පාසල් සිසුවෙක් ඔන්චිල්ලාවට බිළි වෙද්දී සිසුවියකගේ සිරුරක් වැසිකිළියේ එල්ලෙයි | Sri News

0
13

නුවරඑළිය පොලිස් වසමට අයත් මාගස්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් ඔන්චිල්ලාවක් බැඳ තිබූ ලණුවකට ගෙළ සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

12 හැවිරිදි මෙම සිසුවා අද (11) දහවල් සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

මියගිය සිසුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිසා රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර බලංගොඩ, පෙටිටිගල ප්‍රදේශයේ නිවසක වැසිකිළියේ එල්ලෙමින් තිබිය දී පාසල් සිසුවියකගේ මළ සිරුරක් අද (11) සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ මළ සිරුරක්.

හදිසි මරණ පරීක්ෂණය බලංගොඩ හදිසි මරණ පරික්ෂක එල්.ආර්.ශාන්ත ජයසේකර විසින් සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර බලංගොඩ මූලික රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here