පිරිහෙන්නට නොදී ,රැකගමු …කුසල් සිත – Sri News

0
14


අපි ජීවත් වන මේ ලෝකේ යම් තැනක අර්බුදයක් හටගත්තොත්, යම් තැනක කළකෝලහාලයක් පටන් ගත්තොත්, යම් තැනක අසමගියක් ඉපදුනොත් ඒකට හේතුවක් තියෙනවා.

අපි ජීවත් වෙන ගමේ එහෙම නැත්නම් අපි ජීවත් වන නිවසේ, එහෙම නැත්නම් අපි අපි අතරේ යම් අර්බුදයක් හටගන්න පදනමක් තියෙනවා.

 

ඒ පදනම තමයි අපි ආසා කරපු දෙයක්. එහෙම නැත්නම් ඒ ආසා කරපු දේ නොලැබීම නිසා ඇතිවෙච්ච අමනාපයක්. එහෙම නැත්නම් ඒ අපේ ජීවිතයේ තුල තියෙන අනවබෝධය,

මෝහය. ලෝකයේ කොයි තැනක හෝ වේවා, කොයි පුද්ගලයකු ලග හෝ වේවා යම් අසහනයකින් පෙළෙනවා නම්, යම් අර්බුදයක් උපදිනවා නම්, ඔය කුරුණු තමයි ඒකට මුල්වෙන්නේ.කුසල් සිත පිරීහී නොයන්නට නම් බොහෝ උත්සාහ ගත යුතුයි.

අර්බුදය හටගන්නේ තමන්ගේ හිතේමයි.. එය ඔබට වැටහුනාද….

 

ඉස්සෙල්ලම මේ අර්බුදය ලෝකයට දෙන්න කලින් ඒ අර්බුදය හටගන්නේ තමන් තුල. තමන්ලග ආසාව ඇති වන හිත ඇවිස්සෙන යමක් හටගත්තාද, තමන්ගේ හිතේ යම් ද්වේෂ සහගත අර්බුදයක් හටගත්තාද? තමන්ගේ හිතේ යම් මෝහය මුල් වූ අරමුණක් හටගත්තාද, ඒ හටගත්ත දේ එයාගේ ඇසුරේ සිටින අයට බෙදා දෙනවා.

ඒ ඇසුරේ සිටින අයට එයා ඒක දායාද කරනවා. ඊටපස්සේ ඒ ඇසුරේ සිටින කෙනාගේ මනසත් ඒ තුනෙන් පීඩාවට පත් වෙවී තිබෙන නිසා ඒ මනසටත් ඒක උරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?

 

අර්බුද, විශාල පැටලිලි, කලබලයක්, අසහනය, අසමගිය, රණ්ඩු සරුවල්, කළකෝලහාල වලින් ආරම්භ වෙනවා.

මේ..නිසාම, අපේ භාග්යවතුන් වහන්සේ මෙන්න මේ ස්වභාවයෙන් උන්වහන්සේගේ සිත බැහැර කරගත්තා. ඒ කියන්නේ රාග, ද්වේෂ, මෝහ ක්ෂය කරා. ඒ ක්ෂය කර මුනිවරයාට තමයි අරහං කියල කියන්නේ. ඒ අරහං ගුණයෙන් යුතු, සම්මා සම්බුදු ගුණයෙන් යුතු ඒ මුණිවරයා ඒ නිකෙළෙස් සිතින් වදාළ ධර්මය තිබෙනවා මේ අර්බුදයෙන් නිදහස් වෙන අකාරය.

ඉතින් ඒ ධර්මය ශ්රවණය කල පිණැති උදවියට තමයි ඒ අවස්ථාව උදා වෙන්නේ. අතීතයේ කෝටි ගාණක් මිනිස්සු, දෙවිවරු මේ රාග, ද්වේෂ, මෝහ නිසයි මේ අර්බුදය හටගන්නේ කියන එක අදුනා ගත්තා.

 

නැත්නම් අපට හිතෙන්නේ මේක පුදගල ප්රශ්ණයක්, මේක රටක ප්රශ්ණයක්, මේක සමස්ත ප්රශ්ණයක් කියන එක තමයි .

නමුත් මේ ප්රශ්ණය හටගන්නේ තම තමන් තුල. තමන් තමයි ඉස්සෙල්ලම මේ ප්රශ්නෙන් පීඩාවට පත් වෙන්නේ. අර්බුදය හදන කෙනා. ඉතින් ඒ නිසා ඒ අර්බුදය හදුනාගෙන ඒ අර්බුදයෙන් නිදහස් වෙන කරුණු අපේ ශාස්තෘණ්වහන්සේ අපට දේශණා කළා. මේ ඒකාත්මික භාවයන් මුදුන් පමුනුවාගෙන මේ ජීවිතේ සාර්තක කරන්නට නම් අපි අපිම සාර්තක විය යුතුයි.

පින් සිත් බිඳෙන්නට්ස් ඉඩ නොදී රැකගෙන ජීවිත සාර්තක කරන මගට සාදරයෙන් පියනගමු…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here