පළමු බැල්මෙන් බැඳි ආදරේ… ඇත්තටම ඒක සාර්ථකද? – Sri News

0
8

ඔය පළමු බැල්මෙන් බැඳි ආදරේ කියන එක නොදන්න කෙනෙක් ඉන්න බෑනේ. අඩු තරමින් තමන්ට එක්ස්පීරියන්ස් නැති වුණත්, අඩු තරමින් ෆිල්ම් එහෙම බලලා තියෙනවා නම් ඕක ගැන ආයෙ ටක්කෙට දැනගෙන ඉන්න ඕන. ඔන්න කෙල්ල එනවා ටියුෂන් ක්ලාස් එක දක්වා වැටුණු මේ මල් පාර දිගේ. කොල්ලා තමන්ගේ රස්ති ගැන්සියත් එක්ක මල් පාර අයිනේ කදේ දාගෙන ඉන්නවා. කොල්ලා මොකක් හරි මෝඩ ජෝක් එකක් ගහලා හිනාවෙන අතරේ අහම්බෙන් දකිනවා බිම බලාගෙන, පොත් මිටියත් පපුවට තුරුලු කරගෙන ලාලිත ගමනින් එන කෙල්ලව. ඒක නිකං කරන්ට් වැදුණා වගේ. කොල්ලට මුළු ලොවම නොපෙනී යනවා. රස්ති ඩයල් එකේ හිනා සද්දේ, පාරේ වාහන යන සද්දේ, එහා කඩේ ප්ලේන්ටි ගහන සද්දේ, ගවයෝ උම්බෑ කියන සද්දේ ඔය ඔක්කොම ඇහෙන්නෙ නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි, අර මල් පාර දිගේ එන කෙල්ලගේ රූපය ඇරෙන්න අවට පේන්න තියෙන අනික් හැම දෙයක්මත් බොඳ වෙලා යනවා. මල් පාර දෙපස මල් ගස් වලින් හෙමිහිට මල් වැටෙනවා කෙල්ල එන මගට. කෙල්ලගේ ඔලුවටත් චූටි මල් පෙති වැටෙනවා. කෙල්ල මූණට වැටුණු කොණ්ඩ කැරැල්ල අරගෙන කරකවලා කණ පිටිපස්සේ රඳවගන්න ගමන් ඇස් උස්සලා බලනවා. එතකොට කෙල්ලගේ ඇස් වලට අහුවෙනවා කටත් ඇරගෙන, ගිණිකණ වැටුණු ගස්ගෝනෙක් වගේ කෙල්ල දිහා බලාගෙන ඉන්න අර කොල්ලව. ඇස් වලට ඇස් යාවෙනවා. ඇස් හිනාවෙනවා. මල් වැස්සක් වහින්න පටන් ගන්නවා. කෙල්ල ලැජ්ජාවෙන් හිනා වෙලා බිම බලලා ආයෙමත් මද සිනාවෙන්, හොරැහින් කොල්ලා දිහා බලනවා. පිංවතුනි, සිංදුව ස්ටාට් වෙනවා….

 

දැන් ඕක බොලිවුඩ් පිචර් එකක කෑල්ලක් වගේ පෙනුනට, අඩුවැඩි වශයෙන් ලව් ඇට් ෆස්ට් සයිට් කියලා සිද්ධ වෙන්නෙ ඕකනේ, නැද්ද හා? ඉතින් ඒ නිසා අපි හිතුවා ඇත්තටම ලව් ඇට් ෆස්ට් සයිට් නැතිනම් පළමු බැල්මෙන් බැඳි ආදරේ කොයි තරම් දුරට සාර්ථකද අසාර්ථකද කියලා පොඩ්ඩක් කතා කරලා බලන්න.

 

අනිවාර්යයෙන්ම ඔව්. නැත්තං මිනිස්සු පිස්සුවටැයි ඒ ගැන කවි සිලෝ ගී ලියන්නේ? චිත්‍රපටි හදන්නේ? පොත් ලියන්නේ? සමහරු කියන්නේ මේ පළමු බැල්මෙන් බැඳෙන ආදරේ කියන්නේ ඇත්ත දෙයක් නෙවෙයි, මොහොතක ෆැන්ටසියක් කියලා. හැබැයි අපි හිතන්නේ ඊට වඩා ටිකක් වෙනස් විදියට. ඒක අර අපි කෙනෙක්ව ක්‍රම ක්‍රමයෙන් අඳුනගන්නකොට ක්‍රමයෙන් ඇති වෙන ආකර්ෂණය, ආදරය වගේම දෙයක්. හැබැයි ඒ හැඟීම් ඔක්කොම සම්පූර්ණයෙන්ම ඇස් වලට පේන දේ (සමහර විට කන් වලට ඇහෙන දේ, දැනෙන සුවඳ වෙන්නත් පුළුවන්) මත පදනම් වෙලා එක පාරටම කඩාගෙන එනවා. ඒ නිසා තමයි ඒක මේ තරම් ප්‍රබල වෙන්නේ.

