පියාගේ ප්‍රාණ ඇපයේ සිටි දරුවන් මුදා ගත් විරුවන්ට ඇගයීමක් – Sri News දේශීය පුවත්

0
7

ශ්‍රී ලාංකිකයන් නීති විරෝධීව රුසියාවට හා යුක්රේනයට යැවීමේ ජාවාරම්වල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

හංවැල්ල ජල්තර නිවාස සංකීර්නයේ පුද්ගලයෙකු තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන ජීව අත්බෝම්බයක් පුපුරවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය ව්‍යර්ථ කළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග පිරිනැනීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය වූ ස්ථානයට යන විටත් අදාළ පුද්ගලයා ජීව අත්බෝම්බයේ ආරක්ෂිත අගුල ඉවත්කොට තිබුණා.

පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්  එක්ව ඉතා සූක්ෂමව මෙම තත්ත්වය පාලනය කිරීමට සමත් වුණා. ඒ සදහා කැපවුණු නිලධාරීන් අගය කරමිනුයි ත්‍යාග පිරිනැමුණේ.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here