ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

0
4


BlogTemplate

ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 16

ව්වේ, වැස්‌සේ සිට සියල්ල ප්‍රශ්න කරගත් සමාජයක ජීවත් වන අපේ ජාතියේ සදාතනික උරුමය බවට පත්ව ඇත්තේ නිමක්‌ නොවන ප්‍රශ්නයන්ය. එවන් සමාජයකට ළඟ විසඳුම් මිස දුර දැක්‌මකින් යන ගමනක්‌ නැත. අවසානයේදී එය ජාතියේ ඉරණම”දුර නොබලන, ළඟ බලන සමාජයක්‌ කරා…” තල්ලුකිරීමට සමත් වී තිබේ. ජාතිය අවදි කළ යුත්තේ මෙවන් ළඟ බලන මානසිකත්ව තුළිනි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්‌වාමින් වහන්සේ විසින් මෙවර දහම් අනුශාසනාව පවත්වන්නේ ඔබේ ජීවිතය වෙලා ගත් මේ ප්‍රශ්න ගැනය.

අපේ හාමුදුරුවනේ… අද සමාජයේ වැඩිපුරම දකින්න තියෙන්නේ වෙන කෙනෙකුට කියාගන්න බැරි ප්‍රශ්න. මිනිසුන් මේ ප්‍රශ්නවලින් විශාල ලෙස පීඩාවට පත්වෙලා සිටිනවා. මේ සඳහා ඔබ වහන්සේ අපට ධර්ම උපදේශයක්‌ ලබා දෙනවානම් යහපති…

ප්‍රධාන වශයෙන් ප්‍රශ්න වර්ග දෙකක්‌ මිනිස්‌සුන්ට තියෙනවා. එකක්‌ පරිසරය තුළින් තමන් වෙත කඩාගෙන වැටෙන ප්‍රශ්න… ඒවා තව කෙනකුට කියන්න පුළුවන් ප්‍රශ්න. තව ප්‍රශ්න වර්ගයක්‌ තිබෙනවා, ඒ තමයි, තමන්ගේ මෝඩකමෙන් හදාගත්ත ප්‍රශ්න. ඒවා තමයි, කාටවත් කියා ගන්න බැරි ප්‍රශ්න බවට පත්වෙන්නේ… සතුරු උවදුරු, තමන්ගේම පෙර ආත්ම විපාක, ස්‌වභාවික අපදා, පවතින රාජ්‍ය තන්ත්‍රයේ දුර්වලකම් නිසා ඇතිවන සමුහ ප්‍රශ්න, නොපෙනෙන ලෝකයෙන් ඇතිවන ප්‍රශ්න, ආදිය තමයි බාහිරයෙන් ඇතිවන ප්‍රශ්න වන්නේ. මදිවට තමන්ගේ මෝඩකම නිසා ඇතිවන ප්‍රශ්නවලට මුල් වන්නේ මනුෂ්‍යයා සිල් පද කඩා ගැනීම. එක්‌කෝ ප්‍රාණඝාතය කරලා ඒ ගැන පසුතැවි තැවී ඉන්නවා. එක්‌කෝ සොරකම් කරලා, කාමය වරදවා හැසිරිලා, බොරු කියලා, මත්පැන් බීලා… ආදී වශයෙන් තැවි තැවී ඉන්නවා. මේ තමයි ප්‍රධාන වශයෙන් ඇතිවෙන ප්‍රශ්නය.

