ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක දැවැන්ත අර්බුදයක.. ඉන් මුදාගත යුතුයි..

0
7


ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යාමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවූ බවද, ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රයෝගික මොඩලයක් බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පාසල් හැරයන, පාසල් අධ්‍යාපනයෙන් හැලෙන සෑම දරුවෙකුටම වෘත්තීය පුහුණුව දෙන වැඩපිළිවෙළක් මේ වසරේ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. සභාග ආණ්ඩු දේශපාලනයේ පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කිරිම්මේදී ප්‍රවේශමෙන් තීරණ ගතයුතු බවත්, මන්ත්‍රීවරුන් සහ රටවැසියාගේ බලාපොරොත්තු මෙන්ම රට මුහුණ දෙන තත්ත්වය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ, නව වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කළ කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මුහුණ දෙන දැවැන්ත අර්බුදයෙන් මුදාගත යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පුනර්ජනනීය විදුලි බලයට යොමුවී එමගින් විදුලි බල මණ්ඩලය මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවද පැවසිය.

රජය දුන් සහාය සහ සහයෝගය තුළින්, මෙරට ගොවි ජනතාවට අහාර නිෂ්පාදනය වැඩිකිරීමට හැකිවූ බවද, ආර්ථික අර්බුදයේදී බොහෝ රටවල රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුවුවත්, මෙරට රාජ්‍ය සේවක හෝ විශ්‍රාම වැටුප් කප්පාදුවක් සිදු නොවූ බවත්, ප්‍රකාශ කළේය.

ඔහු මෙසේද කීය.

“ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා විසින් පවත්වන ලද නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසිවාරය විවෘත කරමින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ අවස්ථාවේදී විවාදයට ලක්වී තිබෙන මොහොතේදී එක්වීමට ලැබීම අග්‍රාමාත්‍යවරයා හැටියට මම අගය කරනවා.

ජනාධිපතිතුමා විසින් ඉතාමත් සරලව සහ නිශ්චිත කරුණු ගැබ් කර ගනිමින් රට මුහුණ දුන්නු අර්බුදයත්, අර්බුදයෙන් ගොඩ එන මාර්ගයේ ගමන් කිරීම සඳහා ගත්තා වූ පියවරයන්, ඒ වගේම ඒවායේ ප්‍රගතිය පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහා වගකීම ඉෂ්ට කිරීමට තිබෙන ‍ක්‍රියාමාර්ගයන් සඳහා ඉතාම පැහැදිලිව පාරදෘශ්‍ය භාවයෙන් ඉටුකර තිබෙනවා.

පාර්ලිමේන්තුව පසුගිය අවුරුදු දෙක තුළ ඉතාම බැරෑරුම්ම, ආර්ථික, මූල්‍යමය වාගේම ව්‍යවස්ථාමය අර්බුදයන් හරහා ගමන් කළා. ඒ සඳහා ජනාධිපතිතුමාට ලබාදෙන ලද සහයෝගයට අපි යළිත් ආණ්ඩු පක්ෂයේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඒවාගේම විපක්ෂයේ බොහෝ අවස්ථාවල අපට සහයෝගය ලබා දුන් මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාවේදී යළිත් ස්තූතිවන්ත වෙනවා.

මේ රටේ ආර්ථික දැවැන්ත කඩා වැටීම ඉදිරියේ තිබුණු තත්ත්වය එතුමාගේ වචන වලින්ම කියනවනම් 2022 පෙබරවාරි මෙරට තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්නට අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දි ගිය අවුරුද්දේ පෙබරවාරිවලට වඩා යහපත් මට්ටමකට අප රට පැමිණ තිබෙනවා.

මා විශේෂයෙන් මේ කාරණාවන් සඳහන් කළේ මේ ඉදිරිපත් කරපු කරුණු එසේ නොවන බවට කිසිම පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක් කරනවා කියලා ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට කියන්නට බැරි වුණා. ගිය වසරේ උද්ධමනය එතුමාගේ ප්‍රකාශයේ 50.6% යි. අද එය 6.4% දක්වා පහළට වැටිලා තිබෙනවා. ආහාර උද්ධමනය 54.4% යි. අද එය 3.3%ක් දක්වා අඩුවී තිබෙනවා. එදා ඩොලරයක අගය රු. 362යි.

