පිලිපීනයට චීනයෙන් විරෝධය – Sri News ජාත්‍යන්තර පුවත්

0
5

පිලිපීනයේ රැඳී සිටින චීන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිලිපීනයෙන් පිටුවහල් කිරීමේ පිලිපීන ජාතිකාරක්ෂක උපදේශකවරයාගේ ඉල්ලීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පිලිපීන ජාතිකාරක්ෂක උපදේශකවරයා පිලිපීනයේ රැඳී සිටින චීන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එරටින් පිටුවහල් කරන ලෙස ඊයේ (10) ඉල්ලීමක් කර තිබුණා.

ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා මාධ්‍ය හමුවක දී චීනයේ ප්‍රතිචාරය පැහැදිලි කළා.

පිලිපීනයේ මෙම ප්‍රකාශය සාක්ෂි සහිතව ඔවුන් වැරදිකරුවන් බව සනාථ කරන අතර පිලිපීනය උපරිම අසාධාරණ මාර්ගයකට පිවිස ඇති බව හෙතෙම පැවසුවා.

චීන රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සාමාන්‍ය රාජකාරි සිදු කිරීමේ ඉඩකඩ සහතික කරන ලෙසත්, නීති උල්ලංඝනය කිරීම හා ප්‍රකෝප කිරීම් වහාම නතර කරන ලෙසත් චීනය පිලිපීනයෙන් ඉල්ලා සීටිනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here