දැන් බලන්න ප්‍රාණඝාතය ගැන… මේ ගැන කතා කළොත් මිනිස්‌සු පටන් ගන්නේ මස්‌, මාළු වලින්නේ… මම පටන් ගන්නේ ඊට වඩා ඉහළින්… දැන් ගබ්සාව අරගෙන බලන්න. තරුණ වයසේදී කාමයට වසඟ වෙලා, නුවණින් නොබැලීම නිසා, පින් පව් විශ්වාස නොකිරීම නිසා වැරදි කාම සේවනයේ යෙදෙනවා. මේ වැරදි කාම සේවනයේ යෙදීම නිසා දරුවන් නොසුදුසු අවස්‌ථාවලදී පිළිසිඳ ගන්නවා. මේ නිසා ඒ අය ගබ්සා කිරීම පිණිස යොමුවෙනවා. මනුෂ්‍යයා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය මේක තමයි. මේ තමයි ප්‍රධානම මෝඩකම. බොහෝ කාන්තාවන් මේ ගැන පසුතැවි තැවී ඉන්න බව, ධර්මයෙන් මට පෙනී ගිය ප්‍රධාන කාරණයක්‌. ඒ ගැන කාටවත් කියා ගන්නත් බැහැ. මේකේ භයානකකම කියන්න මම උදාහරණයක්‌ කියන්නම්. මල්ලිකා දේවිය පෙර ආත්මයක එක්‌තරා භෝජන සංග්‍රහයක්‌ වෙනුවෙන් එළුවෙක්‌ මරවනවා. ඒ හේතුව නිසා ආත්මභාව පන්සියයක්‌ බෙලි කැපුම් කා මිය යන්න හේතු වුණා. අටුවාවේ මේ ගැන සඳහන් වෙන්නේ, තිරිසන් සතකුට දානයක්‌ දීමෙන් සියගුණයක විපාක ලැබෙනවා, තිරිසන් සතෙක්‌ ඝාතනය කිරීමේ විපාක පන්සීය ගුණයයි, කියලා. මනුෂ්‍යයකුට දානයක්‌ දීමේ විපාක දහස්‌ ගුණයයි. මනුෂ්‍යයෙක්‌ ඝාතනය කිරීමේ විපාක පන්දහස්‌ ගුණයි. යම් කෙනෙක්‌ ෙච්තනාත්මකව කර්මයක්‌ කළොත් ඒක විපාක නොදී නැතිවෙන්නේ නැහැ කියන එක තමයි බුද්ධ දේශනාව. යම් කෙනෙක්‌ එක වතාවක්‌ ගබ්සා කළොත් ඒකේ විපාක ලැබෙනවා, පන්දහස්‌ වතාවක්‌. මේක තමයි ධර්මය. එතකොට කවුරු හරි ගබ්සා දෙකක්‌ කළොත් එයාට විපාක ලැබෙනවා, දසදහස්‌ වතාවක්‌. එයා ගබ්සා තුනක්‌ කළොත් පහළොස්‌දාස්‌ වතාවක්‌ මව් කුසේ මැරෙන්න වෙනවා. මෙබඳු ආකාරයේ භයානක විපාකයක්‌ කරා යනවා කියලා දැනගත්ත ගමන්, තමන්ගේ මෝඩකම නිසා ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නවා. ඒවා කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න බවට පත් වෙනවා. මේවා තමයි සෑබෑ මෝඩකම්.

