පැතුම් නිස්සංකගේ ද්විත්ව ශතකයෙන් ක්‍රීඩාලෝලීන් යළි පිබිදෙයි

0
5

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරඟයේදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ පැතුම් නිස්සංක පිළිබඳ මේ වන විට ක්‍රීඩාලෝලීන් ඇතුළු බොහෝ පිරිස් අතර දැඩි  කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, එම තරඟයේදී නොදැවී ලකුණු 210ක් රැස් කිරීමට පැතුම් නිස්සංක සමත් වීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා. 

new2023 voice · PETHUM CUT 01

ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කින් ජය ගනු ලැබුවේ වාර්තා පිට වාර්තා තබමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03කට ලකුණු 381යි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, නොදැවී ලකුණු 210ක් රැස් කළා.

ඔහුගේ ඉනිම වාර්තා රැසක්ද බිහි කළා.

පැතුම් රැස්කළ මෙම ලකුණු 210 ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යවයි.

එමෙන්ම එක්දින පිටියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ පළමු ද්විත්ව ශතකයද මෙයයි.

එමෙන්ම පැතුම් මෙම ඉනිමේදී හතරේ පහර හා හයේ පහරවලින් පමණක් 128ක් රැස් කර තිබුණා.

එය සැලකුණේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු හතරේ පහර හා හයේ පහරවලින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම පැතුම් නිස්සංක රැස් කළ මෙම ද්විත්ව ශතකය සැලකුණේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ශ්‍රී ලංකාව තුළදි රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පැතුම් මෙම ද්විත්ව ශතකය රැස් කළේ පන්දු 136කින්.

එය සැලකුණේ එක්දින ජාත්‍යන්තර පිටියේ කිසියම් පිතිකරුවෙකු වාර්තා කළ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය ලෙසයි.

එමෙන්ම එක්දින ජාත්‍යන්තර පිටියේ ද්විත්ව ශතකයක් රැස්කළ තුන්වන ලාබාලතම පිතිකරුවා වූයේද පැතුම් නිස්සංකයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට නියමිත පන්දුවාර 50 අවසානයේ රැස් කරගත හැකිවූයේ ලකුණු 339ක් පමණයි.

මොහොමඩ් නබී හා අස්මතුල්ලා ඔමාර් සායි ලකුණු 284ක වාර්තාගත සබඳතාවක් ගොඩනැගුවා.

එය සැලකුණේ එක්දින තරඟයක පළමු කඩුලු 05 බිද වැටීමෙන් පසු කිසියම් පිතිකරුවන් දෙදෙනෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

එමෙන්ම 6 වන කඩුල්ලෙන් පහල බිහිවූ දෙවන හොදම සබදතාවයද මෙය වුණා.

මෙම ලකුණු 284ක සබදතාව ඉතිහාස ගත වුණේ පරාජිත කණ්ඩාමක් වෙනුවෙන් එක්දින පිටියේ කිසියම් පිතිකරුවන් දෙදෙනෙකු රැස්කල ඉහලම ලකුණු සබදතාව ලෙසයි.

මෙහිදී මොහොමඩ් නබී ලකුණු 136ක් හා අස්මතුල්ලා ඔමාර් සායි නොදැවී ලකුණු 149ක් රැස් කලා. 

ඊයේ තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීද පැතුම් නිස්සංක දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අදහස් පළ කළා. 

new2023 voice · SLC MADUSHAN 01

එම තරඟයේදී තමන්ට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු 04ක් බිඳ හෙලීමට හැකි වීම සම්බන්ධයෙන් ප්‍රමෝද් මධුෂාන් දැක්වූයේ මෙවන් අදහසක්.

new2023 voice · SLC MADUSHAN 02

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.
 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here