පැළ මුංඇට තෙල් දැමීම

0
5


අවශ්‍ය ද්‍රව්‍ය

පැළ මුංඇට 200g

රතුලූනු (කපාගත්) 40g

අමුමිරිස් (හතරට පලන ලද) කරල් 4

තක්කාලි (තීරු කපාගත්) 50g

කරපිංචා (සිහින්ව කපාගත්) මේස හැඳි 1

රම්පේ අඟල් 1/4

කුරුඳුපොතු අඟල් 1/4

කහ කුඩු තේ හැඳි 1/2

කෑලි මිරිස් මේස හැඳි 1

කූණිස්සෝ 50g

තෙල් මේස හැඳි 1

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා තෙල් දමා රත්කරගන්න.

ලූනු, රම්පේ, කරපිංචා, අමුමිරිස්, කුරුඳුපොතු දමා බැදෙන්න හරින්න.

එයට සෝදාගත් කූණිස්සන්, කෑලිමිරිස්, ලුණු එකතු කරන්න.

ඉන්පසු එයට පැළ මුංඇට දමා ගින්දර වැඩිකර හැඳිගාමින් විනාඩියක් තබා ගින්දර නිවන්න.

තක්කාලි එකතු කර කලවම් කරන්න.

අවශ්‍ය නම් දෙහි යුෂ එකතු කරන්න.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here