මේකේ අනිත් පැත්ත තමයි, ගබ්සාවෙන් මිය යන කෙනා වෛර බැඳීම. මේ ළඟකදී මම විදේශ රටකට ගිය අවස්‌ථාවකදී එක මව් කෙනෙක්‌ මගේ ළඟට ඇවිල්ලා, අඬ අඬා විස්‌තරයක්‌ කිව්වා. ඒ මව්ට දරුවා පිළිසිඳ ගත් රාත්‍රියේ කවුද ඇවිල්ලා කියනවා ඇහුනලු තොගෙන් මම පළිගන්න එක පටන් ගන්නවා කියලා. මේක ඒ අම්මාට තේරිලා නැහැ. පස්‌සේ තමයි එයා දන්නේ තමන් පිළිසිඳගෙන ඉන්න බව. ඔන්න පුතෙක්‌ උපන්නා. අවුරුදු තුනේ ඉඳලා මේ පුංචි පුතා වද දෙන්න පටන් ගත්තා… “මං තෝව මරනවා…” කියලා කියන්න පටන් ගත්තා. අතට අහුවෙච්චි එකෙන් අම්මට ගහනවා. මේ වෙනකොට එක වතාවක්‌ අම්මගේ කොන්ද කඩලා. අත එක වතාවක්‌ කඩලා. නහය තව වතාවක්‌ කඩලා. ඒ රටවල, අවුරුදු දහසය වෙනකං දරුවා තියාගන්න ඕනේ මවගේ භාරයේ. කොච්චර පැමිණිලි කළත් දරුවා දෙන්නේ අම්මගේ භාරයට. පස්‌සේ මේ අම්මා දරුවාව මෝහනය කරන තැනකට එක්‌ක ගෙන ගිහිල්ලා. එතැනදී මෝහනය කරලා, මේ වෛරය පටන් ගත්තේ ඇයි කියලා අහලා තියෙනවා. කලින් ආත්මේ මේ දරුවා චීන අම්මා කෙනෙකුගේ කුසේ ඉපදිලා තියෙනවා. ඒ අම්මා ගබ්සාවක්‌ කරගෙන. ඒ ගබ්සාවෙන් තමයි මේ වෛරය පටන් අරගෙන තියෙන්නේ. “අම්මලා මාව මැරුවානම් මම අම්මලා මරනවා…” කියන වෛරය පටන් අරන් තියෙන්නේ එදා. දැන් මේ වෛරය ඇවිල්ලා තියෙන්නේ මේ අම්මට. බාහිර සමාජයට මේ දරුවා හොඳ ළමයෙක්‌. පොලිසිය වුණත් මේ ගැන තීන්දු ගැනීමේදී සැක කළේ ඒකයි. බාහිර සමාජය කියන්නේ මේ ළමයා හොඳයි කියලා. අම්මට විතරයි මේ කරදර. මෙයින් ස්‌විච් එක ඔෆ් කරලා තමයි මේ අම්මා ගෙදරදී නිදා ගන්නේ. මේ අම්මා රෑට නැගිටලා ඉන්නවා දැක්‌කොත් මේ දරුවා කියන්නේ “තොට මගෙන් බේරෙන්න බැහැ… මම තෝව මරනවා” කියලා කියන්න ගන්නවාලු… මෑතදී මේ ළමයා අම්මව මරන්න ගිහිල්ලා අම්මා කෑගහගෙන පොලිසියට දුවලා, මේ ළමයාව උසාවියට දාලා රිමාන්ඩ් කරලා. මම ඒ අම්මට ධර්මයෙන් උපදෙසක්‌ දුන්නා. මේ දරුවාට මෙත් සිත වඩන්න, සියලු අම්මලා වෙනුවෙන් මේ දරුවා ගැන සිතලා සිතින් මෙහෙම කියන්න සියලු අම්මලා වෙනුවෙන්, මේ “වෙච්ච වැරැද්දට සමාවෙන්න…” කියලා. මෙහෙම මෙනෙහි කරන කොට පොලිසියෙන් කියලා තිබ්බා “නඩු තීන්දුව ඉක්‌මන් වුණා… මේ දරුවාට ගෙදර එන එක තහනම් කළා.” කියලා. මේ අම්මා දුවගෙන ඇවිල්ලා ඒක මට කිව්වා. මෙහෙම කොයි තරම් දේවල් වෙනවා ඇද්ද…? අපිට පෙන්නේ හදිස්‌සි අනතුරු කියලා විතරයි. ඒත් ඒවා ආත්ම ගණනාවක දේවල් වෙන්න පුළුවන්. මව්කුසට කවුරු හරි එනවා කියන්නේ ඒ කළල අවස්‌ථාවේදී අපි අසරණයි. අනිවාර්යෙන්ම රැකවරණය ලැබිය යුතු තැනක්‌. ඒ රැකවරණය ලැබිය යුතු තැනට තමයි ගබ්සාවෙන් හානි කරන්නේ. අනිවාර්යෙන්ම රැකවරණයක්‌ ලැබිය යුතු තැනකට අපි පත් වුන දවසට ඒ හානිය අපිට එනවා.

ස්‌වාමින් වහන්ස… අද විද්‍යාව දියුණු නිසා කලල රූපය කලින්ම බලනවා. එතැනදී ආබාධ සහිත දරුවෙක්‌ බව තහවුරු වුණොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නය එනවා. මේ නිසා තමයි සමහරු ගබ්සාවට යොමු වන්නේ. මෙවැනි තත්ත්වයකදී දරුවෙක්‌ කලලයෙන් ඉවත් කිරීම ගැන ධර්මයෙන් විග්‍රහ කරන්නේ කොහොමද…?