එතකොට ඒ ලව් ඇට් ෆස්ට් සයිට් නැතිනම් පළමු බැල්මෙන් ආදරේ සාර්ථක වෙනවද කියන එක නම් වෙනම කතාවක්. ඒක අපි තව ඉස්සරහට කතා කරමු. 

 

ආන්න ඒකට ඉතින් ලව් කියන්නේ මොකද්ද කියලා අඳුනන කෙනෙක්ට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. හැබැයි ඉතින් ඔය ගැන දන්න අය කියලා තියෙන ලක්ෂණ ටික අපිට ආයෙමත් කියන්න පුළුවන්. පළවෙනි එක තමයි ඇඩ්‍රිනලීන් රෂ් එකක් ඇතිවෙන එක. ආයෙ අර බඩේ සමනල්ලු පියඹනවා වගේ දැනෙන්නේ ඒකත් එක්ක තමයි. එතකොට ඒ එක්කම අර කතික තරග වල කප් ගහපු එකෙක්ට පවා හෙනම නර්වස්, කතා කරගන්න බැරි හැඟීමක් ඇතිවෙනවා. ඔය එක්කම අපිට මාරම හුරුපුරුදු ගතිය දැනෙනවා ඒ කෙනා ගැන. ඒ කියන්නේ අපි කෙනාව දකින්නේ පළමු බැල්මෙන් වුණත්, කාලයක් තිස්සේ අඳුනනවා වගේ හුරුපුරුදු ගතියක් දැනෙනවා. ඒකත් එක්ක ඉතින් එනවා ආකර්ෂණයක්. ඒක නිකම් කාන්දම් බලයක් වගේ. එතන ලිංගික ආකර්ෂණයක් වුණත් තියෙන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. සාමාන්‍යයෙන් කෙනෙක්ව දැන අඳුන ගන්නකොට ක්‍රමයෙන් ඇතිවෙන ආදරේට වඩා මේක බොහොම උද්වේගී, තීව්‍ර හැඟීමක්. ඒ කියන්නේ අර ක්‍රමයෙන් වර්ධනය වෙන ආකර්ෂණය එක බැල්මකින් දැනෙනවා කියන්නේ මාරම ඉන්ටෙන්ස් හැඟීමක්. 

 

ආකර්ෂණය තමයි මනුස්සයෝ. ආයෙ නැත්තං වෙන මොකද්ද? ඇත්තටම ඔය ලව් ඇට් ෆස්ට් සයිට් වගේ සීන් එකක් අපි කොයි තරම් අයිසින් දාලා කිවුවත්, ඇත්තටම වෙන්නේ අපේ ඇස්වලට අහුවෙන රූපේ එක්ක ආකර්ෂණයෙන් බැඳීමක් නෙවෙයිද? ඒක සමහර වෙලාවට කලාතුරකින් හරි ඇහෙන දේත් එක්ක ඇතිවෙන ආකර්ෂණයක් වෙන්න පුළුවන්. සමහරු ඉතින් ඕක සංසාර පුරුද්ද, සංසාරගත බැඳීම වගේ වෙනම ලයින් එකකින් එක්ස්ප්ලේන් කරන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම කිවුවත් ඕක ආකර්ෂණය තමයි. ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? නෑනේ. ආකර්ෂණය එක්ක කෙනෙක්ට බැඳෙන අපි සදාකල් එකට ජීවත් වෙන බැඳීමක් දක්වා වුණත් යනවා වෙන්න පුළුවන්. ඒක දෛවයේ ලියැවිලා තියෙනවද නැද්ද කියලා අපි දන්නෙ නෑ. හැබැයි දෙන්නා කම්පැටිබල් නම් ඒක දෙන්නගේ දෛවය වෙන්නත් පුළුවන්. අපි දන්නෑ. 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here