පිරිසිදු මැටි මුට්ටියකට දමා ගන්න. එයට වතුර පත 08ක් එකතු කර එය පත 01ක් දක්වා සිඳ ගන්න. එයින් පත භාගයකට සීනි, මීපැණි තේ හැඳි එක බැගින් මිශ්‍රකර සවස 05 – 06ත් අතර පානය කරන්න. මේ කසාය පන්තිය නොකඩවා දින 04ක් පානය කලයුතුයි.

මෙම ප්‍රතිකාරය ලබාගන්නා කාලය තුළ
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

🌿 ස්නානය කිරීමේදී දහවල් 12ට පෙර උණුවතුර හා ඇල්වතුර මිශ්‍ර දියෙන් පමණක් ස්නානය කරන්න.

🌿 ඉන්පසු හොඳින් හිස වියලුනාට පසුව “නිශාදි තෛලය” ටිකක් හිසට දමන්න.

🌿 දහවල් කෑමට පෙර වැල්මී, කටුවැල්බටු, අමු ඉඟුරු සමානව ගෙන තම්බා ගත් වතුර සමඟ සර්කරාදී චූර්ණය තේ හැන්දක් පානය කරන්න.

මේ ප්‍රතිකාරය දින 08ක කාලයක් භාවිතා කරන්න. එමඟින් ඔබට ලොකු සුවයක් ලැබෙන බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරගත හැකියි.

පීනස ඇති ඔබ උදේ පාන්දර පින්නට නිරාවරණය නොවීමටත්, පස්වරුවේ ස්නානය හා ඇල් වතුරෙන් ඇඟ සේදීම නොකිරීමට වගබලා ගන්න.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸පීනස හා සෙම් රෝග වලින් මිදීමට මේ උපදෙස් අනුගමනය කරන්න 👇
https://m.facebook.com/story.php?story_fbid=2130201357274356&id=1839559759671852

🔹පීනස සුවකරන හෙළ වෙදකමේ ප්‍රතිකාර 👇
https://m.facebook.com/story.php?story_fbid=2256666934627797&id=1839559759671852

🔸රෝග රැසක් නසන ගොටුකොළ 👇
https://m.facebook.com/story.php?story_fbid=2412820399012449&id=1839559759671852

🔹මව්කිරි වලට පමණක් දෙවැනි වන එළුකිරි 👇
https://m.facebook.com/story.php?story_fbid=2421574028137086&id=1839559759671852

🧓 තොරතුරු :- දේශීය වෛද්‍ය එන්. බි. වීරප්පෙරුම මහතා
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #කෂාය #කසාය #පීනස #catarrh #treatmentsforcatarrh #ayurveda #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here