ඒක යුරෝපීය සංස්‌කෘතිය. ඒ සංස්‌කෘතියේදී හැමතිස්‌සෙම බලන්නේ ආබාධ කරදරයක්‌ වධයක්‌ විදිහට. සාමාන්‍යයෙන් ඒ මිනිස්‌සුන්ගේ චින්තන රටාව හැදිලා තියෙන්නේ එහෙමයි. මේවගේ සිතන නිසා ඒ මිනිස්‌සුන්ට ආනන්තරිය පාප කර්මයන් සිද්ධ වෙනවා. යුරෝපීය රටක අම්මා කෙනෙක්‌ තාත්තා කෙනෙක්‌ රෝහල් ගත කරනවා. කෝමා වැනි තත්ත්වයකදී එයාව මැෂින් එකෙන් තමයි පෝෂණය කරන්න ඕනේ… මව හෝ පියාව මැෂිමෙන් ඉවත් කරන්න කියලා දරුවන්ම කියනවා. ලොකු රෝහල් ගාස්‌තුවක්‌ ගෙවන්න වෙන නිසා අම්මව තාත්තාව මරන්න කියලා දරුවන්ම කියනවා. එතකොට වෛද්‍යවරුන්ට දරුවෝ සේරම අත්සන් කරලා දීලා ඒකේ වගකීම දරුවන් ගත්තාට පසුව ඒ මව හෝ පියා මැෂිමෙන් අයින් කරලා මැරෙන්න එන්නතක්‌ ගහනවා. එතකොට අර දරුවෝ සියලු දෙනාට ආනන්තරිය පාපකර්මය සිද්ධ වෙනවා. විද්‍යාවේ නාමයෙන් යුරෝපයේ අද හරියට ආනන්තරිය පාපකර්මය සිද්ධ වෙනවා. ඒ අයට කර්ම විෂය පිළිබඳව දැනුමක්‌ තියෙනවද ප්‍රශ්නයක්‌ නැහැ. ඒ අය දන්නේ මැවුම්කරුවෙක්‌ ගැන විතරයි. මේ නිසා ආබාධ සහිත දරුවෙක්‌ ඉන්න කොට ඒක කරදරයක්‌ කියලා, නැති කරන්න කියලා අම්මලාට කියනවා. ආබාධ සහිත දරුවෙක්‌ ඉන්නේ සමහර විට කර්ම විපාකයක්‌ හැටියට. මේ ආත්මේ එක ස්‌වාමියෙක්‌ ඉන්නවා කියලා අපි හිතමු. මේ ස්‌වාමියා අයථා සම්බන්ධයක්‌ ඇතිවෙනවා. මේ ගැන බිරිඳ දැන ගත්තාහම “මට කරපු දේට සහගහන්න ඕනේ…” කියලා අසරණ වෙච්ච බිරිඳ හිතනවා. එතකොට වෙන්නේ බිරිඳගේ වෛරය අනුව, ස්‌වාමියාට සහගහනවා දකින්න බිරිඳ කැමති වෙනවා. ඊළඟ ආත්මයේදී අර ස්‌වාමි පුරුෂයා අංගවිකල දරුවකු වෙලා බිරිඳට උපදින්න පුළුවන්.

ඒ කර්ම විපාකය අනුව ආපු කෙනාව ආයිත් මරන්න කියලා, වෛද්‍ය විද්‍යාව කියනවා. ඒ කර්මයත් මේකට එකතු වෙනවා. මේ විදිහට කර්ම එකතු වේවි දිග් ගැස්‌සෙනවා. තමන්ගේම මෝඩකමින් තමයි මේ දිග් ගැහීම වෙන්නේ. සොරකමේත් මේකමයි වෙන්නේ. ඉහළම ආයතන වල සිට පුංචි තැන දක්‌වාම සොරකම් කිරීම තියෙනවා. මේවායෙන් බොහෝ අකුසල රැස්‌වෙනවා. ඔය කොමිස්‌ ගැහිල්ල, පොඩි පොඩි අල්ලස්‌ ගැනිලි ආදියත් අයිති වෙන්නේ ඒ ගණයට. මේ සඳහා හොඳ කතාවක්‌ ධර්මයේ තියෙනවා.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

The post ප්‍රාණ ඝාතයේ පවෙන් මවගෙන් පලිගන්නා දරුවෙක්‌ appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here