ප්ලැටොනික ප්‍රේමයක මිහිර ඔබත් විඳලා තියෙනවාද? ප්ලැටොනික ප්‍රේමයක සුන්දරත්වය මෙහෙමයි – Sri News

0
6

ප්ලැටොනික් ලව්, එහෙම නැතිනම් අපි ඒක සිංහලට හරවාගෙන තියෙන විදියට ප්ලැටොනික ප්‍රේමයක් කියන්නේ මොකද්ද? අපි ඔය වචනේ පොත් වල, ෆිල්ම් වල ඕන තරම් අහලා තිබුණට, ඇත්තටම අපේ ජීවිත වල ප්ලැටොනික ප්‍රේමයන් තිබුණද නැද්ද කියලාවත් අපි දන්නවාද? ඇත්තටම මගේ මිත්‍රයා, ප්ලැටොනික ආදරයක් හැබෑවටම විඳලා තිබුණා නම්, ඔබ භාග්‍යවන්තයෙක්. 

 

මේ ප්ලැටොනික් ආදරය ගැනයි…

 

මොකද්ද ප්ලැටොනික් ආදරය කියන එක හොයන්න අපිට ග්‍රීක දර්ශනය පැත්තට යන්න වෙනවා. ග්‍රීසියේ හිටපු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන ප්ලේටෝ මේ අදහස ගැන ලියලා තිබුණා ඔහුගේ සිම්පෝසියම් කියන විශිෂ්ට සංවාදයේ. හැබැයි ප්ලේටෝ ලියනකොට මේකට ප්ලැටොනික ආදරය කිවුවේ නෑ ඉතින්. මෙතනදී නිර්වචනය සරලයි. ලිංගිකමය හැඟීම් වලින් තොරව -ඒ කියන්නේ කිසිදු භෞතික ආකර්ෂණයකින් තොරව- බුද්ධිමය සහ/හෝ ආත්මීය තලයක පවතින්න පුළුවන් ප්‍රේමයක් තමයි ප්ලැටොනික ප්‍රේමයක් කියන්නේ. හැබැයි එහෙම කිව්වට ප්ලැටොනික ප්‍රේමයේ නිර්වචනයට වඩා, ඇත්තටම ප්ලැටොනික ප්‍රේමයත් එක්ක එන හැඟීම් බොහොම ගැඹුරුයි, සංකීර්ණයි එක්තරා විදියකට.

 

වරද්ද ගන්න එපා. මෙතනදී අපි කියන්නේ භෞතිකව, ඒ කියන්නේ ලිංගිකව ආකර්ෂණයක් නොපවතින, හැබැයි ඊට වඩා බොහොම ගැඹුරින් ආදරයක් පවතින දෙයක් ගැන. එහෙම නැතුව සෙක්ස් නැති සම්බන්ධයක් ප්ලැටොනික් කියන එක නෙවෙයි. සමහර සම්බන්ධතා වල සෙක්ස් නැත්තේ එක්කෙනෙක්ට සෙක්ස් ඕන නැති නිසා. හැබැයි අනිකාට ලිංගික ආකර්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් ලිංගික ආකර්ෂණයක් දෙන්නාටම තිබුණත් මොකක් හරි හේතුවක් නිසා ඒ සම්බන්ධය ඇතුළේ සෙක්ස් නැතිවෙන්න පුළුවන්. හැබැයි ප්ලැටොනික ආදරයක් කියන්නේ මේ එකක්වත් නෙවෙයි.

 

ප්ලැටොනික ආදරයක ලිංගික අයිතිවාසිකමක්, භෞතිකව අයිතිකර ගැනීමේ හැඟීමක්, ලිංගික ඊර්ෂ්‍යාවක් වගේ කිසිම දෙයක් නැහැ. මේකෙන් කියනේ එහෙම ලිංගික ආකර්ෂණයක්/භෞතික ආකර්ෂණයක් තියෙන ආදරයක් ලස්සන නැහැයි කියන එක නෙවෙයි. හැබැයි අර නන්දා මාලිනී කියන විදියේ අචින්ත්‍ය, සුරම්‍ය ආදරයක් ප්ලැටොනික ප්‍රේමයකත් තියෙනවා. රාගයෙන් තොර නිසාම, ඒකට වඩාත් ගැඹුරක් ලබාගන්නත් එක්තරා විදියකට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම භෞතික ආකර්ෂණය අදාළ නොවෙන නිසාම, ප්ලැටොනික ආදරයක් ක්‍රමයෙන් වියැකිලා යන්න තියෙන ඉඩ අඩුයි. ඒ වගේම ශාරීරික අයිති කරගැනීමේ හැඟීම් නැති නිසාම, ප්ලැටොනික ආදරයක පැවැත්මත් වඩා ස්ථාවරයි.

 

හැමෝම ප්ලැටොනික ආදරයක බැඳෙන්න ඕන කියලා නීතියක් කොහේවත් නෑ. ඒ වගේම, අපිට ඕන නම් අපේ සහකරුවා හෝ සහකාරිය එක්ක තියෙන භෞතික ආකර්ෂණයකින් යුක්ත ආදරය පවා වඩාත් ගැඹුරින් ගැඹුරට ගවේශණය කරන්න පුළුවන්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here