අද රු. 314 යි. අපි මේ යන ගමනේ නිදහසෙන් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අය වැය අතිරික්තයක් හැටියට ගන්න ශ්‍රී ලංකාවට හැකි වුණු 6වැනි අවස්ථාව මෙයයි. ඒ වගේම එදිනෙදා ව්‍යාපාරික, පෞද්ගලික ආදී අපි කවුරුත් බැංකු ක්‍රමය හරහා මුහුණ දෙන 2023 දී 28% ක් වූ පොලි අනුපාතය දැන් පහළ වැටී තිබෙනවා. එය 12% ක් අවට අනුපාතයේ අද පවත්වා ගෙන යනවා. මේ ආකාරයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විශේෂ ප්‍රකාශනයේ මේ තත්ත්වයන් ගැන පැහැදිලිව සැලකිල්ලට ගෙන මේ යන ප්‍රතිපත්තිමය කරුණු, ඒවාගේම වැඩපිළිවෙලට යළි යළිත් සහයෝගය දීමට අපි කැපවී තිබිය යුතුයි කියන එක විශේෂයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කුමන විවේචනයක් තිබුණත් සඳහන් කරන්නට කැමති. සංචාරක ව්‍යාපාරය ඉතා කැපීපෙන ප්‍රගතියකට පත්වුනා. ගරු කතානායකතුමනි, අපේ රටේ කෘෂිකර්මික වර්ධනය 3.9% කින් වැඩි වී තිබෙන බව සියලු සංඛ්‍යාලේඛන පිළිගන්නවා. ඒ ඇයි? ඒ සඳහා දෙන ලද සහයෝගය හා මඟ පෙන්වීමයි. ඒ සඳහා දෙන ලද විවිධ සහනයන් හා සහයෝගයන් නිසා ගොවි ජනතාවට පුළුවන් වුණා මේ බලවත් වර්ධනය ඉටු කරන්න.

Agriculture has shown and impressive 3.9 growth year on year. We all that all know importantly especially main payable half of the population.

ඒවගේම සංචාරක සේවය 12% වර්ධනයකට පරිවර්තනය කරලා තිබෙනවා. ‍‍ කරුණු දෙක නිසා ආර්ථිකයේ යළි පණ ගැන්වීමේ ක්‍රියාමාර්ගයට දැවැන්ත නිෂ්පාදන ශක්තියක් ලබා දීලා තිබෙනවා. කෘෂිකර්මාන්තයට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු අනුව කෘෂිකර්මය නිෂ්පාදනය විශේෂයෙන් සහල් ගොවිතැනේ දෙගුණයක් කිරීමේ ඉලක්කයට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි භූමි භාගය වැඩි කර නොගත්තත් අපිට නිෂ්පාදනය එලෙස වැඩි කරගන්නට ගොවිජනතාවට සහයෝගය දැක්වුවහොත් ගොවිජනතාවගේ ආදායම් මට්ටම් තවත් වැඩිවෙනවා. ඒ සඳහා යන වැය අඩු කර ගැනීමේ නව ක්‍රමවේදයන් දැනට කුඹුරට ගෙනයාමට පුළුවන් තත්ත්වයකට අපි සාකච්ඡා කර තිබෙනවා. මෙය ඉතාම වැදගත්.

මොකද අපේ රටේ අතිමහත් බතුතරය වැවිලි ආර්ථිකය වගේම ආහාර ගොවිතැනින් ලබාගත හැකි ආදායම් මාර්ග වැඩි කිරීමත්, ඩොලර් වලට යන මුදල අපේ රටේ ගොනු ජනතාවට ඉතුරු කර ගැනීමටත් පුළුවන් වෙන තත්ත්වයකට අපිට රට ගේන්න පුළුවන් කමට පැමිණෙනවා.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here