පිටරටකට පදිංචි වෙන්න යන්න කලින් හිතන්න ඕන දේවල් 10ක් – Sri News

0
3

වෙනත් රටකට සංක්‍රමණය වීමටද සූදානම? නිසැකවම ඔබ මෙම තීරණයට පැමිණෙන්නේ වඩා යහපත් අනාගතයක්, වඩා යහපත් ජීවන තත්ත්වයක් බලාපොරොත්තුවෙන් විය යුතුයි. ඔබ සංක්‍රමණය වන රටෙන් ඔබට ඒ දේවල් අනිවාර්යයෙන් හිමිවේවිද? ඔබ ඒ ගැන හිතුවාද? එහෙනම් හැමදේටම කලින් ඔබ යන්නට පෙර දැනගත යුතුම දේවල් ටිකක් පිළිබඳව සාකච්ඡා කරමු.

 

වෙනත් රටකට යන්න අවස්ථාව ලැබුන නිසාම නොගිහින්, එහි යාමට පෙර එම රටේ ජීවන වියදමට ගැලපෙන පරිදි ඔබට රැකියාවක්, ආදායම් මාර්ගයක් සකසා ගන්න හැකියාවක්  තියෙනවාද කියන දේ විමසා බැලිය යුතුයි. යන්න කලින්ම එවන් ආදායම් මාර්ගයක් සැලසුම් කරගෙන යා යුතුයි. එහෙම නැති වුනොත් ඔබ වෙනත් රටක අසරණ වෙන්න පුළුවන්.

 

ඉපදුණු රටෙන් පිටත පදිංචියේදි ඔබ සැලකිලිමත් විය යුතුයි එම රටවල් සංක්‍රමණිකයන්ට සළකන ආකාරය සහ සංක්‍රමණිකයන් පිළිබඳව දක්වන ආකල්ප මොනවගේද කියන එක ගැන. මොකද ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න ඔබ තෝරා ගන්නා වටපිටාව ඔබට හිතවත් නොවුනහොත් එය එදිනෙදා ජීවිතයේ ගතවෙන හැම තත්පරයකටම අදාළ වෙන නිසා, පිටත් වීමට තීරණය කිරීමට පෙර ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න.

 

සමහර රටවල් සරල ආගමන ප්‍රතිපත්ති තමයි ඉදිරිපත් කරන්නේ. සමහර  රටවල ආගමන ප්‍රතිපත්ති හරීම සංකීර්ණයි. ඔබ ජීවත් වීමට අපේක්ෂා කරන රට තුළ ක්‍රියාත්මක වෙන නීතියට ඔබට අනිවාර්‍යයෙන් අවනත වෙන්න සිදු වෙනවා. ඔබේ නොදැනුවත්කම සමාවට හේතුවක් නම් නොවේව්. ඒ නිසා ඒ ගැන මනා වැටහීමක් ලබාගෙනම යන එකයි සුදුසු.

 

සංක්‍රමණය වෙන රට තුළදී ඔබේ ආරක්ෂාව තහවුරු වෙනවාද? එම රටේ පවතින යුධ වාතාවරණ, ජනවාර්ගික අර්බුද, ඔබ අදහන ආගම දහමට පවතින පක්ෂපාතීත්වය හෝ විරුද්ධත්වය ආදියද අනිවාර්යයෙන් විමසා බලන්න.

 

ගොඩාක් නුපුරුදු පරිසරයක වුනත් අපේ කියලා දෙයක් ඇහැ ගැටුනාම දැනෙන සුවය කොච්චරද කියලා කියන්න ඕන නැහැනේ. වෙනත් රටක් කියන්නේ අපේ අයගෙන් දුරස් වීමක්. ඉතින් යන්න කලින් හොයලා බලන්න අපේ කට්ටිය ඒ රටවල් වල ඔබ යන ප්‍රදේශය කිට්ටුව තවත් ජීවත් වෙනවාද කියන කාරණය. ඒ රටේදී ගෙවන්න යන ජීවිතය ගැන ඔයාට යම් කිසි විශ්වාසයක් ඇති කරවන්න, ඔයාට අවශ්‍ය තොරතුරු ලබා ගන්න හොඳම හා විනිවිද ක්‍රමයක් විදිහට අපේ අය ඒ රටවල ඉන්නවාද කියලා හොයලා බලන එක ගොඩාක් වැදගත් වේවි.

 

අපි ඇත්තටම තවත් රටක පදිංචියට යන්නේ ජීවත් වෙන රටට වඩා අලුත් රටේදී උසස් ජීවන තත්ත්වයක් බලාපොරොත්තුවෙන්. යන්න කලින් මේ ගැනත් හොයලා බලන එක තමා හොඳ. ඔබ පදිංචි වීමට බලාපොරොත්තු වෙන ප්‍රදේශයේ විවිධ ජාතීන් අතර පවතින සහයෝගය, අර්බුද, සනීපාරක්ෂාව පිළිබඳ පහසුකම්, සොර සතුරු බිය ආදිය ගැන පුළු පුළුවන් ක්‍රම වලින් හොයා බලන එක තමා වඩා සුදුසු.

 

භාෂාව තමයි ඔබ සතුව ඇති ප්‍රධානම මෙවළම. ඔබ එම රටේදී දේශීය පුද්ගලයන් හා ඔබේ අදහස් හුවමාරු කර ගැනීමට අපොහොසත් වුවහොත් ඔබ විශාල අසීරුතාවයකටයි පත්වෙන්නේ. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් විදේශිකයන් දෙදෙනෙක් අදහස් හුවමාරු කරන්න භාවිතා කළත්, දේශීය භාෂාව පමණක් භාවිතාවෙන සමහර රටවල් තියෙනවා. ඉතින් ඒ වගේ රටකදි ඔයාට සිදුවෙනවා ඔවුන්ගේ භාෂාව හදාරලා, ඒ රටේ පදිංචියට යන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here